The Dhammapada – ධම්මපදය – දණ්ඩ වග්ගය – 05
මා’වෝච ඵරුසං කඤ්චි – වුත්තා පටිවදෙය්‍යු තං
දුක්ඛා හි සාරම්භකථා – පටිදණ්ඩා ඵුසෙය්‍යු තං
දුක්ඛා හි සාරම්භකථා – පටිදණ්ඩා ඵුසෙය්‍යු තං
කාටවත්ම නපුරු වචන කියන්ට එපා. නපුරු වචන කියන්ට ගියොත් අනිත් උදවිය ඔබට පෙරලා, නපුරු වචන කියාවි. රණ්ඩු ඇතිවෙන කතා බස් ඇති කරගැනීම දුකක්. එයින් ඔබටමයි පෙරළා කරදර වෙන්නෙ.
(ජේතවනාරාමයේදී කුණ්ඩධාන තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)