ධර්මයේ දැනුම හැමදාටම වටිනවා
පස්වැදෑරුම් සංසර්ග…
1. ශ්‍රවණ සංසර්ගය
2. දර්ශන සංසර්ගය
3. සමුල්ලාප සංසර්ගය
4. සම්හෝග සංසර්ගය
5. කාය සංසර්ගය
👉
1. ශ්‍රවණ සංසර්ගය
යම් ස්ත්‍රියකුගෙ හරි පුරුෂයකුගෙ කතාවක් වචනයක් ගීතයක් හෝ මිහිරි ආමන්ත්‍රණයක් ඇසීමෙන් එම තැනැත්තා කෙරෙහි ආදරයෙන් බැඳෙනවට කියනව සවණ සංසග්ග හෙවත් ශ්‍රවණ සංසර්ගය කියල. බොහෝ වෙලාවට ගායක ගායිකාවන්ට ආදරේ කරන්නෙ ඇළුම් කරන්නෙත් මේ සවණ සංසග්ග හින්දයි. බොහෝ පෙම්වතුන් පෙම්වතියන් දුරකථන වල පැය ගනන් එල්ලිලා ඉන්නෙ මේ සවණ සංසර්ගයට ප්‍රිය කරන නිසයි.
2. දර්ශන සංසර්ගය
යම් ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි දැකල එයාගෙ අත් පා ලස්සනයි, මුහුණ ලස්සනයි කොණ්ඩෙ ලස්සනයි, ඇස් දෙක ලස්සනයි ආදී වශයෙන් ශරීරයේ අංගෝපාංග ගැන හිතල ඒවට ආශා කරනව ඒගැන වර්ණනා කරනව ඒව ප්‍රාර්ථනා කරනව, අනේ මටත් ඒවගේ කෙනෙක් හිටියනම් හොදයි කියල හිතනව. එහෙම හිතල ඒවට ආදරයෙන් බැඳෙනව මේකට කියනව දස්සන සංසග්ග හෙවත් දර්ශන සංසර්ගය කියල. චිත්‍රපටි ටෙළිනාට්‍ය නළු නිළියන්ට ආස කරන්නෙ. පෙම්වතුන් පෙම්වතියන් ගෙ ඡායාරූප ළඟ තබාගෙන ඉන්නෙ මේ දස්සන සංසග්ග හින්දයි.
3. සමුල්ලාප සංසර්ගය
යමෙකු හා කතා බහ කිරීම, සිනාසීම, මුකුළු පෑම හුරතල් කිරීම, අල්ලාප සල්ලාපයෙහි යෙදීම, විහිළු තහළු කිරීම ආදීවූ ක්‍රියාවන් නිසා ඇතිවන ඇල්ම නැතහොත් ආදරයට කියනව සමුල්ලාපන සංසග්ග කියල.
4. සම්හෝග සංසර්ගය
යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් පාවිච්චි කරන ලද බඩු බාහිරාදිය , උපකරණ, ඇඳුම් පැලඳුම් ආදිය දැක ඇති වන්නා වූ ඇල්ම ආදරය සම්භෝග සංසග්ග කියල හඳුන්වනව. තමන් ආදරය කරන කෙනාගෙ දේවල් තමන් ලඟ තබා ගන්න පෙළඹෙන්නෙ මේ හේතුව හින්දයි. තමන් ප්‍රිය කරන කෙනෙක් මිය ගියාම ඔහුට හෝ ඇයට අයත් වස්තු දැකල, එයාව සිහිපත් වෙලා ආදරයක් ඇල්මක් හට ගැනීමට හේතුවත් මේකමයි.
5. කාය සංසර්ගය
මෙයින් අදහස් කරන්නෙ කායිකව එක්වීමයි. ස්පර්ශ කිරීම් සිප වැලඳ ගැනීමේ සිට ලිංගිකව එක් වීම දක්වා සිදුවන ක්‍රියාවලිය මෙයට අයත්. ලිංගිකමය අරමුණු නැතත් කුඩා දරුවන් ආදීන් තුරුළු කර ගැනීම් ස්පර්ශ කිරීම් ආදියත් කාය සංසග්ගම තමයි. කායික ස්පර්ශයට ඇලීම කාය සංසග්ග කියල සරලව කියන්න පුලුවන්.
ඇත්තටම මේ පස්වැදෑරුම් සංසර්ගය නිසා ඇතිවන ඇල්ම (ආදරය, රාගය) හින්ද සිදු වෙන්නෙ අප තුළ තියන තණ්හාව වර්ධනය වෙන එකයි. ඊට පස්සෙ “මේක මගේ, අරක මගේ, මෙපමණක් මගේ, මම, මාගේ, මට” යනාදී වශයෙන් ආත්ම දෘෂ්ඨිය ඇති කර ගන්නෙ.
ඔබේ ජීවිතය තුල ඔබ ගතකරන කාලය තුල මේ බලපෑම් ද ධර්මයේ නිවැරදි හැසිරීමට සහේතුක වන බව ඔබ කල්පනා කරන්න…ඔබට දහම් දැනුම ලැබවා…
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood