Temples of Sri Lanka

කල්පය නිමා වූවද නිමක් නැති බුදුගුණ

සිය පින් සිරින් සරු
දෙතිස් ලකුණින් විසිතුරු
කෙලෙසුන් කෙරෙන් දුරු
වඳිමි මුනි උතුමන් තිලෝගුරු

දෙතිස් මහා පුරුෂ ලක්ෂණයින්ගෙන් අසූවක් අනුව ව්‍යංජනයන්ගෙන් ද ගැවසීගත් සොබා සම්පන්න ශරීරයක් ඇති එකම ශාස්තෘන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේයි. බුදු සිරුරේ දර්ශන ප්‍රසාදයෙන්ම ශ්‍රාවක භාවයට පැමිණියෝද වූහ විශාලා මහනුවරට යන මාර්ගයේ ගසක් මුල බුදුරජුන් සමවත් සුවයෙන් වැඩ සිටින අවස්ථාවක දඩයමේ යන ලිච්ඡවී කුමාරවරුන් බුදුන් දෙක පැහැද උන්වහන්සේගේ අභිමුවෙහි අභිවහා අභිවාදනයෙන් සිටි බව බණ පොතේ සඳහන් වේ

වක්කලී නම් භික්ෂුව බුදුරජාණන් වහන්සේගේ රූ සපුවෙහිම ඇලී සිටි බව ප්‍රකට කරුණකි මේ ආදී වූ බොහෝ කතා ප්‍රවෘත්තීන්ගෙන් තථාගත ශරීර වර්ණනාව මනාවට වටහා ගත හැක ඉහත කී වර්ණනාවලින් දෙකටම වඩා සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේබුදුගුණ වර්ණනාවටයි බුදුගුණ අපරිමිතයි. බුදු කෙනෙකුන්ට පවා නිම කළ හැක්කේ නොවෙයිඒ වනාහී පුහුදුන් අපට අවිෂය වූවක් බුදු ගුණ අලංකාරයෙහිදී පෙර කී අචින්ති බව මෙසේ දක්වයි

සුවාසූ දහසක් යොදුන් ගැඹුර ඇති මුහුදක්
ගොඩ කෙරුමැයි උදක්
ලෙහෙනු කළ තැත් වැන්න දවසක්

එකී අචින්තිය වූ අප්‍රමාණික වූ බුදු ගුණ සිහිපත් කිරීමේ පහසුව තකා දජග්ග සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ විසින්ම කොටස් නමයකට බෙදා වෙන් කොට තිබේ. සකල විධ කෙලෙසුන් දුරු කළ හෙයින්ද රහසින්වත් පව් නොකළ හෙයින් හෙයින්ද කෙලෙසුන් මාර්ග ඥානයෙන් දුරු කළ හෙයින් සියලු පූජාවන්ට සුදුසු හෙයින් අරහං නම් වන සේක චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන් අවබෝධ කරගත් හෙයින් ෙන් අනුශාසනා කළ හෙයින් ජාති නමැති කාන්තාරයෙන් සත්වයන් එගොඩකොට නිර්මාණය නැමති සේම භූමියට පමුණුවන හෙයින් සත්තා දේව මනුස්සානම් වන සේක මේ ලෝකයේ දත යුතු යන යමක් ඇද්ද ඒ සියල්ල දන්නා හෙයින් චතුරාර්ය සත්‍යය අනුන්ට අවබෝධ කරවූ හෙයින් බුද්ධ නම් වන සේක ගුණයන් උත්තරීතර හෙයින් ලෝභ ද්වේශ මෝහ යන අකුසල මූලයන් සම්පූර්ණයෙන් නැතිකර දමන ලද හෙයින් පස්මරුන් දමනය කළ හෙයින් භගවානම් වන සේක මෙයින් අනන්තය වූ සූත්‍රයන්ගෙන් බුදුරජාණන් විවිධ වූ විචිත්‍ර වූත් ගුණයන් දක්නට ලැබේ. නිදසුනක් ලෙස දික් සඟියේ මහා ගෝවීන් සූත්‍රයේ මනාව අන්තර්ගත වී තථාගතයන් වහන්සේගේ තවත් ප්‍රකට ගුණ කිහිපයක් ලෙස තාදී ගුණය මහා කාරුණික ගුණය හා උන්වහන්සේ තුළ පැවති නිහතමානී ගුණය සඳහන් කිරීමට පුළුවන්

ලාබෝ අලාභෝ අය සොයා සෝච නින්දා ප්‍රශංසාච සුඛංච දුක්ඛං යනුවෙන් දක්වා ඇති පරිදි ලාභාලාභ අයස යස නින්දා ප්‍රශංසා සැප දුක යන අවස්ථාවන්හිදී කිසි කලකින්වත් කම්පා නොවී කටයුතු කිරීමතාදී කිරීම කිරීමතාදී ගුණයන් වහන්සේ කිරීම උපතේ සිට මරණය ජීවිතයේ විවිධ අවස්ථා පිළිබඳව සලකන විට අටලෝ දහමේ සුඛ පක්ෂයට පමණක් භාජනය වූවන් මෙන්ම අසුභ පක්ෂයට පමණක් භාජනය වුවන්ද සමාජය නොමැති බව පැහැදිලියි අටලෝ දහම අනුව නින්දා අපහාසව නම් වූ නොලැබූව කුලව නැත බුදුරජුන්ටද එය එසේම විය එම අවස්ථාවේ අත්‍යවශ්‍ය ගුණාංගයක් වන්නේ ඉවසීමේ ගුණයයි

එදා බුදුරජාණන් වහන්සේ දේවදත්ත හිමියන්ටත් අංගුලිමාලටත් ධනපාල ඇතාටත් සිය පුතුන් රාහුලටත් සම සිතින් මහා කරුණාවෙන් දිනපතා හිමිදිරි පාන්දර යහමග දෙසුවා මහා කරුණා සමාපත්තියට සම වැදී තමන් සම වැදී තමන් වහන් වහන්ස වහන්ස වහන්ස වහන්ස වහන්සේ වහන්සේ වූ උතුම් බුදු ගුණ නිරන්තරයෙන් මෙනෙහි කරන සැදැහැවත් ශ්‍රාවකයාගේ සිත සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්තයට සම්පන්න වීමෙන් හිත ප්‍රමුදිත භාවයට පත්වේ. හෘදය වස්තු නිවීමට පැමිණේ අර දේවස්තුව නිවීම නිසා ලේ ධාතුව සිහිල් වේ. ලෙ ධාතුව නිවීමෙන් ශරීරය නෙවේ. නිවුණා වූ ගත සිත ඇත්තා නිවැරදි සමාධියකට පිහිටන බව බුදුරජාණන් වහන්සේ විසින්ම වත්ථූපම සූත්‍රයේ දී දක්වා තිබෙනවා මෙසේ වූ බුදු ගුණ නිරන්තරයෙන් සිහිකිරීම හෙවත් බුද්ධානුස්සතිය වැඩීමෙන් බියක් නැති තැතිගැනීමක් නැති ලොමුදැහැගැනීමක් නැති නොවන බුද්ධ දේශනාවයි එහෙයින් මේ උතුම් බුදු ගුණ සිහි කරමින් ජීවිතය පිළිබඳව නිවැරදි මාර්ගයකට පිවිසීමට ඔබ සැමට ආරාධනා… ඔබ සැමට තෙරුවන් සරණයි…

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X