Temples of Sri Lanka

අපටම ආවේණික ක්‍රමවේදයක් සොයමු

නියමිත මනෝභාවයන් හඳුනාගෙන මෛත්රී කරන්න අපට හැකියාව තියෙනවා. එය පුහුණු කරන්න අපට පුළුවන් .මට්ටමකට පුරුදු කරගත්තහම කවුරු අරමුණු කළත් ඔහු වෙත පැතිරෙන්නේ මෙත්තාව ඒ නිසා මෙත්තාව හරියට පුහුණු කිරීම තුල කිසිම සම්බාධක යක් ඇති වන්නේ නැහැ.

 

මේ ලෝකයේ ප්රගුණ කළ මෛත්රියට සම්බාධ පනවන්න පුළුවන් කිසිම පුද්ගලයෙක් නැහැ. සත්වයෙක් නැහැ. මොනතරම් වෛරය ඇති පුද්ගලයකුට වුණත් මේ මෙත්තා මනෝභාවයට බාධා කරන්නට හැකියාවක් නැහැ. ඒ සියල්ල විනිවිද ගෙන මෙම මෙත්තාව විහිදෙනවා.මෙත්තාව විහිදී යනවා. අපේ භාවනාව කරන්න ගන්න උත්සාහයට , අන් අයගේ කතාබහ,බාහිර ශබ්ද බාධාවක් වෙනවා. හෙට කරන්න තියෙන වැඩ කටයුතු ගැන මතක් වෙනවා. මේ සියල්ලම අපට ඇතිවන බාධක නමුත් ද්වේෂය වඩවද්දී එකක්වත් බාධාවක් නොවුනේ ඒ ආරම්මණය තුළ පියවරෙන් පියවර අපි ඉදිරියට ගිය නිසා. එහෙමනම් අපි කුසල භාවනාවක් කරනකොටත් අපට අනන්ය වූ ක්රමයකට ඒ තුළ ගැඹුරකට යෑමට අපට අවශ්යයි. කවුරුත් පෙන්වන ක්රමයකට හිත හිතා ඉදල හරියන්නේ නෑ. ඒක සාර්ථක වෙන්නේ නැහැ. අපටම අනන්ය වූ ක්රමවේදයක් සොයා ගත යුතුයි.

 

තව කෙනෙකුට කියා දෙන්න පුලුවන්ද මෙන්න මෙහෙමයි ද්වේෂ කරන්නේ කියලා. ඔය මිනිහට මම ගහනවා. මම තලනවා. අහුවෙද්දෙන්න්කො මට මට… හොඳ වැඩක් කරන්න ඕන …මෙහෙම ද්වේෂ කරන්න කිව්වොත් ඔය ටික පාඩම් කරගෙන ද්වේෂ කරන්න හැකියාවක් නෑ.

 

ඒ කවුරුත් කියන හැටියට අපට ද්වේෂ කරන්න බැහැ. අපේ ද්වේශය කරන්නේ අපටම ආවේනික වූ රටාවකට එහෙමයි ඒක ඉදිරියට වැඩීගෙන යන්නේ. ඒ නිසා කුසල භාවනාව කරද්දිත් අපිට අනන්ය රටාව මොකක්ද කියලා අපි හඳුන ගන්න ඕන. හඳුනාගන්නට නම් අපට සොයන්න විමසන්න සිද්ධ වෙනවා. ඒ පිළිබඳව අන් අය දුන්න උපදෙස් අනුව තමයි අපි ගමන් කරන්නේ. නමුත් ඒ උපදෙස් වඩන එක නෙමෙයි අපි කරන්නේ උපදෙස් උපකාර කරගනිමින් අපට මාවතක් පෙන්නල තියෙන ආකාරයට මාවත ඔස්සේ අප යා යුත්තේ අපට අනන්ය වූ ක්රමය හඳුනාගෙන. ඒ ක්රමය හඳුනාගන්න තියෙන හොඳම ක්රමය තමයි අපේ මනස තුළ අකුසලය වැඩෙන්නේ කොහොමද කියලා අධ්යයනය කරලා අවබෝධ කර ගැනීම.

 

කාලයක් මේ විදියට පුහුණු කරනකොට අපට අවශ්ය මනෝභාවයන් ක්රමයෙන් දියුණු කර ගන්නටත් ඒ තුළ බොහෝ වෙලා පිහිටා සිටින්නටත් අපේ මනස අපට පුහුණු කරලා දෙනවා මේ විදියට පුහුණු කරනවට අපි කියනවා කුසල භාවනාව කියලා
එහෙම පුහුණු කරගෙන අන්ය මනෝභාවයන්ගෙන් විකෘති නොවී බොහෝ වේලාවක් ඒ මනෝභාවය මතම මනස පවත්වා ගන්නවාට කියනවා කුසල සමාපත්තිය කියලා ඒක හරියට පුහුණු කර ගත්තහම අපට වැටහෙන්නේ ඒක අකුසලය පුහුණු කරනවට වඩා අතිශයින් ප්රිය මනාප වූ අතිශයින් සාර්ථක වූ සුව පහසු ක්රමයක් බව එතැන සුවපහසුව කියන්නේ ඇඟට දැනෙන පහසුව ම නෙමෙයි මානසික සහනය හා මානසික තෘප්තිය සහ මානසික සුවය

 

අකුසල සමාපත්තිය හා අකුසල සමාපත්තිය කියන්නේ මොකක්ද කියලා පහදා දෙන්නටත් එයින් අපට කුසල භාවනාව සඳහා ලබාගත හැකි සහයෝගය කොපමණද කියලා තේරුම් ගන්න ටත් අකුසලය වැඩෙන්නේ කොහොමද කියලා හඳුනාගෙන ප්රහාණය කරන්නත් කුසල් වැඩිය යුත්තේ කොහොමද කියලා හඳුනගෙන වර්ධනය කරන්නටත් අපට ඔය ක්රම මාර්ග ඔස්සේ උදව් ගන්නට පුළුවන්
ඒ සඳහා අවශ්යම වන්නේ තමා සිටින තැන අවබෝධ කර ගනිමින් තමාටම ආවේණික ක්රමවේදයක් යොදා ගනිමින් කුසල
සමාපත්තිය සඳහා දැහැන් ගත වීමයි…

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X