The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 10
අභිවාදනසීලිස්ස – නිච්චං වද්ධාපචායිනෝ
චත්තාරෝ ධම්මා වඞ්ඪන්ති – ආයු වණ්ණෝ සුඛං බලං
චත්තාරෝ ධම්මා වඞ්ඪන්ති – ආයු වණ්ණෝ සුඛං බලං
සිල්වත් උතුමන්ට වන්දනා කරනවා නම්, ගුණයෙන්, නුවණින් වැඩිහිටියන්ට නිතර සළකනවා නම්, ඔහු තුළ ආයුෂ, වර්ණය, සැපය, බලය යන මේ ගුණ හතරම වැඩෙනවා.
(දීඝලම්බක වනයේදී දීඝායු කුමරු අරභයා වදාළ ගාථාවකි ෴)