Temples of Sri Lanka

සාර ධර්ම, ගුණ ගරුක සමාජයක් බිහි කරයි.

 

සාරවත් වු ධර්මය සාර ධර්මයයි. .

ලොව රදා පවතින්නේ සත්‍ය මතයි. සාර ධර්ම මඟින් මිනිසා තුළ ගුණ ගරුක පුද්ගලයෙක් බිහිවෙන බව ඔබ අප හොදාකාරවම දන්නා කරුනක් .

සාරධර්ම අප රෑකිය යුත්තේ ඇයි? සාරධර්ම අප රැකිය යුත්තේ සමාජයේ යහපත් පුරවැසියෙකු ලෙස ජිවත් විමටය.සිංහල සංස්කෘතියට පමණක් නොව සෑම සංස්කෘතියක් තුළම යම් සාරධර්ම පද්ධතියක් ඇත.එම සංස්කෘතියේ අභිමානය කියාපාන මෙම සාරධර්ම අප සුරුකිය යුත්තේ අපගේ අනාගත පරපරම්පරාවට මේවා ආරක්ෂා කළ යුතු නිසාය.

දෙමාපියන්ට සැලකිම,වැඩිහිටියන්ට ගරු කිරිම,ගුරුවරුන්ට කීකරු වීම,අන් අයගේ කථා වලට ඇහුම්කන් දීම ආදි දේවල් හා සමාජයේ නිතර පිලිබිඹු කෙරෙන හොඳ සිරිත් සාරධර්ම වලට අයත් වේ.

වර්තමානය තුල සාරධර්ම පිරිහෙමින් පවතින බව අපට දැකිය හැකිය. මෙයට හේතුව වී ඇත්තේ නවීන විලාසිතාවන් යැයි මට හැගේ. දෙමාපියන්ට සැලකීම වැනි යහපත් ක්‍රියා අද සමාජයේ ජීවත් වන ඇතැම් පුද්ගලයන් හෙලා දකින්නේ ඉතා පිළිකූල් අයුරිනි.මෙලෙස සාරධර්ම හෙළා දකින්නේ එය ලැජ්ජාවට කාරණයක් යැයි සිතා ගෙනය. තමා හදා වඩාගත් දෙමාපියන්ට සැලකිම උතුම් දෙයක් බව අපගේ ශාස්තුවරයාණන් වහන්සේ දේශනා කර තිබුනද අද සමාජය එය හෙළා දකින්නේ මන්ද? නවීන විලාසිතා ගත් කළ මේවා අනුකරණහැකියාවක් පදනමි වි ඇත.නිරුවත් හෝ අඩනිරුවත් වශයෙන් සමාජයට පිවිසිම අලුත් විලාසිතාවක් වි ඇත.

අතීත ශ්‍රි විභූතියකට උරුමකමි කියන සිංහළ ජාතිය අද පිරිහිමට ලක් වි ඇත්තේ අපට ආවෙිණික නොවු බටහිර සංස්කෘති අනුකරණය කරන නිසාවෙනි.අතිතයේ ගැමියන් නැතහොත් ගෙවිලියන් ඇද සිටියේත් මල් වැටුණ චිත්තය සහ අත්බෝරිචිචි හැටිටය මිස ශරිරයේ අඩක් දිස්වන්නට අදින නවින විලාසිතාවන් යැයි පවසන කැලි කෑලි වෙන් වු කැත අශෝභන ඇදුමි නොවෙි. අපට ආවෙිණික නොවු බටහිර සංස්කෘතින් අනුගමනය කරන්නේ මන්ද? විශිෂ්ඨවුත් අභිමානවුත් සිංහල සංස්කෘතිකයට උරුමකමි කියන අපගේ සංස්කෘතිකය ඔවුනට නොගැලපෙන්නේ මන්ද?මෙිවාට පිළිතුරු ඇත්තේ ඔවුන් ලගමය.

මෙම තත්වය සාරධර්ම විනාශ විමට තුඩු දෙන ප්‍රධාන කාරණාවන්ය.නවින විලාසිතා අනුගමනය කරන්නේ තාරුණ්‍යයයි.තම හදා වඩා ගත් අමිමාට තාත්තාට සැලකිම ලැජ්ජාවට කාරණයක් ලෙස සලකන වර්තමාන තාරුණ්‍ය නවින විලාසිතාවන්ගෙන් යුත් අඩනිරුවත් ඇදුමි අදින්නේ තමා හදා වඩා ගත් දෙමාපියන් ඉදිරියේය.

මෙසේ දෙමාපියන් ඉදිරියේ සිට ගැනිමට පවා මොවුන්ට මෙම නිරුවත් ඇඳ සිටිය හැකිද? මෙයින් පෙනි යන්නේ සාරධර්ම වල පරිහානියයි.නැතහොත් සිංහල සංස්කෘතියේ පිරිහිමය.එම නිසා අද වන විට තාරුණ්‍යට අනාගතය පිළිබඳ තිරණයක් ගැනිමට සිදු වි ඇත.එය නමි අපගේ සාරධර්ම රුකගෙන ඉදිරියට යනවාද? නැතහොත් සිංහල සංස්කෘතිය පරිහානියට ලක් කරනවාද? යන්නයි.මෙයින් අපට වඩාත් ගැලපෙන්නේ පරමිපරාවෙන් අපට උරුම වු සාරධර්ම රුකගෙන ඉදිරියට යාමයි. සාරධර්ම අප සුරකින්නේ කෙසේද?මෙයට නිවැරදි පිළිතුරු සැපයියහොත් අප දියුණූවායැයි සැලකිය හැකිය.සාරධර්ම නැමති ලෝක පාලන ධර්මය රුකිය යුත්තේ සමාජය දැනුවත් කිරිමෙනි.සාරධර්ම කියා අප අමුතුවෙන් වෙන් කිරිමට අවශ්‍යතාවයක් නැත. සමාජයේ ජිවත් විමෙිදී සාරධර්ම අප විසින් නිතැතින්ම පිළීබිඹු වෙි.වැඩිහිටියෙක් දුටු විට හුනස්නෙන් නැගිටිම,වැඩිහිටියන්ට ගරු කිරිම,ගුරුවරුන්ට කිකරු විම,වැඩිහිටියන් ඉදිරියේ සංවරව හැසිරිම අප විසින් කළ යුතු වෙි.මෙිවා හිතට ගැනිමෙන් සමාජයේ ජිවත් විය යුතුය.

එවිට නිතැතින්ම සාරධර්ම අප තුළ රුකෙයි. සාරධර්ම අගයන සමාජයේ දියුණූව පිළබඳ අමුතුවෙන් බැලිය යුතු නොවෙි.සාරධර්ම සුරකින පුද්ගලයා දෙස දෙවියන් බලයි.මෙම නිසා ඔවුන්ගේ දියුණූව නිතැතින්ම සැලසේ.මෙලෙස අප සාරධර්ම වඩා වර්ධනය කර ගනිමින් අනාගත පරමිපරාවට අප දායාද කර යුතුය. හෙට දායාද කරන්නට තිඛෙන සාරධර්ම නැමති ජිව රුධිරය අද අප විසින් රැකදීම අපගේ පරම යුතුකමක් වේ.මම ඵය ඔබ සැමගෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි

සාරධර්ම සපිරි සමාජයක් ගොඩ නගමු.
දිනෙන් දින සිදුවන තාක්ෂණික වර්ධනයත් සමඟ සාරධර්ම කියන්නේ මොනවාද යන්න නොදන්නා තරමට අද සමාජය විකෘති වී ඇත. සාරධර්ම සමාජයෙන් පිරිහී ඇත. පුද්ගලයකුගේ කතා විලාසය, ක්‍රියා කලාපය හා හැසිරීම් රටාව යන සෑම දෙයක්ම සාරධර්ම හා බැඳී පවතී. සමාජයේ යහපත් පුරවැසියකු ලෙස ජීවත්වීමට සාරධර්ම අත්‍යවශ්‍යය. මුලින්ම සාරධර්ම ඉගෙන ගන්නේ තම පවුලෙනි. වැඩිහිටියන්ට ගරු කිරීම, හොඳ වචන කතා කිරීම, යහපත් දේ සිදු කිරීම, අවංකකම, ඉවසීම, කරුණාව හා දයාව ආදියෙන් පවුල තුළින් වර්ධනය කරගනියි. එමෙන්ම සමාජයේ සම්බන්ධතා සමඟ ඒවා තවත් වර්ධනයට මෙන්ම පිරිහීමට ඉඩ ඇත…

එනම් සමාජයේ ඇසුරු කරන සමවයස් කණ්ඩායම්, මිත්‍රයන් හා අයහපත් පුද්ගලයින් අනුව එය වෙනස් වනු ඇත‍. සාරධර්ම ගොඩනැගීමට හොඳම ස්ථානය පාසල වේ. මෙහිදී ගුරුවරයකු, පාසල් ශිෂ්‍යයකු හා ශිෂ්‍යයන්ගේ දෙමව්පියන් ලෙස ගිලිහි යන සාරධර්ම නැවත ගොඩනැඟීමට දායක විය හැක. සාරධර්මවලට දරුවාව පුරුදු කරවන්න ඔවුන් කුඩා කළ සිටම දෙමව්පියන් වගකීම ගත යුතුය. පාසලෙනුත් දහම්පාසලෙනුත් යහපත් ගුණාංග දරුවාට පුරුදු කළ යුතුය. වර්තමානයේ ළමයින් ඉගෙනීමට උපන් හපන් ඇති වුවද සාරධර්ම අතින් දුර්වලය.මනුස්සකම් නැත. අනෙකාට වඩා තරගකාරීත්වය අබිබවා යෑම අරමුණ වී ඇත. සාරධර්ම පිරිහිමට ජනමාධ්‍ය ප්‍රධාන හේතුවකි. රූපවාහිනියේ විකාශය වන මෙගා ටෙලි නාට්‍යයද සාරධර්ම කෙරෙහි බලපෑම් කරයි. ජනමාධ්‍යයන් දිනෙන් දින තරගකාරී වන මොහොතක එයින් යහපත් දෙයක් සමාජයට දායාද නොකෙරෙයි. දෙමව්පියන් වශයෙන් දරුවාට, පවුලේ සාමාජිකයන්ට උචිත වැඩසටහන් නැරඹීමට තෝරා ගත යුතුය. එමෙන්ම රූපවාහිනි තීරය තුළින් වෙනත් සංස්කෘතීන් නිරූපණය කිරීමේදී අප සංස්කෘතිය පිරිහී යනු ඇත. අප සංස්කෘතිය බිහි වී ඇත්තේ සාරධර්මවලට අනුකූලවය.

කොරෝනා වසංගතය හමුවේ ළමා පරපුර, තරුණ පරපුර නිරන්තරයෙන් ජංගම දුරකථනය හරහා අධ්‍යාපන කටයුතු ,රැකියා කටයුතු සිදු කළේය. මෙහිදී සිදුවන්නේ සමාජයෙන් පවුලෙන් දරුවා, තරුණයන් දුරස් කිරීමයි. වර්තමානයේ වැඩිහිටි නිවාස ඉදීවීමටත්, සිරගෙවල්වල වැරදිකරුවන් වැඩි වීමටත් සහ මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වීම් සිදුව ඇත්තේ නිසි සාරධර්මයන් රට තුළ නොමැති බැවිනි. අනෙකාට වඩා තමන් ඉදිරියට යන්න සිහින දකින ලෝකයක සාරධර්ම යනු නොවටිනා වචනයක් වී හමාරය. එළැඹෙන අවුරුද්ද උදා වේ ද වැඩිහිටියන්ට බුලත් දී වැඳ නමස්කාර කර පවුලේ සමාජයේ නැතිවී ගිය සබඳතා වර්ධනයට, සාරධර්මයන් නැවත යථා තත්ත්වයට වඩවා ගන්න උත්සාහ ගනිමු. පුද්ගලයෙක් සාරධර්ම , උගත්කමින් පරිපූර්ණ වූ කල ඔහු තුළ ඉතා වටිනාකමක් ඇත්තේය. රටක් සංවර්ධනයට භෞතික පරිසරය පමණක් නොව ජිවත්වන මිනිසුන්ගේ හැදියාව, සාරධර්මද ඉවහල්වනු ඇත.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X