The Dhammapada – ධම්මපදය – පණ්ඩිත වග්ගය – 03
න භජේ පාපකේ මිත්තේ – න භජේ පුරිසාධමේ
භජේථ මිත්තේ කල්‍යාණේ – භජේථ පුරිසුත්තමේ
භජේථ මිත්තේ කල්‍යාණේ – භජේථ පුරිසුත්තමේ
පාප මිත‍්‍රයන්ව ඇසුරු කරන්ට එපා. පහත් අදහස් ඇති පුද්ගලයන්වත් ඇසුරු කරන්ට එපා. කළ්‍යාණ මිත‍්‍රයන්ව ඇසුරු කරන්න. සීල, සමාධි, ප‍්‍රඥා ආදී ගුණ දහම් පිරුණු උතුම් පුද්ගලයන්ව ඇසුරු කරන්න.
(ජේතවනාරාමයේදී ඡන්න තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)