යථාපි මූලේ අනුපද්දවේ දල්හේ
ජින්නෝපි රුක්ඛො පුනරේව රූහති
එවම්පි තන්හානුසයේ අනූහතේ
නිබ්බන්තති දුක්ඛමිදං පුනප්පුනං
මුල හොඳට ඇති කළ
කැපූ ගස ලියලන සේ
දුරු නොකල කල තන්හා
පුන පුනා දුක ඇතිවේ…
කිසියම් ගැටලුවක් ඇති වූ විට නුවණැති පුද්ගලයා එම ගැටලුව ගැනම සිතමින් කල් නොහැර ඊට හේතු මොනවාදැයි සෙවීමට විමසිලිමත් වෙයි .එය විද්‍යාත්මක ක්‍රමය යි.විද්‍යාත්මක ක්‍රමයට අනුව ජාති, ජරා ,ව්‍යාධි, මරණාදී ,විවිධ දුක් වලට සත්වයා නැවත නැවත ගොදුරු වන්නේ කුමක් නිසා දැයි බුදුරජාණන් වහන්සේ විමසිලිමත් වූ සේක. එහි ප්‍රතිඵලයක් වශයෙන් දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ඉදිරිපත් කෙරිණි.
කිසියම් හෝ හේතුවකින් තොරව එසේත් නැත්නම් ඉබේ එසේත් නැත්නම් දෙවියකු විසින් ඇති කරනු ලබන්නක් හෝ නොවන මේ දුක ,හේතු සමූහයක බලපෑමකින් ඇතිවන්නකි. මේ හේතු සමූහය අතර දුකෙහි සැබෑ හේතුව ලෙස ගැනෙන තෘෂ්ණාව ප්‍රධාන වෙයි.
කඳින් පැල වන්නා වූ ගසක මුලට හානියක් වී නැත්නම්, එම ගස කපා දැමූවද නැවත දලු ලයි.එසේම, තෘෂ්ණාව තියෙන තුරු නැවත නැවත දුක හට ගනී.
ජරා මරණ ආදී දුක ඇතිවීමට පදනම වන්නේ ජාතිය හෙවත් ඉපදීම යි .ඉපදීම නැවත නැවත සිදු නොවන්නේ නම් නැවත නැවත සිදුවන ජරා මරණාදී දුක් වලට ද පත් නොවේ .සසරෙහි දිගු වශයෙන් නැවත නැවත ඉපදීමට මූලික වන හා විවිධ දුක් කරදර වලට ප්‍රධාන හේතුව වන බැවින් ද තෘෂ්ණාව දුකෙහි සැබෑ හේතුව ලෙස බුදුරජාණන් වහන්සේ වදාළේ එබැවිනි.
නැවත ඉපදීම ඇතිකරන ,ඒ වස්තූන් මත සතුටින් හා ඇල්මෙන් බැඳෙන ,හා ඒ ඒ භවයන්හි ඇල්ම ඇති කරවන හේතුව තෘෂ්ණාවයි.එය දුක්ඛ සමුදය ආර්ය සත්‍යයයි .මෙය කාම තණ්හා භව තණ්හා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් තෙවැදෑරුම් වන බව ධම්ම චක්කප්පවත්තන සූත්‍රයෙහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. කාම තණ්හා ,භව තණ්හා, විභව තණ්හා, වශයෙන් තෙවැදෑරුම් වූ තෘෂ්ණාව දුක ඇති වීමේ සැබෑ ම හේතුව ලෙස අපි දකිමු.
කාම වස්තුන් නැවත ලබා ගැනීමට ආශා කිරීම් වශයෙන් පහළ වීම එක් ස්වරූපයක්. කාම වස්තු නම් රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්බ ධම්ම යන අරමුණු යි. ඇසට හමුවන රූප වලින් ලැබෙන ආශ්වාදය නිසා රූප වලට ආශා කරමු. එය රූප තෘෂ්ණාවයි .කනට ඇසෙන ශබ්ද මගින් ලැබෙන සතුට නිසා එබඳු ශබ්ද ඇසීමට ආශා කරමු . එය ශබ්ද තෘෂ්ණාවයි. විනාසයට ගන්ධයක් දිවට රසයක් ශරීරයට ස්පර්ශයත් ලැබුණ විට ඇතිවන ආස්වාදය නිසා යළිත් ඒවා ලබා ගැනීමට ආශාවක් ඇති ව පිළිවෙලින් ගඳ තෘෂ්ණා රස තෘෂ්ණා ස්පර්ශ තෘෂ්ණා යනුවෙන් වේ.සිතට ගොදුරු වන අරමුණු දහම නම් වන අතර ඒ තමන් පිළිගත් දෘෂ්ටිවාදයට ඇලුම් කරන අතර නිවැරදි වුවත් නිවැරදි වුවත් ඒවා ආරක්ෂා කිරීමට කැමති වීම ධම්ම තණ්හාවයි.
කාමයන්ගෙන් ලැබෙන ආශ්වාදය සසර නැවත නැවත ඉපදෙමින් සදාකාලිකව ලබා ගැනීමට ඇති ආශාව භව තණ්හාවයි .එය ශාස්වත දෘෂ්ටිය සහිත වූ තෘෂ්ණාව ලෙසද හඳුන්වයි.
ඇතැමුන්ගේ විශ්වාසය ජීවිතය මරණයෙන් කෙළවර වන බවයි. නැවත උපතක් නැති වන බවයි. එබඳු අයගේ ආශාව මරණයට පෙර හැකිතාක් කම්සැප විඳීමයි . එම ආශාව හැඳින්වෙන්නේ විභව තෘෂ්ණාව කියයි. දෘෂ්ටිය සහිත වූ තෘෂ්ණාව ලෙසද එය හඳුන්වනු ලබයි. උච්ඡේද දෘෂ්ටිය නම් ජීවිතය මරණයෙන් කෙළවර වේ නැවත උපතක් නැත යන පිළිගැනීමයි.
මේ තුන් වැදෑරුම් වූ තෘෂ්ණාවම හට ගන්නේ කාම වස්තූන්ගෙන් ලැබෙන ආස්වාදය පදනම් කරගෙනයි .කාම වස්තූන්ගෙන් ලැබෙන ආස්වාදයට වසඟ වීම නිසාම ඒවා තමා සතු කර ගැනීමට හා රැක ගැනීමට උත්සාහ දරන පුද්ගලයින් හොඳ දේ මෙන්ම නරක දේද කිරීමට පෙළඹෙයි. තමාට ආශ්වාදය ගෙනදෙන රූප ශබ්ද ආදිය ලබා ගැනීමට හා රැක ගැනීමට බාධා පැමිණෙන විට නරක දේට අපරාධ වලට පවා පෙලඹීමට ඉඩ ඇත. ඒවායින් අකුසල් රැස් කර ගැනීම සිදුවන අතර යහපත් දෙයක් වුවද කරන්නේ කම් සැප වැඩි වැඩියෙන් විඳීමේ ආශාවෙන් නම්, එබඳු අයට සසරින් මිදීමට හැකියාවක් නොලැබේ .තෘෂ්ණාව නැවත නැවත දුක් උපදවන ප්‍රධාන හේතුව ලෙස සඳහන් කරන්නේ ඒ නිසාමයි .
මෙලොවදීම විවිධ දුක්වලට භාජනය වීම තෘෂ්ණාව නිසා අපට සිදු වේ.අප ඉතාමත් ප්‍රිය කරන ලද පුද්ගලයෙක් ගෙන් හෝ ප්‍රියකළ වස්තුවකින් වෙන් වීමට වෙන්වීමට හදිසියේම සිදු වුවහොත් මහත් දුකක් වේදනාවක් ඇතිවෙයි. ඒ පුද්ගලයාට හෝ වස්තුවට බඳු ඇල්මක් ආශාවක් නොතිබුණි නම් , දුකක් ඇති වීමට ඉඩක් නැත. තණ්හාව නිසා ශෝකය හට ගන්නා බව බුදුරජාණන් වහන්සේ වදාළේ එනිසාය.
මේ තෘෂ්ණාව නිසාම පුද්ගලයා නැවත ඉපදෙමින් සසර දුකට භාජනය වන නිසාම නිසාම මෙලොවදීම විවිධ දුක් කරදර හිරිහැරවලට භාජනය වන නිසාම එම තෘෂ්ණාව දුකෙහි සැබෑ හේතුවයි.
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood