The Dhammapada – ධම්මපදය – දණ්ඩ වග්ගය – 03
සුඛකාමානි භූතානි – යෝ දණ්ඩේන විහිංසති
අත්තනෝ සුඛමේසානෝ – පෙච්ච සෝ න ලභතේ සුඛං
අත්තනෝ සුඛමේසානෝ – පෙච්ච සෝ න ලභතේ සුඛං
හැම සත්වයෙක්ම සැප විඳින්ට කැමතියි. ඉතින් තමන්ගේ සැප හොයන්ට ගිහින් වෙන සතුන්ට දඬු මුගුරු වලින් හිංසා කළොත් ඔහුට පරලොවදී සැපක් නම් ලැබෙන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී කුඩා දරුවන් පිරිසක් අරභයා වදාළ ගාථාවකි ෴)