The Dhammapada – ධම්මපදය – පණ්ඩිත වග්ගය – 02
ඕවදෙය්‍යනුසාසෙය්‍ය – අසබ්භා ච නිවාරයේ
සතං හි සෝ පියෝ හෝති – අසතං හෝති අප්පියෝ
සතං හි සෝ පියෝ හෝති – අසතං හෝති අප්පියෝ
කළ්‍යාණ මිත‍්‍රයා වරදින් මිදෙන්ට අවවාද කරනවා. යහපතේ හැසිරෙන්ට අනුශාසනා කරනවා. පව් වලින් වළක්වාගන්නවා. එබඳු කළ්‍යාණ මිත‍්‍රයන්ව නුවණැති සත්පුරුෂයන්ට හරි ප‍්‍රියයි. නමුත් අසත්පුරුෂයින්ට ඔවුන්ව අප‍්‍රියයි.
(ජේතවනාරාමයේදී අස්සජි පුනබ්බසුක දෙදෙනා අරභයා වදාළ ගාථාවකි ෴)