කර්මයට සියල්ල පවරන්න එපා
කර්මය පිළිබඳ ඉගැන්වීමට බුදු දහම තුළ වැදගත් තැනක් හිමි වෙනවා.
පෙර කරන ලද කර්මයෙන් සියල්ල සිදුවේය යැයි පිළිගත් ආගමික නායකයෝ බුද්ධ කාලයේ ද වාසය කළා.
ඔවුන්ගේ ඉගැන්වීම් බුදුරජාණන් වහන්සේ අතින් ප්‍රතික්ෂේප වුණා. එහෙත් පෙර කරන ලද කර්මයන් ගේ බලපෑම ජීවිතයේ සාර්ථකත්වයට බලපාන බව බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. අංගුත්තර නිකායේ චතුවක්ක සූත්‍රයේ දැක්වෙන පුද්ගල ජීවිතයේ වාසනා ගුණ හතරෙහි සිව්වැන්න පෙර කරන ලද පින් ඇති බවයි.
පුද්ගලයෙකු සචේතනික ව කරන සෑම කායික වාචසික හා මානසික ක්‍රියාවක්ම කර්ම යන වචනයෙන් හඳුන්වන ලබනවා. මූලික වශයෙන් උක්ත කවර හෝ ක්‍රියා ක්‍රියාවක් සමහරවිට කුසල ක්‍රියාවක් වෙනවා නැතහොත් අකුසල ක්‍රියාවක් වෙනවා ඒ අනුව කුසල කර්ම හා අකුසල කර්ම යනුවෙන් කර්ම වර්ග දෙකයි.
මජ්ඣිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රයෙහි ඒ පිළිබඳව සැකෙවින් විස්තර කරනවා. ප්‍රාණඝාතාදී පස්පව් අකුසල කර්ම වන අතර පස් පවින් වැළකීම කුසල කර්ම වෙනවා
ඒ කුසල හෝ අකුසල කර්මයන්හි විශේෂ ලක්ෂණය වන්නේ විපාක දීමේ ශක්තියක් ඒ හා බැඳී තිබීමයි. ඇතැම් කර්මයක් වර්තමාන භවයෙහි විපාක දීමෙන් අවසන් වෙනවා. ඇතැම් කර්මයන් දෙවන භවය භවයෙහි විපාක දෙනවා. තවත් කර්මයකට ඊටත් පසුව භවවලදී විපාක දෙනවා. එපමණක් නොවෙයි ඇතැම් කර්ම කිසිදු භවයකදී විපාක දීමේ අවස්ථාවක් ලැබෙන්නේ නෑ.. ඒවා විනාශ වී යනවා.
සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයේ බුදුරජාණන් වහන්සේ කොසොල් රජුට වදාළ පරිදි…. පුද්ගලයා ජීවත්වන කාලය තුළ කරන ලද කුසල හෝ අකුසල කර්ම අනුව ඊළඟ භවයෙහි උත්පත්තිය ලබනවා. ඒ අනුව පාප කර්ම කළෝ නිරයගාමී වෙනවා පුණ්‍ය කර්ම කළාහු සුගතිගාමී වෙනවා
මින් පැහැදිලි වන්නේ කර්මය බලපෑම මත මරණින් මතු ඊළඟ භවයේ උපත තීරණය වන බවයි. මජ්ඣිම නිකායේ චූල කම්ම විභංග සූත්‍රයට අනුව පුද්ගලයා කර්මය ස්වකීය කොට ගත් අයෙක්. කර්මය දායාද කොට ගත් අයෙකි. අයෙක් කර්මය උප්පත්ති කොට ගත් අයෙක්. මිනිස් ජීවිත වල විවිධත්වය ඇති කරන්නේ කර්මය බව එම සූත්‍රයෙහි ප්‍රකාශ කරනවා
මිනිසුන් ලෙස අප ලබා ඇති ජීවිත විවිධත්වයේ හා ප්‍රතිලාභ විවිධත්වයේ මූලික හේතුව කර්මය බවයි මින් පැහැදිලි වන්නේ. මේ අනුව මේ කරුණුවලින් හැඟවෙන්නේ කර්මය හා පුද්ගල ජීවිතය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව බෞද්ධ අදහස යි. බෞද්ධ බෞද්ධ දර්ශනය මූලික දාර්ශනික කරුණු හා සම්බන්ධ නොකර යමෙක් සියල්ල පෙර කරන ලද කර්මයෙන් සිදු වේ යැයි ප්‍රකාශ කරයි නම් එය බුදු දහමට කරන අභූත චෝදනාව කි.
කර්මය සියල්ලේ තීරකයා යැයි බුදු දහම පිළිගන්නේ නැත. එසේ පිළිගන්නේ නම් එය බුදු දහමේ මූලික ඉගැන්වීමක් වන පටිච්චසමුප්පාදයට සපුරා පටහැනි වෙයි. කර්මය අනුව සියල්ල සිදු වන බව පිළිගන්නා විට එයින් කියැවෙන්නේ කර්මය සියල්ලෙහි එකම හේතුව බවයි. එම අදහස ඒක හේතු වාදයට වැටෙන්නකි. එකම හේතුවක බලපෑමෙන් පමණක් පලයක් ඇතිවන බව කිසිදු ආකාරයකින් පටිච්ච සමුප්පාදයෙන් නොකියවෙයි. එයින් කියැවෙන්නේ හේතු රාශියක් නිසා ඵල රාශියක් ඇති වීම පිළිබඳවයි.
ජීවිතය හා සම්බන්ධ අලාභ දුක් කරදර නින්දා අවමාන හා නොලැබීම ආදිය බොහෝ දෙනා තේරුම් ගන්නට උත්සාහ ගන්නේ කර්මය තුළින් වුවත් කර්මය එහි එක් පැතිකඩක් පමණයි. ඒ හා සමගාමීව සමාජ ආර්ථික දේශපාලනික පාරිසරික මනෝ සංචේතනා ත්මක කරුණු ද බලපාන බව බුදු දහමෙහි පිළිගැනීමයි. පංච නියාම ධර්ම තුළින් විවරණය වී ඇත්තේත් එයයි.
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood
ටිබෙට් ජාතික ටෙම්පා ෆොක්පෙ හිමියන් දළදා වහන්සේ වැඳපුදා ගනිමින්
ඡායාරූපය Pensiri Mahasuttikul