Temples of Sri Lanka

කර්මයට දෑස් අහිමිද ?

පුද්ගලයෙකු යම් ක්‍රියාවක් සිදුකරන සෑම අවස්ථාවකම මනස යට අභිප්‍රායක් හටගන්නා අතර එම ක්‍රියාවේ ඵල විපාකය නිර්ණය කරන්නේ එම සිතුවිල්ල මිස සිදු කරන ලද ක්‍රියාවේ බාහිර ස්වරූපය නොවේ. යමෙක් ශ්‍රද්ධාවන්ත හා සිල්වත් ස්වරූපයක් මවාපාමින් තණ්හා, වෛරය හා ක්‍රෝධයෙන් යුතුව යම් ක්‍රියාවක් සිදුකරයි නම් එම ක්‍රියාවේ ඵල විපාක රඳා පවතින්නේ ක්‍රියාවට හේතුවු මුලික අරමුණ මත බැවින් ඔහුට අනාගතයේ දුක් විපාක ලැබිය හැක.

 

බුදුරජාණන් වහන්සේ සැප විපාක ලබාදෙන කුසල කර්ම (යහපත් ක්‍රියා) හා දුක් විපාක ලබාදෙන අකුසල කර්ම (අයහපත් ක්‍රියා) යන දෙවර්ගය පිළිබඳ දේශනා කළ සේක.

 

එම නිසා කර්ම ලෝකය පිළිබඳ විශ්ව න්‍යායක් පැහැදිලි කිරීමට මෙන්ම ආචාර ධර්මයක් ලෙසද යොදා ගනී. අනාගතය රඳා පවතින්නේ තමන් කරන ක්‍රියා මත බවත්, මේ හේතුවෙන් රහසිගත ක්‍රියා කිසිවක් නොමැති අතර සෑම ක්‍රියාවකින්ම යම් ප්‍රතිඵලයක් ලැබෙන බවත්, බෞද්‍ධයෝ විශ්වාස කරති. බුදුදහමේ එන කර්මයෙන් අවධාරණය කරන්නේ තමන්ට සිදුවන දේ ගැන වෙනත් කෙනෙකුට චෝදනා කළ නොහැකි බවත් එය තමාගේ ක්‍රියාවක ප්‍රතිඵලයක් බවත්ය.

කර්මය තවත් කොටස් වලට බෙදිය හැක. සංසාරික සැපත (උසස් ස්ථානයක උප්පත්තිය ලැබීම වැනි) ලබාදෙන කුසල කර්ම හා නිර්වාණය වෙත යොමු කෙරෙන කුසල කර්ම. එනිසා ලෞකික සැපත ලබාදෙන සංසාරික කුසල කර්ම මෙන්ම විමුක්තිදායක කර්ම, දුක් පීඩා සඳහටම නවත්වන නිසා ඇති උත්තම කර්ම ලෙස පවතී. ‍යමෙක් විමුක්තිය (නිර්වාණය) ලඟා කරගත් විට තවදුරටත් කර්මය හටගැනීම නවතී. මෙම තත්වයේ පවතින සිත පාලියෙන් “කිරිය සිත” නම් වේ. බුදුරජාණන් වහනසේ අවවාද කළේ කුසල කර්ම සිදු කිරීමයි. “අකුසල ක්‍රියාවන්ගෙන් වැළකීම, කුසල ක්‍රියා සිදු කිරීම, සිත දමනය කර ගැනීම සියළු බුදුවරුන්ගේ අනුශාසනාවයි ”

සබ්බ පාපස්ස අකරනං, කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝ දපනං, එතන් බුද්ධාන ශාසනං 

කර්මයේ විපාක නොවැළැක්විය හැකි නිසා නැවත ඉපදීම සමඟ කර්මය අනිවාර්යෙන්ම බැදී පවති. නමුත් ‍නැවත උපතකට එකම හේතුව කර්මය නොවේ. මාහායාන සම්ප්‍රදායට අනුව 8 වන අදියරට ඉහළින් මාර්ග ඵල ලබාගත් බෝධිසත්වවරුන් නැවත උත්පත්තිය ලැබීමට තෝරාගන්නේ සංසාරේ තවමත් සිරවී දුක් විදිනා සත්වයන් මුදවා ගැනීමටයි.

බුදුරජාණන් වහන්සේ කර්මය හටගැනීමට අවශ්‍ය දේ දේශනා කළ සේක.

කර්මය සත්‍ය වශයෙන්ම සිදුවිය යුතුයි. එය මුළාවක් නොවේ.
දෙවනුව තමාගේ ක්‍රියාව පිළිබඳ වගකීම දැරිය යුත්තේ තමා විසින්මය. තමන් හරහා ක්‍රියාකරන යහපත් හෝ අයහපත් සත්වයකුගේ හෝ නක්ෂත්‍ර බලපෑමක් නොමැත. තමන් සිහියෙන් සිටින විට තම ක්‍රියාව නිර්ණය කරන්නේ තමන්මය.
ක්‍රියාවට ප්‍රතිඵලයක් තිබේ. ජලය මත ඇඳි ඉරක් මෙන් නොව සිදුකරන සෑම ක්‍රියාවකටම සිතේ ඇතිවු අරමුණ අනුව ලැබෙන සැප හෝ දුක විපාක තිබේ.

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X