The Dhammapada – ධම්මපදය – බුද්ධ වග්ගය – 06
ඛන්තී පරමං තපෝ තිතික්ඛා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
න හි පබ්බජිතෝ පරූපඝාතී
සමණෝ හෝති පරං විහේඨයන්තෝ
ඉවසීම කියන ක්ෂාන්තියයි උතුම් තපස කියලා කියන්නෙ. බුදුවරයන් වහන්සේලා පවසන්නේ ඒ අමා නිවනම උතුම් කියලයි. අනුන් නසන කෙනෙක් පැවිද්දෙක් වෙන්නෙ නෑ. අනුන්ට හිංසා කරන කෙනා ශ්රමණයෙක් වෙන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී ආනන්ද තෙරුන් ඇසූ ප්රශ්නයකට පිළිතුරු වශයෙන් වදාළ ගාථාවකි ෴)