දෙව්ලොව සැප ලබමු
දාන මාන ආදී කාමාවචර පින් වලින් මිනිස් ලොව ද දෙව් ලොව ද මහත් සැප සම්පත් ලැබෙන බව තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කරන ලද කාරණාවක්.
මිනිස් ලෝකයේ චක්‍රවර්ති රජකු විඳින සැප සම්පත් දෙව්ලොවෙහි පහත්ම පෙළේ දෙවියකු ලබන සැපතට වඩා හීනයි. මෙයින් දෙව්ලොව සැප මිනිසුන්ගේ සැපයට වඩා කොතරම් උසස් දැයි අපට සිතාගන්නට අවශ්‍ය සාධක සපයනවා ඇත
ආයුෂ අතින්ද මේ කාලයේ මිනිසුන්ගේ පරමායුෂ ට වඩා දෙවියන්ගේ පරමායුෂ කාලය ඉතාමත් දීර්ඝයි.
මිනිසුන්ගේ අවුරුදු 50 ක් පහත්ම දෙව්ලොව වූ චාතුර්මහාරාජික ලොවෙහි දෙවියන්ට එක් දවසක් වෙයි එසේ වූ දිව්‍ය දින තුන්සිය හැටක් එහි දෙවියන්ට අවුරුද්දකි එසේ වූ දිව්‍ය වර්ෂ 500 ක් ඒ දෙවියන්ගේ පරමායුෂ කාලය වේ එමෙන් සතර ගුණයක් තව්තිසා දෙව්ලොවෙහි දෙවියන්ගේ ආයුෂ ය එමෙන් හතර ගුණයකින් නිර්මාණ රති ලොව දෙවියන්ගේද පරමායුෂ වෙයි එමෙන්ම සතර ගුණයක් පරනිර්මිත වසවර්ති දෙව්ලොව දෙවියන්ගේ ආයුෂ වෙයි
ඉහතින් කියන ලද්දේ දෙවියන් ගේ පරමායුෂ කාලය හා සසඳන විට අද මිනිසුන්ගේ පරමායුෂ කාලය වශයෙන් සලකනු ලබන අවුරුදු 120 කොතරම් ස්වල්ප එකක් දැයි වටහා ගන්නටයි
රන් රුවන් වලින් කරන ලද දෑ බඳු වූ විසිතුරු වූ මහත් වූ විමාන වලින් අහස ගැවසෙන ඒ දෙවියන් විඳිනා සැප වචනවලින් කියා නිමකළ නොහැකියි. දෙව් ලොවෙහි ඇති දිව්‍ය වෘක්ෂ වලින් ඒ ඒ දෙව්ලොවෙහි දෙවියන්ට ආහාර පාන වස්ත්‍ර ආදිය අවශ්‍ය සියල්ල සැපයෙනවා දෙවියන්ට රෝගාබාධ නැහැ ජරා විලි පිලි නැහැ දෙවඟනන් විසින් පිරිවරන ලදුව දිව්‍ය උද්‍යානවල කෙළිදෙලෙන් ඇවිදිනවා දෙව්ලොව සැප වචනයෙන් විස්තර කොට නිමවා කියන හැකි තරම් විසිතුරුයි දෙව්ලොව දෙවියන් විදින කම්සැප මිනිස් ලොව සැපතට වඩා කොතරම් මහත්ද යන්න පෙනෙයි
රූප ධ්‍යාන වඩා අරූප භවයෙහි උපන්නෝ රූපී බ්‍රහ්ම නමින් හඳුන්වයි ඔහු ධ්‍යාන සම්පත්ති සැපයෙන් කල් යවයි ඔවුන්ගේ ආහාරය ධ්‍යානයයි. ධ්‍යාන අරමුණෙහි සිත එක්කල විට ඇතිවන ප්‍රීතිය සප්‍රීතික ධ්‍යානයයි. ඒ බඹ ලොවක උපන්න උන්ගේ ආහාරයි එකක් ගතා හෝ උපේක්ෂා එකක් ගථා සහිත චතුර්ථ ධ්‍යාන වඩා ඒවාට අනුරූපී බම්බලව උපන්නෝ තමන් ලද් යාන ශාන්තිය ම ආහාර කොට ගත්තෝ ය රූප ධ්‍යාන වැඩුවත් උපදවන බඹලොව සොළසකි බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම යන බඹලෝ තුන ප්‍රථම ධ්‍යාන භූමියයි
පරිත්තාභය අප්‍රමාණ අභය අප මානාපය ආ හසර යනු විදිය ධ්‍යාන භූමි තුනයි පරිත්තසුභ ය අප්පමාණ සුභය සුභ කින්හක යන තුන තෘතීය ධ්‍යාන භූමියයි
බඹලොව ආයුෂ කල්ප ගණන් දක්වා ඇත දිගින් පළලින් උසින් යොදුනක් පමණ වූ හතරැස් කොටුවක අබ පුරවා අවුරුදු සියයකට වරක් එතනින් අබ ඇටය බැගින් ඉවත් කිරීමේදී යම්තාක් කලෙකින් කොටුව හිස් වේද අසංඛ්‍ය කල්පය යනු එතරම් දීර්ඝ වූ කාලයක්…. එසේ වූ අසංඛ්‍ය කල්ප හතරක් මහා කල්පයක් මිනිසෙකුගේ පරමායුෂ වශයෙන් සලකනු ලබන අවුරුදු 120 දෙව්ලොව බඹලොව හි දෙවියන්ගේ බඹුන්ගේ ආයුෂ හා සසඳා බලන කල ක්ෂණයකින් නැග ඊළඟ ක්ෂණයේදී බිඳී යන දිය බුබුලක ආයුෂ ලෙස හැඟේ.
එසේ ඉතාම මද ආයුෂය ඇති මිනිසා පව් කරන්නෝ නම් එය තමාටම කරගන්නා මහා විනාශයකි එයින් වන ඔහුගේ වැටීම යොදුන් සුවාසුදහසක් උඩ තැනක සිටියෙකු එයින් එක් පැහැර බිමට වැටීමටත් වඩා පිරිහීමක් ලෙස සලකමු…
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood