ආනිසංස රැසක් ගෙනෙන විදර්ශනා භාවනාව…
විපස්සනාව යනු අනිත්‍ය දුක්ඛ අනත්ත (තමාට මනාප පරීදි පවත්තන්න නවත්තන්න නොහැකි බව) යන ත්රිලක්ෂණය සිහි නුවණින් (සතිසම්පජන්න) මෙනෙහි කිරීමයි. විපස්සනා භාවනාව ඉන්දියාවේ පැරණිතම භාවනා ක්‍රමයක් වන අතර එය හඳුන්වා දෙන ලද්දේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් අවු. 2500 කට වඩා අතීතයේදීය. මෙම භාවනා ක්‍රමය බෞද්ධ අබෞද්ධ බොහොදෙනෙක් භාවිතා කරන අතර විදර්ශනා භාවනාව නම් වේ. එය බුදුරජාණන් වහන්සේ විසින් උගන්වන ලද බෞද්ධ භාවනා ක්‍රමයක් වුව ද, එය නිකායවාදි නොවන විශ්ව යෙදුමක් වේ. යමෙකුට විදර්ශනා භාවනාව වැඩීම සඳහා බෞද්ධාගම වැළඳ ගැනීම අත්‍යවශ්‍ය නොවේ. විපස්සනා භාවනා වඩීමේ ක්‍රමය නිකායෙන් නිකායට වෙනස් වුව ද, සියළුම ක්‍රමවල මුලික පදනම වන්නේ සතර සතිපට්ඨානය නමින් හඳුන්වන කාය වේදනා චිත්ත ධම්ම අනිත්‍ය දුක්ඛ අනත්ත වශයෙන් අනුපස්සනා කිරීමයි.
විපස්සනා භාවනාව බුදුදහමේ ප්‍රධාන භාවනා ක්‍රම දෙක වන සමථ හා විපස්සනා භාවනා ක්‍රම දෙකෙන් එකකි. සමථ භාවනාවෙන් සිත සන්සුන් කරන භාවනාවක් වන අතර, එය යෝගා වැනි ලෝකයේ වෙනත් භාවනා ක්‍රම වලට සමාන වේ. එය මඟින් සිත සන්සුන කර සිත විනිවිද දැකිම සඳහා අවශ්‍ය සිත එකඟ කර ගැනීමේ හැකියාව ලබා දේ. සමථ භාවනාවෙන් සිත සන්සුන් කළ හැකි වුවද සිතේ ස්වභාවය පැහැදිලිව අවබෝධ කර ගත හැක්කේ විදර්ශනා භාවනාවෙනි. එයින් ප්‍රඥාවට ද, ඉන් පසුව ඥානයට ද සිත යොමු වීම චතුරාර්ය සත්‍ය අවබෝධ කර සසර දුකින් අත්මිදිය හැක.
විපස්සනා භාවනාවේ අනුසස් හැටියට අපි විශේෂයෙන් හදුන්වන්නට ඕනේ, අටලෝ දහමෙන් කම්පා නොවීමේ ශක්තිය ඇතිවෙනවා. මේ ලොකේ සියලු දෙනාම නිතර පෙරලෙන කරුණු අටක් තියෙනවා. ලාභ-අලාභ, යස-අයස, නින්දා-ප්‍රසංශා, සැප-දුක් කියලා. මේ කිසි දෙයකට කම්පා වෙන් නෑ විපස්සනා වැඩූ තැනැත්තා. ඒ වගේම බොහෝ සෙයින් බොහෝ දෙනාගේ සිත රාග, දෝශ, මෝහ ආදියෙන් නිතරම කැලඹෙනවා. ඒ කැලඹෙන ගතිය යට වෙනව මේ විපස්සනා භාවනාව කිරීමෙන්. ඒ වගේම විපස්සනා භාවනාව වැඩීමෙන් විශේෂයෙන්ම මේ භව සංසාරයෙහි, භව සංසාරයෙහි අනාදිමත් සංසාරයෙහි ජාති, ජරා, මරණ ආදී දුකින් පීඩිත වූ ස්කන්ධ පරම්පරාව සීමා බවට පමුණුවන්නා එක එක මාර්ග ඵල වලින්. සෝවාන් මාර්ග ඵලයකින් උතුම් අවස්ථාවට පත්වෙන්නෙ විපස්සනාව වැඩීමෙන්. එසේ වැඩූ තැනැත්තා සතර අපායෙන් සදහට මිදෙනවා.
මේ සංසාර ගමන ආත්ම හතකට සීමා වෙනවා. ආත්ම හතක් ඇතුලත සියලු සංසාර ගමන අවසන් කරලා අරිහත්වය සාක්ෂාත් කරගන්න වාසනාවන්ත වෙනවා. ඒ වගේම විපස්සනාව තවත් දියුණු කරගෙන සකදාගාමී කියන උතුම් මාර්ග ඵල ලබාගත්තහම මනු ලොවට එක වරක් පමණක් ඇවිල්ල රහත්වෙන තත්වයට පත්වෙනවා. ඒ වගේම තුන් වෙනි අවස්ථාව කියනවා අනාගාමී කියන මාර්ග ඵල ප්රතිලාභ කරගත් තැනැත්තා මේ විපස්සනා භාවනාව මාර්ගයෙන් ඒ තැනැත්තා නැවත මේ සතර අපාය, මනුලොව, දෙව්ලොව සය කියන ස්ථාන එකොලහට එන්නෙම නෑ. ඒකාන්තයෙන්ම බඹලොව ඉපදිලා නැවත ආපහු නොඑන හැටියට එහිදී අරහත්වය සාක්ෂාත් කරගන්න සමර්ථ වෙනවා. ඒ වගේම විපස්සනා භාවනාව වඩලා යම් කෙනෙක් අරිහත්වය කියන උතුම් අවස්ථාව සාක්ෂාත් කරගත්තා නම් නැවත පුනර්භවයක් ඇතිවෙන්නෙ නෑ. උන් වහන්සේ පිළිබඳව උන්වහන්සේට කිසිම කායික මානසික දුක් පිඩාවක් දරාගන්න බැරි වෙන් නෑ. සියල්ලම උන් වහන්සේ මහමෙර මෙන් දරාගෙන ආයුෂ සංස්කාර අවසන් වනතුරු ජීවත් වෙලා පිරිනිවන් පා වදාරනවා. උන් වහන්සේට මේ සංසාර ගමන අවසන් වෙනවා ජාති දුක, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාසාදී ඒ සංසාර දුක සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා අසංඛත ධාතු සංඛ්‍යාත අමා මහා නිවන සාක්ෂාත් කරගත්ත වෙනවා. මෙන්න මේ නිසා අරිහත්වය, පසේ බුද්ධත්වය, සම්මා සම්බුද්ධත්වය දක්වාම ලෝකොත්තර ධර්මයන් සාක්ෂාත් කර ගැනීම තෙක් මේ විපස්සනා භාවනාව ආනිසංස ගෙන දෙනවා කියන එක අපි කරුණාවෙන් සිහිපත් කළ යුතුව තියෙනවා.
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood