🌷අතෘප්තිකර ආශාවන්ගෙන් ප්‍රේමය හුවා දක්වා ගනිමින් ප්‍රේමය හරහා ආශාවන් අපරිමිත ස්ථානයක රඳවා පවත්වා ගැනීමට වෙර දරන අද වන් තරුණ සමාජයක් තුළ, අපට ඇදහිය හැකි සමාජ ක්‍රමයක් බෞද්ධ දර්ශනය තුළින් පසක් කරයි.
🌷ඒ කෙසේද යත්, ලැබීම සහම් නොලැබීම අතර ප්‍රේමය සහ විරහව, අතිශය සාධාරනීය වූ හැඟීමක් ලෙස දනවන, බෞද්ධ දර්ශනය කියාපාන බොහෝ කරුණු, ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන මතු කර දැක්වීමයි.
🌷කෙනෙකුට ප්‍රේමය, සුන්දර විය හැක. කෙනෙකු එසේ කියන විට, තවකෙකු එහි අසුන්දර බව, වේදනාත්මක බව, ගැන කියනු ඇත.
🌷ඒ ප්‍රේමය එක් එද අය විසින් අත්විඳින ආකාරයයි .
🌷ආකල්ප තුළින් නන්දනීය වන ජීවිත, ප්‍රේමය තුළ වූ රස අර්ථකථන විදිමින් ජීවිතය විඳී.
🌷අදට වඩා වසර කිහිපයකට පෙර, අපේ සමාජයේ ඇත්තන් ප්‍රේමය අත් විඳි ආකාරය හාත්පසින්ම වෙනස්ය .
🌷ධනය, වත්පොහොසත්කම්, හැදියාව, ගතිගුණ, ආදියට ආදරයේ දී මුල් තැන ලැබුණි . ප්‍රේමයෙන් පරාජිත වූ විට එකිනෙකාට අපහාස කිරීමක් නොවිණි. එසේ වූවා නම් වූයේ ඉතා කලාතුරකිනි.
🌷සියල්ල දරා ගනිමින් පෙම්වතුන් විරහව විද ගත්තේ අපරිමිත සෙනෙහසකිනි .මේ ඒ අතීතයයි .
🌷සැබැවින් ම එදාත් අදත් ප්‍රේමය නම් සුන්දරයි. පවිත්‍රයි. ප්‍රේමය ඇත්තේ හිමිකර ගැනීම තුළ නොව, අහිමි වීම තුළයි. නොලැබුණු ප්‍රේමය ඉදිරියේ හඬා නොවැටී සාප නොකර නිරන්තරවම…
සෙත් වේවා !!!!🙏 යැයි ප්‍රාර්ථනා කිරීම තිබුනා නම්, තිබුනේ ඒ අතීතය තුලයි.
🌷සසරින් සසර පතා ආ හොඳම පෙම් යුවල අපට හමුවන්නේ බෞද්ධ සාහිත්‍යයේයි. ඒ සිදුහත් යශෝධරා ප්‍රේමයයි .
🌷ආදරය ප්‍රේමය ,දැනුවත්ව හෝ නොදැනුවත්ව ප්‍රේමණීය හැඟීම් සන්තර්පණය කිරීමට සමත්, කේවල අත්දැකීමක් ද විය හැකියි.
🌷සත්‍ය දකිමින් ,වත්මන අත්විඳිමින් ප්‍රේමණීය බව විහිදුවීමට ,සංවර වූ හිත මේ ලෙස විනයගරුක වූ බවක් ද සිතිය හැක .
🌷සිදුහත් කුමරුන්ට පෙම් කළ තවත් තරුණියක්, බෞද්ධ සාහිත්‍යයෙන් මේ ලෙස හමුවේ…
🌷සිදුහතුන් උයන් ක්‍රීඩාවට යද්දී සදළුතලයේ සිට ඇය මෙසේ කීවාය .
🌸නිබ්බුතා නූන සා මාතා
නිබ්බුතා නූන සෝ පිතා
නිබ්බුතා නූන සා නාරී
යස්සායං ඊදිසෝ පතී🙏
🌸මෙවන් කෙනෙකු ලද මවක් නිවුනා වෙයි.
මෙවන් කෙනෙකු ලද පියෙක් නිවුනා වෙයි.
මෙවන් කෙනෙකු ලද බිරිඳක් නිවුනා වෙයි.
මෙවන් කෙනෙකු ලද සියල්ලෝ නිවුනා වෙයි.🙏
🙏ඇය කිසාගෝතමිය යි .
🌸ඒ හඬින් පැහැදුණු සිදුහත් කුමරු, තම ගෙල පැළඳි මුතු හර ගලවා ඇයට තුටු පඬුරක් ලෙස යැව්වේය .
🌸බෞද්ධ ඉතිහාසයේ සඳහන් වැදගත් සිදුවීම් අතර බෝසතාණන් වහන්සේ ගිහිගෙය හැර යන දවස ඉතා වැදගත් සිදුවීමක්… ඒ දවසේ උදේ කාලයේ තමයි උන්වහන්සේට කිසාගෝතමිය විසින් මේ නිබ්බුත පද ගායනා කරන්නේ… ඒ අනුවයි අප කුඩා කාලයේ පටන් මේ කිසාගෝතමිය කියන නිබ්බුත පද ඉගෙන ගැනීම කරන්නේ …
🌸ඒ වනවිටත් යශෝදරාවන් ගිවිසගත් සිදුහත් කුමරුට සිත් වූ කිසා ගෝතමිය ගේ ප්‍රේමය හිතේම සඟවා ගත්තේ, පෙර පුරුදු පුහුණු කළ සංයමයක පුහුණුව නිසිපරිදි ලැබීම නිසාවෙන්ම විය යුතුය.
🌸ඇගයිය යුතු හා විය යුතු සමාජ වපසරිය, බෞද්ධ ඓතිහාසික සිදුවීම් තුළින් හා සමකාලීනව සම්බන්ධ කර ගැනීමෙන් ජීවිත යථාවබෝධය ලබාගත හැකි වන අතර, ම පුදුමාකාර විනයක් ද ජීවිතයට එකතු කරගත හැකි වනු ඇත.
🌸වත්මන් සමාජය හා දහම පිළිබඳ විමසීමේ දී දහමේ නියම අරුත මිනිසුන් ජීවිතය තුළට ළඟාකර ගෙන ඇද්දැයි සැබවින්ම ගැටලුවක්…
🌸ලබා ගැනීමෙන් තොර පරිත්‍යාගශීලී වූ ප්‍රේමණීයත්වයක් කිසා ගෝතමියන් තුළ තිබූ බව විද්‍යාමාන ය.
🌸සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය අතහැර යන්නේ ඇසළ පුන් පොහෝ දවසකයි. එදා සිදුවීම් ගණනාවක් සිදු වූ මොහොතක් .
රාහුල කුමරුගේ උත්පත්ති මංගල්‍යය
කිසාගෝතමියගේ නිබ්බුත පද ඇසීම
ඈ වෙත සිය මුතුහර තෑගි කර යැවීම
මහාභිනිෂ්ක්‍රමණය
යන කරුණු රාශියක් මේ ඇසළ පුන් පොහෝ දින සිදු වූ බවටයි ඓතිහාසික තොරතුරු සඳහන් කරන්නේ………,
🌸ප්‍රේමය සම්ප්‍රේෂණය කරමින්, යථාවබෝධය ළඟා කර දෙමින්,පරිත්‍යාගශීලී ආදරය තුළින් පිළිපන් ආත්මීය හැගීම් තෘප්තිමත් කර ගැනීමක් ලෙස බෞද්ධ සාහිත්‍යය තුළ යම් යම් තන්හි හුවා දැක්වීමට සමත් නිබ්බුත පද බෝසතාණන් වහන්සේගේ නිවුනා වූ මගෙහි ආරම්භය සනිටුහන් කිරීමට ප්‍රවිෂ්ට වීම ලගා කරවූ ආකාරය පෙන්වා දෙයි.
🌸ඒ නිවුනා වූ උතුමන් හේතුවෙන් ලෝ වාසී සත්ත්වයාට, නිවීමට ලබාදුන් ,ප්‍රවිෂ්ට වීම ද අති උතුම් ය .🙏🙏