The Dhammapada – ධම්මපදය – දණ්ඩ වග්ගය – 14
අලංකතෝ චේ’පි සමං චරෙය්ය – සන්තෝ දන්තෝ නියතෝ බ්රහ්මචාරී
සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං – සෝ බ්රාහ්මණෝ සෝ සමණෝ ස භික්ඛු
සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං – සෝ බ්රාහ්මණෝ සෝ සමණෝ ස භික්ඛු
ලස්සනට හැඳ – පැළඳගෙන හිටියත්, ඒ තැනැත්තා ධර්මයේ හැසිරුනොත්, ශාන්ත වුණොත්, ඉන්ද්රිය දමනයෙන් යුක්ත වුණොත්, නිවන් මගේ ස්ථිරව පිහිටියොත්, බ්රහ්මචාරී වුණොත්, සියළු සත්වයන් කෙරෙහි දඬු මුගුරු අත්හැරියොත්, ඔහු තමයි නියම බ්රාහ්මණයා. ඔහු තමයි නියම ශ්රාවකයා. ඔහු තමයි නියම භික්ෂුව.
(ජේතවනාරාමයේදී සන්තනි ඇමතියා අරභයා වදාළ ගාථාවකි ෴)