ක්‍රියාවක හොඳ සහ නරක
අප කරන සමහර ක්‍රියා හොඳ බවද සමහර ක්‍රියා නරක බව ද කියනු ලබයි හොඳ ක්රියා කිරීමටත් නරක ක්රියා නොකිරීමටත් අපට නිතර අනුශාසනා ද කරනු ලැබේ මෙහිදී හොඳ ක්‍රියා නරක ක්‍රියාවලින් වෙන් කර ගන්නේ කෙසේදැයි අපට ප්‍රශ්නයක් ඇත
හොඳ නරක වෙන් කර ගැනීම ඒ ඒ සමාජ අනුව වෙනස් වන බව පෙනී යන දෙයක් ආගම දහම අනුව මේ වෙනස දක්නට ලැබෙනවා ලොව දෙවියෙකු විසින් මවන ලද බව පිළිගන්නා ආගමක දේව අණ අනුව ක්රියා කිරීම හොඳ යයි පිලිගන්නවා දේව අණ කඩ කිරීම නරක බවට මතයක් තිබෙනවා එහෙත් ලොව දේව නිර්මාණයක් බව නොපිළිගන්නා ආගමක හොඳ නරක එසේ තීරණය කරන්නේ නැහැ
හොඳ ක්රියා සහ නරක ක්රියා රාශියක් ගැන අපට වෙන වෙනම අසන්නටත් ලැබෙනවා දන් දීම හොඳයි සතුන් මැරීම නරකයි ඇත්ත කතා කිරීම හොඳයි බොරු කීම නරකයි කරුණාව හා මෛත්රිය හොඳයි ඊර්ෂ්යා කිරීම නරකයි මෙසේ හොඳ නරක තීරණය කරන්නේ කෙසේද අප විසින් හොඳ නරක වෙන් කර ගැනීමට ප්රමාණවත් මිනුම් දණ්ඩක් සොයාගත යුතුයි
හොඳ නරක තීරණය කිරීමේ මිනුම්දඬු ගණනාවක් බුද්ධ දහමේසඳහන් වෙනවා එයින් කීපයක් පමණක් හඳුනා ගැනීමට අපි බලමු
ක්රියාවකට සම්බන්ධ වන දොරටු තුනක් බුදුදහම හඳුන්වා දෙනවා කය වචනය හා සිත යනු ඒ දොරටු තුනයි ශරීරය හෙවත් කය කෙලින්ම යම් ක්රියාවකට සම්බන්ධ වෙනවා කතා කිරීම සිතීම ක්රියා වෙනවා මේ දොරටු තුනෙන් දෙයාකාරයක ක්රියා සිදුවෙනවා
සිතාමතා කරන ක්රියා එක් වර්ගයක් සිතීමෙන් තොරව කරන ක්රියා අනෙක් වර්ගය යි
කෙනෙක් උවමනාවෙන්ම සතෙකු මරණයට පත් කරයි එය සිතා මතා කරන ක්රියාවක් පාරේ ඇවිදින විට කුහුඹුවන් වැනි කුඩා සතුන් මැරෙන්නේ අප සිතා මතා එසේ කරන නිසා නොවෙයි අපට උවමනාවෙන්ම කිසිවක් ගැන හිතිය හැකියි.එසේම ඉබේ සිතට ගලාගෙන එන අදහස් ද තිබෙනවා මේ දෙයාකාර ක්රියා ගැන අප පැහැදිලිව දැන සිටීම අවශ්යයි
මේ දෙයාකාර ක්රියාවන් අතරින් සිතාමතා කරන ක්රියා කර්ම යනුවෙන් බුදු දහමෙහි හඳුන්වනු ලබනවා ඉබේ සිදුවන හෝ සිතා බැලීමකින් තොරව සිදුවන ක්රියා කර්ම ගණයට ඇතුළත් වන්නේ නැහැ
කර්ම යනු චේතනාවක් සහිත ක්රියා බව බුදුරජාණන් වහන්සේ චේතනා චේතනාහං භික්කවේ කම්මං වදාමි යනුවෙන් වදාල චේතනා සහිත ක්රියා යනු සිතා මතා කරන ක්රියා හොඳ නරක තීරණය කිරීමේ දී වැදගත් වන්නේ කර්ම බවට පත්වන මේ ක්රියායි.
හොඳ ක්රියා බුද්ධ ධර්මයෙහි යහපත් කර්ම කුසල කර්ම හා පුණ්ය කර්ම යනුවෙන් නම් කරනවා නරක ක්රියා අයහපත් කර්ම අකුසල කර්ම හා පාප කර්ම වශයෙන් හඳුන්වා දෙනවා
මේ අනුව සිතා බලන විට කුසල කර්ම වන්නේ හොඳ චේතනාකර්ම වන්නේ, හොඳ චේතනා ඇතිව කරන ක්රියා අකුසල කර්ම වන්නේ නරක චේතනා ඇතිව කරන ක්රියා හොඳ චේතනා සඳහා මුල්වන ප්රධාන සිතුවිලි තුනක් තිබෙනවා අලෝභ අදෝස අමෝහ නමින් ඒවා හැඳින්වෙනවා නරක චේතනා සඳහා මුල්වන ප්රධාන සිතිවිලිද තුනක් තියෙනවා එනම් ලෝභ දෝස හා මෝහ වේ
අලෝභය නම් ලොව නැති බවයි එහි ප්රභේද රාශියක් තිබෙනවා ආශාව නැති කම රාගය නැතිකම කාමය නැති කම කෑදරකමක් ඇලීමක් නැති කම අලෝභය වෙනවා පරිත්යාගශීලී බව ද විරාගී බවද අලෝභ යටතට ගන්නට පුළුවන
අදෝසය නම් තරහ නැතිකමයි වෛරය ක්රෝධය ද්වේශය පළිගැනීම ආදිය සිතුවිලි නැතිකම අදෝසයේ මෛත්රී සහගත සිතිවිලි ඇතිකර ගැනීම ද අදෝස යවේ
අමෝහය නම් මෝහය නැති බවයි මෝහ යනු ඉතාම සරල වචනයෙන් දක්වන්නේනම් මෝඩකමයි එබැවින් අමෝහ යන නුවණින් යුතු බවයි ප්රඥාවන්ත බවයි කරුණු හොඳින් වැටහෙන බවයි
ආශාවෙන් කෑදරකමින් තෘෂ්ණාවෙන් රාගයෙන් හා ඇලීමෙන් කරන ක්රියා ලෝභ චේතනා සහිත ඒවායි ඒ නිසා ඒවා නරක ය.තරහින් ද්වේශයෙන් ක්රෝධයෙන් වෛරයෙන් හා පළිගැනීමේ අදහසින් කරන ක්රියා දෝෂ සහගත ඒවා වේ එනිසා ඒවා ද නරක වේ අනුවණ කමින් කරුණු නොදැනීමෙන් හා මුලා වීමෙන් කරන ක්රියා මෝහ සහගත ය එනිසා ඒවා නරක වේ
චේතනාව අනුව කර්මයක් හොඳ හෝ නරක වන සැටි මේ අයුරින් තේරුම් ගැනීමට අපට පුළුවන් එසේ චේතනාව සලකා බැලීමෙන් පසු යහපත් චේතනා සහිත ක්රියා හොඳ බව පිළිගැනීමටත් අයහපත් චේතනා සහිත ක්රියා නරක බව පිළිගැනීමටත් අපට පුළුවන් වෙනවා ඒ අනුව සිතා හොඳ ක්රියා කිරීමටත් නරක ක්රියා නොකිරීමටත් අප උත්සාහ ගත යුතුයි හොඳ නරක තීරණය කිරීමේදී චේතනාව මිනුම් දඬුවක් කරගන්නේ මේ ආකාරයටයි මෙයින් කිසියම් ක්රියාවක් කිරීමට පළමුව හොඳ නරක වෙන් කර ගැනීමට අවස්ථාව තියෙනවා එලෙස නරක ක්රියා නොකර ඉන් වැළකී සිටීමටත් හොඳ ක්රියාවල නිරන්තරයෙන් නිරත වීමටත් අප සිතට ගත යුතුයි
ක්රියාවක ප්රතිඵලය අනුවත් හොඳ නරක තීරණය කරන්නට පුළුවන් ඒ සඳහා සුදුසු මිනුම් දඬුවක් බුදුරජාණන් වහන්සේ වරක් රාහුල පොඩි හාමුදුරුවන්ට උගන්වා වදාළ
ඔබ යම් ක්රියාවක් කිරීමට පළමු ව මෙසේ සිතන්න මේ ක්රියාවෙන් මට යහපතක් වේද අනුන්ට යහපතක් වේද මා හා අනුන් යන දෙපිරිසට ම යහපතක් වේද එසේ නම් එය හොද ක්රියඳ ක්රියාවක් ඒ කුසලය කරන්න
තමාට අයහපතක් වන අනුන්ට අයහපතක් වන දෙපසටම අයහපත් වල ක්රියාව නරකයි එයා කුසලයක් එය නොකරන්න
යම් ක්රියාවක් කිරීමට පළමු ව මෙසේ සිතා බලන්න ඒ ක්රියාව නරක විට විටද එසේ සිතා බලන්න එසේ ක්රියාව කළ පසුත් සිතා බලන්න මේ මිනුම් දඬුව කුඩා දරුවෙකුට වුවත් තේරුම් ගැනීමට පහසුයි හොඳ නරක ලෙහෙසියෙන් වෙන් කර හඳුනා ගැනීමට එයින් අපට අවස්ථාව ලැබෙනවා
හොඳ නරක පහසුවෙන් තේරුම් ගැනීමට පුළුවන් තවත් මිනුම් දඬුවක් කරණීය මෙත්ත සූත්රයේ සඳහන් වනවා සූත්රයේ එන න ච බුද්දං සමාජයේ කිඤ්චි යේන විඤ්ඤූ පරේ උපවදෙය්යුං යන ගාථා පදය….
මෙහි තේරුම නුවණැති අය විසින් ගරහා කරනු ලබන කුඩා වූ හෝ කිසිම වැරදි ක්රියාවක් නොකරන්න යන්නයි මේ අනුව නුවණැති අයගේ ගර්හා වට ලක්වනක්රියා නරකයි නුවණැති අයගේ ප්රශංසාවට ලක්වන ක්රියා හොඳයි
මගේ වචන ක්රියා හා සිතුවිලි නුවණැත්තන්ගේ ගැරහීමට ලක් වේ ද ප්රශංසාවට ලක් වේ ද යන්න සිතා බලන්න ප්රශංසාවට ලක්වන ක්රියා කළ යුතු හොඳ ක්රියා බව පිළිගන්න ජරාවට ලක් වන ක්රියා නොකළ යුතු නරක ක්රියා බව පිළිගන්න ඒ අනුව කටයුතු කරන්න….
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood