The Dhammapada – ධම්මපදය – අරහන්ත වග්ගය – 02
උය්‍යුඤ්ජන්ති සතීමන්තෝ – න නිකේතේ රමන්ති තේ
හංසා’ව පල්ලලං හිත්වා – ඕකමෝකං ජහන්ති තේ
හංසා’ව පල්ලලං හිත්වා – ඕකමෝකං ජහන්ති තේ
ඒ රහතන් වහන්සේලා සතර සතිපට්ඨානයේ සිහිය පිහිටුවාගෙනමයි ඉන්නෙ. සමථ – විදර්ශනාවේ මයි නැවත නැවත යෙදෙන්නෙ. සිව්පසයට හිත ඇලෙන්නෙ නෑ. ඒ නිසා උන්වහන්සේලා වැඩසිටින හැම තැනක්ම අත්හැරලා බැඳීම රහිත සිතින් පිටත්වෙලා යන්නෙ විල අත්හැරලා පියඹා යන හංසයන් වගේ.
(වේළුවනයේදී මහා කස්සප තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴