The Dhammapada – ධම්මපදය – පාප වග්ගය – 11
ගබ්භමේ’කේ උප්පජ්ජන්ති – නිරයං පාපකම්මිනෝ
සග්ගං සුගතිනෝ යන්ති – පරිනිබ්බන්ති අනාසවා
සග්ගං සුගතිනෝ යන්ති – පරිනිබ්බන්ති අනාසවා
සමහර කෙනෙක් ආයෙමත් ගර්භාෂයක උපදිනවා. පව් කරගත්තු උදවිය නිරයේ උපදිනවා. පින් කරගත්තු උදවිය සුගතියෙ උපදිනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරපු මුනිවරු ආස්රව නැතිකරලා පිරිනිවන් පානවා.
(මණිකාර කුලූපගතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)