Temples of Sri Lanka

අරුත්බර නොනගතය…

නොනගතයේ දී ඔබ මොකද කරන්නේ?

හිරු ඊළඟ වර්ෂය ආරම්භ කිරීමට තබන පියවරේ දී රාශි මාරුව හමුවෙනවා. මීන රාශියෙන් මේෂ රාශියට. මේ රාශි මාරුවේ දී පැය 12ක් පමණ සංක්‍රාන්ති සමයක් තිබෙනවා. එය අපි ‘නොනගතය’ ලෙස හඳුන්වනවා.

නොනගතය යන්න ගත නොවෙහෙස වීම ලෙස හඳුන්වනවා. නොගතයෙහි පූර්ව භාගය වෙන් කරන්නේ පුණ්‍ය කාලය සඳහායි.

වර්ෂයක් පුරාවට සිය අරමුණු පස්සේ දුවමින් හති වැටුණු සමාජයකට ඉන් මිදෙන්නට එක් අවස්ථාවක් නොනගතය. පැරණි චාරිත්‍ර වාරිත්‍රවලට අපූරු අගයක් එක් වෙන අවස්ථාවක් නොනගතය. චාරිත්‍ර ඉෂ්ට කරන්නට හෝ පූජා භූමියකට ගොස් හෝ නැතිනම් නිවසේ සිට ඔබට තම ආගම, දහම මදක් හෝ සිහිපත් කරන්නට පුලුවන්.

කාර්‍යබහුල ජීවිත තුළ එක් නිමේශයක් ඔබට නිදහසේ ගත කරන්නට පුලුවන්. එහිදී ඔබ ඔබ ගැන සිතන්න. ඔබ කළ දේ, කළ යුතු දේ, ඔබ මෙතෙක් ආ ගමන් මග සිතන්න. දැහැමිව ජීවත් වන්නට අධිෂ්ඨාන කරගන්න. තම මනසෙහි සතුට ගොඩ නගා ගන්න. මෙවන් නිදහස් අවස්ථාවක් බුදුන් වහන්සේ පෙන්වා දුන් දර්ශනයට අනුව ජීවිතය හැඩ ගස්වා ගන්න. අඩුපාඩු හඳුනා ගෙන ඒවා හදාගන්න.

අලුත් අවුරුද්දට පිරිසිදු මනසකින් එළඹෙන්න.

සහෝදරත්වයෙන් එක්වෙමු !

-බෞද්ධ සහෝදරත්ව පදනම –

You might also like
en English
X
X