Temples of Sri Lanka

භික්ෂු ජීවිතයෙන් ගිහි ජීවිතයට ගත හැකි ආදර්ශ…

බෞද්ධ සිව්වනක් පිරිස අතර ප්රධාන පිරිස ලෙස සැලකෙන්නේ භික්ෂූන් වහන්සේ යි භික්ෂුණි උපාසක උපාසිකා යන අනෙක් පිරිස් තුනම තම දියුණුව සලසා ගැනීම සඳහා භික්ෂූන් වහන්සේගේ මඟ පෙන්වීම බලාපොරොත්තු වූහ
විශේෂයෙන් ගිහියා තම මෙලොව පරලොව දියුණුව සලසා ගැනීමට තමන්ට මඟ පෙන්වන කල්යාන මිත්රයා ලෙස සැලකුවේ භික්ෂූන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේගේ මාර්ගඋපදේශය ලබාගත්තේ උන්වහන්සේගේ දේශනයෙන් පමණක් නොවෙයි උන්වහන්සේ ගේ ජීවන රටාව දෙස බලා එයින් ආදර්ශ ගැනීමත් එහි දී බලාපොරොත්තු වුණා

 

පන්සල සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති භික්ෂූන් වහන්සේ නිතර ඇසුරු කරන ගිහියා අදත් තම ජීවිතය සකස් කරගැනීමට භික්ෂු ජීවිතයෙන් ආදර්ශ ගන්නවා ඉපැරණි භික්ෂු ජීවන රටාව සම්පූර්ණයෙන් ම අද ආරක්ෂා වී නැතත් ඇතැම් උසස් ගුණාංග භික්ෂු සමාජය තුළ තවමත් සුරක්ෂිතව පවතිනවා ගිහියාට ආදර්ශ ලබා ගත හැකි පුරාණ කාලයේ සිටම ක්රියාත්මක වන එබඳු උසස් ගුණාංගයක් ලෙස වෘද්ධ පටිපාටිය ගැන සැලකිලිමත් වීම…ගත හැකියි.

 

වෘද්ධ පටිපාටිය ලෙස සැලකෙන්නේ වැඩිමහලු පිලිවෙලයි භික්ෂු සමාජයේ වැඩිමහලු පිළිවෙල තීරණය කෙරෙන්නේ උපන් දිනය අනුව නොවෙයි පැවිද්ද හා උපසම්පදාව ලැබූ දින වකවානු අනුවයි සාමණේර භික්ෂුන් වහන්සේ අතර වැඩිමහලු පිළිවෙල සැලකෙන්නේ පැවිද්ද ලැබූ දිනය අනුව
මුලින් පැවිද්ද ලැබූ සාමණේර නම පසුව පැවිදි වූ සාමණේර නමට වඩා මහලු සේ සැලකේ උපසම්පන්න භික්ෂූන් වහන්සේ සාමණේරයන් වහන්සේට වඩා වැඩිහිටි සේ සැලකේ උපසම්පන්න භික්ෂූන් වහන්සේ අතර මුලින් උපසම්පදාවට පත් භික්ෂූන් වහන්සේ පසුව උපසම්පදාව ලත් භික්ෂූන් වහන්සේට වඩා වැඩි හිටිය.

 

උදේ සවස රත්නත්රය වන්දනාවෙන් අනතුරුව වැඩිමහලු තෙරණුවන්ට වැදීම බාල භික්ෂූන්ගේ සිරිතයි ආරාමයෙන් පිටත වැඩම වීමට පෙරත් ආපසු ආරාමයට වැඩම කළ පසුවත් ආරාමයේ වැඩ සිටින වැඩිමහලු ස්වාමීන් වහන්සේට වැඳීම බාල භික්ෂූන් වහන්සේගේ සිරිතයි ආරාමයෙන් පිටත වඩින අවස්ථාවක ආරාමය සිටින බාල භික්ෂූන් වහන්සේ එම වැඩිහිටි ස්වාමීන් වහන්සේට වැඳ අවසර ගන්නවා උන්වහන්සේ ආපසු ආරාමයට වඩින විට පෙර මගට ගොස් වැඳ පිලිගන්නවා.

 

මෙම උසස් ලක්ෂණ ආදර්ශයට ගන්නා ගිහියෝ තව වැඩිහිටියන් ඉදිරියේ ගෞරව සම්ප්රයුක්තව ආචාරශීලීව කටයුතු කරනවා වැඩිහිටියන්ට ප්රමුඛත්වය දී ක්රියා කරනවා වැඩිහිටියන් බිම හෝ මිටි අසුනක හෝ හිඳිනේ විටෙක බාලයන් උස් අසුනක නොහි දීම වැනි සම්ප්රදායන් අපේ ගිහි සමාජය ක්රියාත්මක වන්නේ භික්ෂු සමාජය ආදර්ශයෙන්

 

වැඩිහිටියකු පැමිණෙන විට ඔහුට මාර්ගය ඉඩ දී පසෙකට වී හුනස්නෙන් නැගිටීම හා ඔහුට ආසනයක් පිළිගැන්වීම ඇමතීමේදී නිසි ගෞරව සම්ප්රයුක්ත වචන භාවිතා කිරීම විශේෂ කටයුතු වලදී වැඩිහිටියන් ඉදිරියට ගැනීම වැනි ලක්ෂණ ගොඩනැගී ඇත්තේ වෘද්ධ පටිපාටිය අනුගමනය කිරීම වශයෙනි
ජේෂ්ඨත්වය සැලකෙන්නේ වයස අනුව ම නොවෙයි දරන නිලතල ඊට පදනම් කරගනු ලබන අවස්ථා ද තියෙනවා තමාට වඩා ජ්යෙෂ්ඨ නිලයක් ඇති තැනැත්තාට ප්රමුඛත්වය දෙමින් ගරුසරු ඇතිව ක්රියා කිරීමටද වෘද්ධ පටිපාටිය අනුගමනය කිරීමක් වෙනවා මෙහිදී වැදගත් වන්නේ තමාට වඩා ජ්යෙෂ්ඨ ප්රමුඛත්වය දිය යුතු යන ආකල්පයයි.

 

භික්ෂු සමාජය තුළින් ගිහි අයට ගත හැකි තවත් වැදගත් ආදර්ශයක් වන්නේ චාම් සරල දිවි පැවැත්මයි
ගිහි දිවි අතහැර පැවිද්දට පත් වීමෙන් සිදුවන එක් දෙයක් නම් වුවමනාකම් අඩු පුද්ගලයකු බවට පත්වීමයි
චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස යන මූලිකම අවශ්යතා වුවත් පරිහරණය කරන්නේ සීමා සහිතවයි බුදුරජාණන් වහන්සේගේ වචන වලින්ම දැක්වෙන පරිදි භවලින්ම දැක්වෙන පරිදි භික්ෂූන් වහන්සේ පක්ෂය කයට ප්රමාණවත් සිරුරකින් කුසට ප්රමාණවත් ආහාරයකින් සෑහීමකට පත්වෙනවා

 

පක්ෂියා කොතැනකට පියඹා ගියත් ගෙන යන්නේ පියාපත් බර පමණයි එමෙන්ම භික්ෂූන් වහන්සේ කුමන තැනකට වැඩම කළත් ගෙනයෑමට ඇත්තේ සිවුරු හා පාත්රය පමණයි මෙයින් පෙන්වන්නේ භික්ෂු ජීවිතය මොන තරම් සරල ද යන්නයි
භික්ෂූන් වහන්සේගේ මූලිකම පිරිකර වන්නේ අටපිරිකර යි එනම් දෙපට සිවුර තුන් පට සිවුර අඳනය පටිය පාත්රය දැලිපිහිය පෙරහන සහ ඉදි කටුවයි.

 

කාලීන අවශ්යතා අනුව අව්වෙන් වැස්සෙන් ආරක්ෂා වීම පිණිස කුඩයක් ගොටු අත්තක් වැනි උපකරණයක් ද පවන් සලා ගැනීම හා සංවරය සඳහා වටා පතක් පතක්ද සෞඛ්ය ආරක්ෂාව සඳහා චම් පා වහන් සඟළක් ද භික්ෂූන් වහන්සේ විසින් පරිහරණය කරන උපකරණ අතරට එකතු වෙලා තියෙනවා උන්වහන්සේ කිසිදු ආභරණයක් නොපළඳින සුවඳ විලවුන් ගල්වා යි ගිහි ජීවිතය සමඟ සසඳා බලන බලන විට භික්ෂූන් වහන්සේ පෞද්ගලිකව පරිහරණය කරන්නේ ඉතා අඩු භාණ්ඩ ප්රමාණයක් විලාසිතා මෝස්තර භික්ෂු ජීවිතය හා සම්බන්ධ වී නෑ
මෙම චාම් සරල පැවැත්ම ආදර්ශයට ගන්නා බුද්ධිමත් ගිහියා තම ජීවිතයත් හැකිතාක් සරළ කරගන්නවා ආහාරපාන ඇඳුම් පැළඳුම් ආදිය ජීවිතයට බරක් කර ගන්නේ නෑ
දුම්වැටි මත්ද්රව්ය ඔහුට අවශ්ය නෑ දිනෙන් දින වෙළෙඳ ලෝකය විසින් වෙනස් කරන ඇඳුම් මෝස්තර පසුපස යන්නේ නෑ භික්ෂු ජීවිතය ආදර්ශයට ගන්නා ගිහියා ඇඳුම් පැළඳුම් ඇතුළු කවර භාණ්ඩයක් වත් තෝරාගැනීමේදී සැලකිලිමත් වන්නේ පූහු රූපයට වඩා ඒ ශක්තිමත්භාවය පැවැත්ම සෞඛ්යයට හිතකර බව ආදිය ගැනයි
එබඳු පුද්ගලයාට අඩු වියදමකින් උපරිම සතුටක් ලබා ගන්නට පුළුවන් මෙහිදී සැලකිය යුත්තක් නම් චාම් බව සරල බව යනු ඇඳුම් පැළඳුම් ගැන ආහාරපාන ගැන කිසිම සැලකිල්ලක් නොදැක්වීම නොවන බවයි

 

පිරිසිදුකම සුන්දරත්වය පෝෂණය ආදිය ගැන බුද්ධිමතුන් සැලකිලිමත් වීම චාම් සරල පැවැත්මට බාධකයක් නොවේ මේ කරුණු අනුව පැහැදිලි වන්නේ භික්ෂු ජීවිතය ආදර්ශ ගනිමින් පුරුදු පටිපාටිගත චාම් සරල දිවි පැවැත්ම හුරු කරගැනීමත් ගිහි ජීවිතයකට උපකාරී වන බවයි ඒ නිසා එම ආදර්ශමත් සහ භික්ෂු ජීවිතයෙන් ගත හැකි තවත් එබඳු ආදර්ශ අනුව ජීවිතය හැඩ ගසා ගැනීමට පුරුදු වීම අපේම යහපත පිණිස පවතින්නක්….

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X