වත්මන් සමාජයට බෞද්ධ දර්ශනයේ ගැලපීම….
ශ්‍රී ලංකාව බෞද්ධ රටක්. බුදු දහමේ බලය නිතැතින් ම රඳා පැවතිය යුතු රටක්.
බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලාංකිකයන් කෙරෙහි විශේෂ විශ්වාසයක් තැබුවා. එහෙත් පොදු ජන ජීවිතය සුරක්ෂිත කිරීම සඳහා ජනතා මුදලින් හා ශ්‍රමයෙන් නඩත්තු වන,දේශපාලන, ආගමික ,සංස්කෘතික හා සාමාජික සංස්ථාවල නාය යාමක් දැකිය හැකියි.
මේවා ක්‍රියාත්මක වන්නේ ජන ජීවිතය පහසු කරවීමට නම්, ඒවායේ ක්‍රියාකාරීත්වය ජනතා අභිලාෂයන් මුදුන්පත් කළ යුතුයි. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බලයට පත්වූ රජයන් බුදු බුදුදහමේ හරය තේරුම්ගෙන පාලන කටයුතු සංවිධානය කර ගෙන නැති බව පෙනි යන්නක්. විදේශ ආධාර හා උපදෙස් ගනිමින් කාලය ගත කළා විනා බුදු දහමේ දැක්වෙන දර්ශනය තේරුම් ගෙන නොමැති බවක් පෙනී යයි .
බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ ධර්මය ආරක්ෂා කොට ධර්මය පිහිට කොට ධර්මය දායාද කොට ජීවත් වන කලාවක්. එහෙත් වර්තමානයේ බොහෝ කොට කෙරෙන්නේ ආගමට මුවාවී සිටිමින් යාග හෝම ශාන්තිකර්ම ආදිය මඟින් යහපත බලාපොරොත්තු වීම පමණයි. මෙය පිරිහෙන සමාජයක පෙර නිමිති.
පිරිසිදු වීම හෝ අපිරිසුදු වීම තමා විසින්ම කළ යුතුයි. එය තව කෙනෙකුට කළ නොහැක්කක්.
බුදුදහම අනුව ලොව මුලින්ම රජකු පහළ වූයේ කරුණු දෙකක් මුල්කරගෙනයි.
ආහාර හොරකම් කිරීමෙන් වැළැක්වීම, සතුරු උවදුරු හානි කිරීම, අරමුණු කරගෙනය. සාමාන්‍ය ජනතාව තමා සතු බලතල එක් පුද්ගලයකුට ඉහත අරමුණු ඉටුකර ගැනීම සඳහා පවරා දුන්නා. මුලදී සාමාන්‍ය බලතල සහිතව සිටි රජු පසුව බූපති ,භූමි ස්වර භූමිපාල යන අභිධාන සහිතව අසීමිත බලතල සහිත උනා.
වර්තමානය වන විට මේ අසීමිත බලතල රජු වෙනුවට රජයට පැවරී තිබුණා. පොදු මහජනතාව තමා සතු මේ අසීමිත බලතල රජයට පවරා ඇති බැවින් ජන ජීවිතය සුරක්ෂිත කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීම රජයේ යුතුකමක් ව තිබුණා.
උසස් දැහැමි පාලනයක් ගෙන යාම සඳහා දේශපාලන නායකයන් අනුගමනය කළ යුතු ආදර්ශවත් කරුණු රාශියක් දසරාජධර්ම, සප්ත අපරිහානීය ධර්ම, සතර සංග්‍රහ වස්තු, ආදී දහම් වල ගැබ්ව තිබුණා.
බොහෝ දේශපාලඥයන් වාසි ප්‍රමානයට ත් වඩා ලබාගෙන. වාසි ලබා ගැනීමට වෑයම් කරන අතරම තම යුතුකම් කොටස් හඳුනන්නේ වත් නැති සෙයක් දක්නට ලැබුණා.
මෙබඳු සමාජයක අපරිහානි යක් දැකිය නොහැකියි.
බුදුරජාණන් වහන්සේ පිරිනිවනට සූදානම් වන විට ආනන්ද හිමියන් පැමිණ අනාගත ශාසනයේ ශාස්තෘවරයා කවරෙක් දැ යි ප්‍රශ්න කරනවා.
එවිට බුදුරජාණන් වහන්සේ මා ද ගුරු තන්හි තබා කටයුතු කළ ධර්ම විනය අනාගත ශාස්තෘන් වහන්සේ වන බව දේශනා කලා.
විනය යනු සංඝ ශාසනයේ චිර පැවැත්ම සඳහා දේශනා කළ නීති රීති මාලාව. විනය නීති හොඳින් රැකීම අනාගත ශාසනයේ චිර පැවැත්මට හේතු වන බව උන් වහන්සේ දුටුවා.
රටක රජුගේ ප්‍රධාන කාර්යයක් වන්නේ රටත් නීතියත් පිහිටුවීම, නීතියේ ආධිපත්‍යය සුරකින සමාජයක් සාමකාමී පොදු මහජනතාව වෙත එල්ල වන උවදුරු නැති ජීවිතය සුරක්ෂිත කිරීම.
රජයක පරම එහෙත් වර්තමාන ශ්‍රී ලංකාව තුළ කිසිසේත් ක්‍රියාත්මක නොවන බව පෙනී යන්නක්.
පොදු සමාජය තුළ නීතියක් දැකිය නොහැකි තරමට නීතියේ ආධිපත්‍ය පිරිහිලා තියෙනවා. බිය හා සැකය වී තියෙනවා. ප්‍රජා පාලනයට සමාජ සාමයට නීතිය අධිකරණය ඉතා වැදගත් වෙනවා. අධිකරණ විෂයේදී බුදුරජාණන්වහන්සේ ඉතා දක්ෂ බැව් භික්ෂූන් වහන්සේලාගේ ප්‍රශ්න විසදු ආකාරයෙන්ම පෙනී යනවා.
රටක පොදු ජනතාවගේ සාමකාමී ජන ජීවිතය සුරක්ෂිත කිරීම, බිය සැක නැති කිරීම, රජයක යුතුකමක්. එය පැහැර හැරීම රජයක් තම වගකීම පැහැර හැරීමයි.
දිළිඳුකම සමාජයට ශාපයක්. පරිත්‍යාගය ඉතා උතුම් දෙයක්. ලෙස බුදුරජාණන් වහන්සේ හැම විට ම දේශනා කොට තිබෙනවා. රජ කෙනෙකු පළමුවෙන් තෝරා ගැනීමේ එක් අරමුණක් වූයේ ආහාර සොරා ගන්නන් ගෙන ආරක්ෂා කිරීම රටක ජාතික ධනය සමසේ බෙදී යාමට සැලැස්වීමට දිළිඳුකම නැති කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රජය හැම විට ම කැප වී සිටිය යුතුයි.
එහෙත් අවාසනාවකට මෙන් පොදු ජනතාව අතර සම සේ බෙදී යන්නේ රජයක් ගන්නා ණය මුදල් පමණයි. බුදුරජාණන් වහන්සේ දිළිඳුකම ලොවක් විනාශය කරා ගෙන යන ආකාරය චක්කවත්ති සිහනාද සූත්‍රයේ දී පැහැදිලිව දේශනා කොට තිබෙනවා.
මහණෙනි දුප්පතුන්ට ධනය නො දෙන කල්හි දිළිදුකම අතිශයින් පැතිර ගියේය. දිළිඳු බව පැතිර ගිය කල්හි සොරකම පැතිර ගියේය. සොරකම පැතිරී ගිය කල්හි ආයුධ වැඩී ගියේය.
අවි ආයුධ වැඩි වී ගිය කල්හි සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. ආයුෂයෙන් පිරිහෙනු ලබන්නාවූ වර්ණයෙන් පිරිහෙනු ලබන්නා වූ අසූ දහසක් ආයු ඇති සත්වයෝ හතළිස් දහසක් ආයුෂ ඇත්තෝ වූහ .
මහණෙනි පන් සියයක් ආයු ඇති වූ කල්හි අධර්ම රාගය ද ,250 ක් ආයු ඇති කල්හි මව කෙරෙහි වරදවා පිළිපැදීමද, පියා කෙරෙහි වරදවා පිළිපැදීම, ශ්රමණයන් කෙරෙහි වරදවා පිළිපැදීම ද, මහණෙනි මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි සතුරු වී ලුණුවල රස නැති වන්නේය.
ඒ සත්වයන් ඔවුනොවුන් කෙරෙහි කෝපය ව්‍යාපාදය වැඩි චිත්තය ඇතිවන්නේය ආයුධවලින් ඇණ කොටා විනාශ වන කාලය වන්නේය. සමාජයක් අගතියට යාමේ රහස දිළිඳුකම බව මෙයින් පැහැදිලි වෙයි .
සමාජයක සිදුවන සියලු ප්‍රශ්න වලට දිළිදුකම බලපා ඇති බව මෙයින් පෙනේ. ධනය ඇති පුද්ගලයා හැමවිට ම නැති පුද්ගලයා දෙස බැලිය යුතුය. දිළිඳුකම නැති කිරීමට උත්සාහ කිරීම රජයට පරම යුතුකමක් වනවා මෙන්ම ඇති සෑම කෙනෙකුගේම ද යුතුකමකි.
එක සාමයත් පැවතිය හැක්කේ එවිට පමණි .
ලෝකය තුළ පළමු වරට මහජන මතයක් උඩ පාලන ක්‍රමයක් ලොවට විදහා පෙන්වූ එම පුද්ගලයා බුදුරජාණන් වහන්සේයි. නිදහස් අදහස් දැරීමට හා ප්‍රකාශ කිරීමට මහජනතාවට අයිතිය සලසා දුන්නේය. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට විනය නීති පැනවීමේදී බහු ජන මතය අනුව ක්රියජන මතය අනුව ක්‍රියා කළ බැව් පැහැදිලිය. එසේම කාලයට හා අවස්ථාවට සුදුසු පරිදි මහජනතාවගේ උණ භික්ෂූන් වහන්සේලාට ක්‍රියා කිරීමට ඉඩ ලබා දී තිබුණි.
ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම නිදහස් අදහස් බල පැවැත්වීමටත් සර්වජන ඡන්දය හැම දේකදිම උසස් බවත් උන්වහන්සේ දේශනා කර ඇත.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ගැබ්වන දර්ශනය උන්වහන්සේ දේශනා කළ සමාජ සංශෝධන හා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මගින් වත්මන් සමාජය පහසුවෙන් සුමගට ගැනීමට හැකියාවක් ඇත .
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood