The Dhammapada – ධම්මපදය – අප්පමාද වග්ගය – 12
අප්පමාදරතෝ භික්ඛු – පමාදේ භයදස්සි වා
අභබ්බෝ පරිහාණාය – නිබ්බාණස්සේව සන්තිකේ
අභබ්බෝ පරිහාණාය – නිබ්බාණස්සේව සන්තිකේ
යම් භික්ෂුවක් අප්රමාදයේ ඇලී ඉන්නවා නම්, ප්රමාද වීමේ ඇති භයානක අනතුර දකිනවා නම්, ඔහු පිරිහෙන්ට සුදුසු කෙනෙක් නොවෙයි. ඒ අමා නිවන ළඟමයි.
(නිගමතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)