Temples of Sri Lanka

අනිත්‍ය තුලවූ නිත්‍ය බව…

එකම නිත්‍ය දෙය අනිත්‍යද…?

ලොව පුරා වසන බෞද්ධ ජනයාගේ පරම පූජනීය වූ දිනය වන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය . සසර දුක් විඳින අනන්ත අපරිමාණ සත්ත්වයන් කෙරෙහි පතල මහා කරුණාවෙන්, අතට පත් නිවන හැර හැරදමා ඉක්මන් පාරක් කරා නොපෙනෙන සසරට පත් දිය උතුරා බුදුරජාණන් වහන්සේ බුදු බව වෙනුවෙන් පෙරුම් පිරූ ශාස්තෲවරයාණන් වහන්සේගේ උප්පත්තිය උත්පත්තිය බුද්ධත්වය හා පරිනිර්වාණය යන අසිරිමත් බුදු තෙමගුල සිහිපත් කරන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය තරම් වැදගත් සුවිශේෂි වෙනත් දිනයක් බෞද්ධයාට තිබිය හැකිද

ලොවුතුරා බුදුන් වහන්සේගේ ලොව පහළවීමෙන් මුළුමහත් ලෝකයටම අලුත් දර්ශනයක් ලැබුණි අලුත් ප්‍රඥාවක් ලැබුණි දෙසැටක් මිසදිටු අදහස් වලින් අපවිත්‍රව තිබූ භාරත සමාජයට හසරක් නොදැක වල්මත් වෙමින් සිටි භාරත සමාජයට අවිදු අඳුරේ මුලාවී සිරුරට දැඩි සේ දුක් විඳීමෙන් සිරුරට දැඩි සේ සැප සැලසීමෙන් විමුක්තිය සොයමින් සිටි භාරත සමාජයට මැදුම් පිළිවෙත මත සකස් වූ චක්ඛු කරණී ඤාණ කරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති යනුවෙන් අවධාරණය කළ පරිදි ඇස පාදන ඤාණය පහළ කරවන අවිඥානය නිර්මාණය කරවන නිර්මාණයට මග කියන උතුම් දහමක් ලැබුණි මායාවෙන් ද සත්‍යයේ චායාවෙන් ද මං මුලා වී සිටින ජනතාවට නිසි මග පාදා දෙන්නේ උතුම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින්

එදා සමාජය හා අද සමාජය අතර සමානකමක් ඇත්තටම නැද්ද…

මේ කාරණය නැණින් නුවණින් ගැඹුරින් විමසීමට හොඳම දිනය දිනය ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෙස සලකමු නූතන සමාජය බෙහෙවින් සංකීර්ණ සමාජ සම්මත සාරධර්ම විනාශ වී ගොස් ඇති අතර අවම මනුෂ්‍යත්වය පවා රැකගෙන ජීවත් වීමට මිනිසාට විශාල සටනක් කිරීමට සිදුව තිබෙනවා

මිනිසත් බවේ වටිනාකම තුනී වී යටපත් වී ගොස් රුපියල් ශත රජ වූ යුගයක් නිර්මාණය වෙලා තිබෙනවා මහ පොළොව නුහුළන තරම් අපරාධ මේ ධර්මද්වීපයේ න් වාර්තා වන්නේ ඒ නිසයි සමාජය තුළ රැඳී සිටීමට ජීවත්වීමට හැකි තාක් වේගයෙන් සමාජයෙන් ඈත් වී සිටීමට හිතෙන තරමටම සමාජය අපරාධ වලින් බහුල වෙලා

එහෙත් මේ කිසිවෙක් කම්පා වීමට හෝ හඬා දොඩා වැළපීමට හෝ හේතුවක් කර නොගත යුතුයි ගමත් පන්සලත් වැවත් දාගැබත් සංස්කෘතියෙන් පණ පෙවුණු රටක් මේ තරම් වේගයෙන් විනාශය කරා ඇදී ගියේ ඇයි දැයි සිතමින් හූල්ලමින් කටයුතු කරනවට වඩා මෙවැනි සමාජ ක්‍රමයක් තුළ දැහැමිව ජීවත් වන්නේ කෙසේ දැයි කල්පනා කිරීම අතිශය වැදගත් කරුණක්

ලොවුතුරා බුදුන් වහන්සේගේ පින් සිරිබර බුදු මුව කමලෙන් ගලා ගිය බුදු බණට අනුව හේතුඵල න්‍යායෙන් තොරව ලොව කිසිවක් සිදුවන්නේ නැහැ එය එසේ නම් වර්තමාන සංකීර්ණ අඳුරු සමාජයට ද හේතුවක් තිබේ ඒ හේතුව නැනි නුවණින් වටහා ගැනීම බෞද්ධයාගේ වගකීමක්

“අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා” යනුවෙන් වරක් එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේය ඇතුළෙත් අවුල් පිටතත් අවුල් මේ අවුල් වලට හේතුව කුමක්ද යන්නයි

මෙම ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දුන් සරල කෙටි පිළිතුර වුණේ “තණ්හා ජටා” යන්නයි එනම් මේ සියලු අවුල් වලට එකම හේතුව තණ්හාව බවයි

තන්හාව යනු ගැඹුරින් විවරණය කිරීමට මෙය අවස්ථාවක් නම් නොවෙයි මිනිස් සිත තුළ අතෘප්තිය පදනම් කරගෙන ඇතිවන අසීමිත ආශාවන් තණ්හාව වශයෙන් සරල ලෙස හඳුන්වමු මිනිස් සිත පහසුවෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ ඇස නලවන කන පිනවන දිව රස ගන්වන නාසයට සුවඳ රැගෙන එන කයට දැනෙන සුමුදු ස්පර්ශය හරහා ඒ පංචකාම සම්පත්තියට මිනිසා අසීමිත ලෙස ප්‍රේම කරනවා ලොව තුල ගැටුම් කෝලාහල නිර්මාණය වන්නේ ඒ හරහා කලබැගෑනි වලින් පිරී ගිය මේ සමාජයේ නිර්මාණය වූයේ මේ තණ්හාව මූලික කරගෙන

මේ තණ්හාව පරාජය කළ නොහැකිද… පාලනය කළ
නොහැකි ද…

තණ්හාව මුලිනුපුටා දැමීමට නම් රහත් විය යුතුයි එහෙත් එය පාලනය කිරීමට රහත් වීමට අවශ්‍ය නැහැ ඒ සඳහා අවශ්‍ය කරන්නේ සසර තතු පිළිබදව අවබෝධයක් නියමාකාරයෙන් ලබා ගැනීම මේ ලෝකයේ දුකින් පිරී තියෙන බව බුදු පියාණෝ වදාළා එහෙත් ඒ පිළිගැනීමට අපේ සිත් අපට ඉඩ දෙන්නේ නෑ එයට හේතුව විවිධ විචිත්‍ර මායාවන් ගෙන් මේ සමාජයේ වැසී තියෙන්නේ පුහුදුන් ජනයා ඒ මායාවට රැවටෙනවා තාවකාලික සුන්දරත්වයට බිලි වෙනවා අවසානයේ දී ගිනි දැල්ලට පනින පළඟැටියා වගේ අපගේ ජීවිත විනාශයට පත්වෙනවා

ලෝකයේ දුකින් පිරී ඇතැයි යන්න තේරුම් ගැනීම අසීරු ද…

ලෝක ස්වභාවය පිළිබඳව අවබෝධයක් සහිත පුද්ගලයකුට එය තේරුම් ගැනීම එතරම් අසීරු නැහැ

ලෝකයේ නියත ස්වභාවික ලක්ෂණය වන්නේ අනිත්‍ය ස්වභාවය

“න නිච්චං අනිච්චං” යනුවෙන් දක්වා ඇති පරිදි නිත්‍ය නොවන දේ අනිත්‍යයයි දක්වා තිබේ “යදනිච්චං තං දුක්ඛං” යනුවෙන් දක්වා ඇති පරිදි යමක් අනිත්‍ය නම් එය දුකක් බවට පත්වෙනවා එනම් ලෝකයේ දුකට හේතුව කුමක්ද යන්න පැහැදිලියි

ලෝකයේ දුකින් පිරී පවතින්නේ ලෝකයේ ස්වභාවය අනිත්‍ය නිසා ලෝකයේ අනිත්‍යතාව කොතෙක් ද කියතොත් මට වත් මා අයිති නැහැ

මේ සිරුර මාගේ නම් මේ සිරුර මට වුවමනා පරිදි පැවතිය යුතුයි මා මහලු වීමට කැමති නෑ දිරාපත් වීමට අකමැතියි අබල දුබල අයෙකු බවට පත් වීමට කිසිසේත්ම කැමති නෑ මා රෝගී වීමට අකමැතියි බලාපොරොත්තු කඩවූ පුද්ගලයෙකු වශයෙන් දුකෙන් පීඩිත ගත කිරීමට අකමැති වන්නේ සියලු බලාපොරොත්තු ඉටු කරගත් වාසනාවන්ත ලෙස ජීවත්වීම සඳහා හා නිරෝගී ලෙස ජීවත් වීමටයි.

එහෙත් ඒ බලාපොරොත්තු වන ආකාරයට ජීවත් විය හැකිද මේ සිරුර මාර්ගය නම් මෙය සිරුර පැවැතිය යුත්තේ මට වුවමනා පරිදි විය යුතුයි එහෙත් අප ජීවත්වන්නේ මොහොතින් මොහොත වෙනස් වන ලෝකයත් සමග ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වනසමාජයකය ඒ වෙනස් වන ස්වභාවය මත මගේ සිරුරත් මොහොතින් මොහොත වෙනස් තත්ත්වයකට පත්වෙනවා මා මොහොතින් මොහොත දිරාපත් වී මහලු මහලු වී මරණයට ළං වෙනවා

ලෝකයේ යථා ස්වභාවය එය නම් මේ ලෝකයේ අයිති කරගැනීමට අයිතිකර ගැනීමට මහ පොළොව නුහුළන අපරාධ කරන්නේ කුමකටද

මේක ගැඹුරින් තේරුම් ගත යුතුයි එම තේරුම් ගැනීම තමන් තුළ නිර්මාණය කර ගැනීමට ඔබ සමත් වන්නේ නම් ඔබට සැබෑ බෞද්ධයෙකු වීමේ හැකියාවක් ලැබෙනවා

වෙසක් පොහොය දවසට පමණක් සිල් ගැනීමට යාමෙන් පන්සල් ගොස් මල් පහන් පූජා කිරීමට යාමෙන් බකට් පත්තු කිරීමෙන් වෙසක් තොරණ ඉදි කිරීමෙන් දන්සැල් පැවැත්වීමෙන් පමණක් සැබෑ බෞද්ධයෙක් විය නොහැකි බව බවට බව මැනවින් වටහාගෙන එය ජීවිතය සාදා ගත යුතුයි.

ඔබේ ජීවිතය යහපත් ජීවිතයක් බවට පත් කරගත හැකි වන්නේ වැරදි පව් අකුසල් අකුසල්වලින් දුරු වී අකුසල් වලින් ජීවත් වීම තුළ නිර්මාණය කර ගැනීම සඳහා ඔබට අධිෂ්ඨානය කර ගත හැකි නම් ඔබේ ජීවිතය වඩාත් සාර්ථක වේවි…

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X