The Dhammapada – ධම්මපදය – අප්පමාද වග්ගය – 03
තේ ඣායිනෝ සාතතිකා – නිච්චං දළ්හපරක්කමා
ඵුසන්ති ධීරා නිබ්බානං – යෝගක්ඛේමං අනුත්තරං
ඵුසන්ති ධීරා නිබ්බානං – යෝගක්ඛේමං අනුත්තරං
ඒ ප‍්‍රඥාවන්ත ශ‍්‍රාවකයන් වහන්සේලා නිරන්තරයෙන්ම ධ්‍යාන වඩනවා. හැම තිස්සේම දැඩි වීරියෙන් යුතුව, ධර්මයේ හැසිරෙනවා. ඒ නිසා සියලු භව බන්ධන වලින් නිදහස් වෙලා, අනුත්තර වූ ඒ අමා මහ නිවන සාක්ෂාත් කරනවා.
(වේළුවනාරාමයේදී කුම්භඝෝෂක අරභයා වදාළ ගාථාවකි ෴)