The Dhammapada – ධම්මපදය – පාප වග්ගය – 06
මා’වමඤ්ඤේථ පාපස්ස – න මන්තං ආගමිස්සති
උදබින්දුනිපාතේන – උදකුම්භෝ’පි පූරති
පූරති බාලෝ පාපස්ස – ථෝකථෝකම්පි ආචිනං
උදබින්දුනිපාතේන – උදකුම්භෝ’පි පූරති
පූරති බාලෝ පාපස්ස – ථෝකථෝකම්පි ආචිනං
“ඕක ඉතින් පොඩි පවක් නෙ” කියලා තමන්ට විපාක දෙන්ට තමා කරා එන්නෙ නෑ කියලා ගණන් නොගෙන ඉන්ට එපා. වතුර වුණත් බිංදුව බිංදුව වැටිලා තමයි කලයක් පිරෙන්නෙ. අඥාන පුද්ගලයාත් ටික ටික වුණත් පව් කරන කොට, ඒ පව් එකතුවෙලා අන්තිමේදී ජීවිතය පව් වලින්ම පිරිලා යනවා.
(ජේතවනාරාමයේදී සඟසතු දේ ගැන නොසැළකිලිමත් වූ භික්ෂුවක් උදෙසා වදාළ ගාථාවකි ෴)