The Dhammapada – ධම්මපදය – දණ්ඩ වග්ගය – 13
න නග්ගචරියා න ජටා න පංකා – නානාසකා ථණ්ඩිලසායිකා වා
රජෝ ච ජල්ලං උක්කුටිකප්පධානං – සෝධෙන්ති මච්චං අවිතිණ්ණකංඛං
රජෝ ච ජල්ලං උක්කුටිකප්පධානං – සෝධෙන්ති මච්චං අවිතිණ්ණකංඛං
අන්ධබාල පෘථග්ජන සත්වයා පිරිසිදු වෙන්ට හිතාගෙන නිර්වස්ත‍්‍රව තපස් රැක්කට, ඔළුවෙ ජටා බැඳගෙන හිටියට, දත් මැලියම් බැඳුණට, නොයෙක් ව‍්‍රත සමාදන් වුණාට, නොයෙක් ආසන ක‍්‍රමවලට වාඩිවුණාට, ඇඟ පුරා අළු දූවිලි තවරගත්තට, උක්කුටිකයෙන් වාඩිවෙලා හිටියට, ඔවුන් ඉන්නේ සැකයෙන් එතෙර නොවී නිසා, ඔවුන් පිරිසිදු වෙන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී එක්තරා බහුභාණ්ඩික භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි ෴)