Temples of Sri Lanka

අවැසි දේ සුදුසු තැනට සහ සුදුසු පමණට

ආචාරියා යකඩය ගින්නට දාලා ගිනියම් කරනවා තලනවා නැවත වතුරෙන් තෙමනවා….ඇයි මේ…මේක ගින්නෙන් විතරක් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි අන්න ඒව තමයි ක්රම උපාය කියන්නේ යකඩය ටිකක් වෙලා පවනේ නිවෙනිවෙන්න ඕන තැන්වල පවනේ නිවෙන්න හරිනවා…වතුර ඒ දාන්න ඕන තැනදී තැන දී අවශ්ය ප්රමාණයට වතුර දානවා බලන්න ඕන වෙලාවට තලනව රත් කරන්න ඕන වෙලාවට රත් කරනවා මුහත් කරන වෙලාවට මුවහත් කරනවා…..

 

මේ ටික හරියට සුදුසු තැන සුදුසු වෙලාවට ප්රමාණයට පවත්වන්න යම් කෙනෙකුට හැකිනම් එතනදී අවශ්ය දේ අවශ්ය විදිහට අවශ්ය වෙලාවට කර ගැනීමේ ශක්තිය අපිට තියෙනවා
ඒ නිසාමයි අපට වීර්යය අවශ්ය නමුත් වීර්යය කියන්නේ හැම විටම ක්රියාකාරී බව ම නෙමෙයි නිසි තැන නිසි ලෙස උස් පහත් කරමින් සමව පැවැත්වීම සමව පවත්වන්න සමහර වෙලාවට නිෂ්ක්රීය බවත් අවශ්ය වෙනවා එනිසා නිහඬ විය යුතු තැන දී නිහඬ වීමත් වීර්යයක්
මේ ටික හරියට සුදුසු තැන්හි දී සුදුසු වෙලාවට ක්රමානුකූලව පවත්වන්න යම් කෙනෙකුට හැකියාවක් ලැබෙනවා නම් අන්න ඒක හැබෑ ශක්තියක් …ඒ නිසා තමයි හැමතිස්සෙම කඩාගෙන බිඳගෙන යනව කියන එකම නෙමෙයි වීර්යය කියලා අපි පැවසුවේ

 

ඒ දුවන්නෙ ආවේග නිසයි එක්කෝ ද්වේෂයක් නිසයි එහෙම නැත්නම් භීතියක්. අද වැඩි දෙනෙක් භාවනාව කියා බොහෝ තැන්වල ඇවිදින්නේ භීතියෙන් තව කොපමණ කාලයක් මේ දුක විඳින්න වෙයිද කියලා හිතට බියක් ඇති උනහම ඒ භීතිය විසින් ඇති කරන වීර්ය සම්මා වායාමය නොවෙයි එය නුවණින් අවශ්ය විදිහට හසුරුවා ගත්තොත් සම්මා වායාමය බවට පත් කරගන්නට පුළුවන් හරියට මහමග වාහනයක් අරන් යනවා වගේමයි

 

වේගවත් කරන්න ඕන අවස්ථාවේ දී වේගවත් කරන්න ඕන නවත්තන්න ඕන තැනදී නවත්ත ගන්නත් ඕන නවත්වගන්න බැරි උනොත් ඉස්සරහ ගිහිල්ලා හැප්පෙනවා වේගවත් කරන්න ඕන තැන වේගවත් කරන්න බැරි වුනොත් පිටිපස්සෙන් ඇවිත් හප්පනවා අපි හිතනවා සෘජුව තමයි යන්න ඕන කියලා හැබැයි හැමතිස්සෙම සෘජුව යන්න බෑ හැරෙන්න ඕන තැන් වල හැරෙන්නත් ඕන හැරෙන්න බැරි උනොත් සෘජුවම යන්න ගියොත් ලොකු අනර්ථයක් කරගන්නවා ඉවසීම වීර්යය කියලා කියන්නේ අන්ත වලට නොවැටී නොවැරදීම නිවන වෙත යන්න පුළුවන් නිසා විනා හිතුවක්කාර විදිහට කිසිවක් නොසලකා යන ගමනක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ

 

වීර්යයෙන් අකුසල පාප ධර්ම ප්රහාණය කරන්න කොහොමද ක්රියාත්මක වෙන්නේ කියලා අපිට අවධානය යොමු කරන්නට වෙනවා උපන්නාවූ පාප ධර්මයන් කොහොමද වීර්යයන් ප්රහානය කරන්නේ
මෙනෙහි නොකර සිටීම එක් ක්රමයක් මෙනෙහි නොකරයි නම් අප වෙත දෙයක් මෙනෙහි කරන්න ඕන අකුසලය වැඩෙන අරමුණ මෙනෙහි නොකර වෙනත් කුසල් අරමුණක් මෙනෙහි කරන්න උත්සාහවත් වීම ඒ විදිහටම අපට වීර්යය කරන්නට පුළුවන්..
අකුසල අරමුණක සිත යන්නට නොදී දැඩි සේ කුසලසේ කුසල ආරම්මණය ම නැවත සිහි කරන්නට උත්සාහවත් වෙනවා නිහඬ විය යුතු තැන නිහඬ වීමෙන් වීර්යය කියලා වඩවනවා එය ඔස්සේ හිතලා වීර්යයෙන් කෙලෙස් ධර්ම වැඩ පවත්වනවා ක්ලේශයන් සමඟ යුද වදින්න පටන් ගන්නවා මඩින්න පොර බදනවා පොර බදලා අපි මොකක්ද අවසානය කරන්නේ ද්වේෂය වැඩි කරගන්න ඒ අරමුණ ම නැවත නැවත ග්රහණය කරනවා අයින් කරන්න කියලා දඟලන වාරයක් පාසා මනසින් ඒ අරමුණු ස්පර්ශ වෙනවා ස්පර්ශ වෙනවා කියන්නේ ආරම්මණය නැවත නැවත මතුවෙනවා කියන එක ටික වෙලාවක් පොරබදන කොට මේක දෙගුණ තෙගුණ වෙනවා එහෙම වෙලා නැද්ද ඕන තරම් අපිට වෙනවා භාවනා කරන්න යන ගොඩක් දෙනෙකුට වීර්ය කරන්න ගිහින් ඔන්න ඔවැනි අවුලක් තමයි පැටලැවිලි ඇති කරගන්නේ එයින්ම අපි වෙහෙසට පත්වෙනවා

 

මේ මනසේ පහළවෙන හැම අරමුණක්ම මේ විදිහයි ඒවා බාහිර දේවල් වගේ අපට හැඟුනා ට ඇත්තටම මනසේ පහළ වෙන දේවල් නැවත නැවත යම්තාක් අරමුණු කරනවා ද ඒතාක් ඒවා මනසේ ලැගුම් ගන්නවා ඒ නිසා එබඳු තැන්වල දී පොරබදන එක නොව යන්නට ඉඩ හැරීම සිදු කළ යුතුයි..
ඒ නිසාමයි අපි පැහැදිලි කරේ සුදුසු තැන සුදුසු වෙලාවට ක්රමානුකූලව පවත්වන්නට යම් දෙයක් හැකියාවක් ලැබෙනවා නම් ඒ දේ තුළ අපට ජීවිතය දිනන්නට අවකාශය ලැබෙන බව….

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X