The Dhammapada – ධම්මපදය – දණ්ඩ වග්ගය – 07
යථා දණ්ඬේන ගෝපාලෝ – ගාවෝ පාචේති ගෝචරං
ඒවං ජරා ච මච්චු ච – ආයුං පාචෙන්ති පාණිනං
ඒවං ජරා ච මච්චු ච – ආයුං පාචෙන්ති පාණිනං
ගොපල්ලෙක් කෙවිටෙන් පහර දිදී – හරකුන්ව ගොදුරු බිමට දක්කනවා වගේ, මේ ජරා – මරණ දෙකත් ඒ විදිහටම සත්වයන්ගේ ආයුෂ අවසන් කරලා දානවා.
(පූර්වාරාමයේදී පොහෝ දින සිල් ගැනීම අරභයා වදාළ ගාථාවකි ෴)