The Dhammapada -ධම්මපදය – අරහන්ත වග්ගය – 04
යස්සාසවා පරික්ඛීණා – ආහාරේ ච අනිස්සිතෝ
සුඤ්ඤතෝ අනිමිත්තෝ ච – විමොක්ඛෝ යස්ස ගෝචරෝ
ආකාසේ’ව සකුන්තානං – පදං තස්ස දුරන්නයං
සුඤ්ඤතෝ අනිමිත්තෝ ච – විමොක්ඛෝ යස්ස ගෝචරෝ
ආකාසේ’ව සකුන්තානං – පදං තස්ස දුරන්නයං
ඒ රහතන් වහන්සේලා සියලූ කෙලෙස් නැතිකරලයි ඉන්නෙ. වළඳන දානෙ ගැන සිතේ ඇල්මක් නෑ. සුඤ්ඤත සමාපත්තියත්, අනිමිත්ත සමාපත්තියත්, නිවනත් අරමුණු වෙලයි ඉන්නෙ. අහසේ පියාඹා ගිය කුරුල්ලන්ගේ පා සටහන් කාටවත් දැකගන්නට බෑ. ඒ වගේම නිවනට වඩින රහතුන්ගේ පිය සටහන් කාටවත් දැකගන්ට බෑ.
(වේළුවනයේදී අනුරුද්ධ තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)