The Dhammapada – ධම්මපදය – පණ්ඩිත වග්ගය – 11
යේ ච ඛෝ සම්මදක්ඛාතේ – ධම්මේ ධම්මානුවත්තිනෝ
තේ ජනා පාරමෙස්සන්ති – මච්චුධෙය්යං සුදුත්තරං
තේ ජනා පාරමෙස්සන්ති – මච්චුධෙය්යං සුදුත්තරං
තථාගතයන් වහන්සේ නමක් විසින් ඉතා පිරිසිදුව පවසන ලද බුදු සසුන තුළ යම් කෙනෙක් ඒ ධර්මයට අනුකූල ජීවිතයක් ගෙවනවා නම්, අන්න ඒ උදවිය එතෙර වෙන්ට ඉතාමත් දුෂ්කර වූ මේ මාර උගුලෙන් ගැලවෙලා සංසාරෙන් එතෙර වීම වූ නිවන කරාම යනවා.
(ජේතවනාරාමයේදී දහමට සවන් දීම අරභයා වදාළ ගාථාවකි ෴)