The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 09
හංසාදිච්චපථේ යන්ති – ආකාසේ යන්ති ඉද්ධියා
නිය්‍යන්ති ධීරා ලෝකම්හා - ජිත්වා මාරං සවාහිනිං
හංසයෝ අහසේ පියාඹා යනවා. ඉර්ධිමත් රහතන් වහන්සේලාත් අහසින් වඩිනවා. ඒ නුවණැති මුනිවරු, සේනා සහිත මාරයාව පරදවලා, මේ ලෝකෙනුත් නිදහස් වෙලා, නිවනට වඩිනවා.
(ජේතවනාරාමයේදී භික්ෂූන් තිස් නමක් අරභයා වදාළ ගාථාවකි ෴)