The Dhammapada – ධම්මපදය – අරහන්ත වග්ගය – 03
යේසං සන්නිචයෝ නත්ථි – යේ පරිඤ්ඤාතභෝජනා
සුඤ්ඤතෝ අනිමිත්තෝ ච – විමොක්ඛෝ යේස ගෝචරෝ
අකාසේ’ව සකුන්තානං – ගති තේසං දුරන්නයා
සුඤ්ඤතෝ අනිමිත්තෝ ච – විමොක්ඛෝ යේස ගෝචරෝ
අකාසේ’ව සකුන්තානං – ගති තේසං දුරන්නයා
ඒ රහතන් වහන්සේලා තුළ සිව්පසය රැස් කිරීමක් නෑ. වළඳින දානයේ යථාර්ථය උන්වහන්සේලා දන්නවා. උන්වහන්සේලාට ශුන්‍යතා සමාපත්තියත්, අනිමිත්ත සමාපත්තියත් නිවනත් අරමුණු වෙලයි තියෙන්නෙ. අහසේ පියඹා ගිය කුරුල්ලන්ගේ ගමන් මග කාටවත් දකින්නට බෑ. ඒ වගේම ඒ රහතුන් වැඩිය මගත් කාටවත් දකින්නට බෑ.
(ජේතවනාරාමයේදී බේලට්ඨිසීස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)