Temples of Sri Lanka

ආදර්ශමත් බුදුසිරිත

බුදුරජාණන් වහන්සේ දුර්ලභ මනුෂ්‍යයෙක් උන්වහන්සේ හැම තැනම උපදින්නේ නෑ යම් තැනක උපන්නේ නම් එතැන සැපවත්….

බුදුරජාණන් වහන්සේ විසින් ම බුදු කෙනෙකුගේ ශ්‍රේෂ්ඨත්වය දැක්වීම සඳහා කරන ලද ප්‍රකාශයක් තමයි ඒ.

පුරිසාජඤ්ඤ යනු උත්තම මනුෂ්‍යයා යන තේරුම දෙන වචනයක් එය බුද්ධ ධර්මයෙහි බුදුරජාණන් වහන්සේ හැඳින්වීමට යෙදෙන වචන රාශියකින් එකක් උන්වහන්සේ උත්තම මනුෂ්‍යයෙකු වශයෙන් හැඳින්වීමට අයත් කරුණු ගැන විමසමු

බුදුරජාණන් වහන්සේ මෙලොව උපත ලබන්නේ මනුෂ්‍ය මාතෘත්වය හා පීතෘත්වය ඇතිවයි එහෙත් උන් වහන්සේ සාමාන්‍ය මනුෂ්‍ය වර්ගයා ඉක්මවා සිටි  උත්තම ලක්ෂණයන් ගෙන්  යුක්ත වුණා

රූප විලාසය පිළිබඳව  කතා කරන විට දකින්නන් පහදින රූ සපුවක් උන්වහන්සේ සතුව පැවතුණා  ඇතැම් අය උන්වහන්සේගේ රූ සපුව කෙරෙහි කෙතරම් පැහැදුනා ද යත් එම රූ සපු දෙස බලා ගෙන සිටීමේ අපේක්ෂාවෙන් බොහෝදෙනා  සසුන්ගත වුණා වක්කලී තෙරණුවෝ එබඳු කෙනෙක්.

උන් වහන්සේගේ ශරීර අවයව වල කිසිදු ඌනතාවයක් තිබුණේ නැහැ සිරුරේ පැහැය නෙත් සිත් ඇද ඇදගන්නා සුළුයි එසේම ආකර්ෂණීය රූ සපුවක් උන්වහන්සේ සතු වුණා මහා පුරුෂයන් වශයෙන් හඳුන්වනු ලබන උතුමන්ට පමණක් පිහිටන විශේෂ ශරීර ලක්ෂණ තිස් දෙකක් උන්වහන්සේගේ ශරීරයෙහි පිහිටා තිබුණා එම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වඩාත් ඔපවත් කරන අනුලක්ෂණ 87 පිහිටා තිබුණා මේ නිසා බුද්ධ ශරීරය ඇසූවන් හා දුටුවන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිනවන සුලුවුණා

බුද්ධ ශරීරයේ උසට සරිලන මහතින් ද මහතට සරිලන උසින්ද යුක්ත ආරෝහ පරිණාහ  සම්පත්තියෙන් යුක්තවීම බුද්ධ ශරීරයෙහි සෝබාව දියුණු තියුණු කළා

වාග් විලාසය පිළිබඳව කතා කරන විට ශ්‍රාවකයන් තමන් වෙත නතු කර ගැනීමට සමත් මනරම් වාග් විලාසයක් බුදුරජාණන් වහන්සේට පැවතුනා දහම් දෙසන උන්වහන්සේට වචන ගලා ආවේ නිරායාසයෙන් ඒ හැම වචනයක්ම ඇසූ වන්ගේ සවනට අමෘතයක් බඳු වුණා උන්වහන්සේගේ වචන පැහැදිලියි කතාව මිහිරි මටසිළුටු යි යි උන්වහන්සේගෙන් දහම් අසන ඒ ඒ පුද්ගලයාට දැනුනේ එය තමන් උදෙසා ම කරනු ලබන දේශනාවක් ලෙසින් එම වචන ඇසීමෙන් නාලාගිරි හස්තියා වැනි සතුන් පවා දමනය වුණා බුද්ධිමත් අන්‍යාගමිකයෝ එම වචන අසා පැහැදී උන් වහන්සේගේ සරණ ගියා

බුදුරජාණන් වහන්සේගේ ඥාන විලාසය ඉතා ආශ්චර්යයයි බුදුරජාණන් වහන්සේට සැරියුත් තෙරුන් වැනි මහා ප්‍රඥා ඇති ශ්‍රාවකයන් වහන්සේලා  සිටියා උන්වහන්සේලාගේ ප්‍රඥාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවෙන් පරිපූර්ණ වුණේ නෑ බුදුවරුන් වශයෙන් හඳුන්වා ගත් සෙසු පුද්ගලයොත් සිටියා. මහා ප්‍රාඥයන් වශයෙන් ප්‍රසිද්ධ වූ සච්චක වැනි බ්‍රාහ්මණයෝ ද සිටියා ඒ සියල්ලෝම බුදුරජානන්වහන්සේගේ ප්‍රඥාව ඉදිරියෙහි අසරණ වුණා බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේගේ දර්ශනය වටහා ගෙන අනතුරුව උන්වහන්සේගේ ප්‍රඥාවෙහි පිළිසරණ සෙව්වා බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වූ ඤාණ හයක් උන්වහන්සේට තිබුණා

ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥානය, යමක පාටිහාරිය ඤාණය, ආසයානුසය ඥානය, මහා කරුණා සමාපත්ති ඤාණ, සබ්බඤ්ඤුත ඤාණං, අනාවරණ ඥාන එම ඤාණ 6 යි.

බුදුන් වහන්සේගේ ප්‍රඥාව ඉතා තියුණුයි සාමාන්‍ය පුද්ගලයන් වයස්ගත වන විට ඔවුන්ගේ සිහිකල්පනාව හා ප්‍රඥාව දුර්වල තත්වයකට පත් වුණත් බුදුරජාණන් වහන්සේ අසූ වයස් ව ශාරීරික වශයෙන් අතිශයින් ම දුර්වල වුණත් ප්‍රඥාවෙහි කිසිදු අඩුවක් ඇති නොවන බව උන්වහන්සේම වදාළා බුද්ධිමත් ශ්‍රාවකයන් අතර හතර නමක් ඇඳේ සතර කොන සිටගෙන එක්වර ගැඹුරු දාර්ශනික ප්‍රශ්න විශාල ද කිසිදු අවුලක් නැතිව මුල මැද අග සබඳතාව නොසිඳෙන පිළිතුරු දිය හැකි ඥාන ශක්තියක් ඇති බව උන්වහන්සේ ප්‍රකාශ කළා

උන් වහන්සේගේ මේ මහා ප්‍රඥාව බොහෝ පඬිවරුන්ගේ වර්ණනාවට පවා භාජනය වුණා දිනක් පිලෝතික පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ වෙත ගොස් එන විට ජානුස්සෝනි  නම් බමුණෙක් හමුවුණා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදී සිටි ලෝක පරිබ්‍රාජකයා තමා බුදුරජාණන් කෙරෙහි පැහැදීමට හේතු උන්වහන්සේගේ ඥාන ශක්තිය විස්තර කළේ මෙසේයි..

තමන් තුළ ඇති උසස් නුවණින් අනුන් හා වාද කොට ජය ගන්නා ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති ශ්‍රමණ පඬිවරු බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේගේ ධර්මය අසා ව වහන්සේගේ ධර්මය අසා වාද නොකරමි ශ්‍රාවකයන් බවට පත්වෙනවා මෙය උන්වහන්සේගේ ප්‍රඥාව හි පැවති ආශ්චර්යයන් ලක්ෂණයක් දැක උන්වහන්සේ සම්මා සම්බුද්ධ බව තීරණය කරගතිමි. මෙසේ බුදුරජාණන් වහන්සේගේ රූපයෙහි හා වාග් වෙලා එහි පැවති ප්‍රසාදජනක ලක්ෂණයන් මහා ප්‍රඥාවෙහි ඇති සුවිශේෂීත්වය නිසා උන්වහන්සේ දුර්ලභ ගණයේ උත්තම මනුෂ්‍යත්වයක් දැරූ බවට සාධක සනාථ වෙනවා.

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X