Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – පණ්ඩිත වග්ගය – 09

න අත්තහේතු න පරස්ස හේතු – න පුත්තමිච්ඡේ න ධනං න රට්ඨං
න ඉච්ඡෙය්‍ය අධම්මේන සමිද්ධිමත්තනෝ – ස සීලවා පඤ්ඤවා ධම්මිකෝ සියා
නුවණැත්තා තමන් සඳහාවත් පව් කරන්නෙ නෑ. අනුන් නිසාවත් පව් කරන්නෙ නෑ. ඔහුට අධාර්මිකව ලැබෙන දූ දරුවො ඕනෙත් නෑ. ධනයක් ඕනෙත් නෑ. කොටින්ම අධාර්මිකව ලැබෙන කිසි දියුණුවකට ඔහු කැමති නෑ. ඇත්තෙන්ම ඔහු සිල්වතෙක්. ප‍්‍රඥාවන්තයෙක් වගේම ධාර්මික කෙනෙක් වෙනවා.
(ජේතවනාරාමයේදී ධම්මික තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X