Temples of Sri Lanka

නොදැනීම කෙරෙන අකුසල භාවනාව

රාගයක් ද්වේශයක් වගේ ප්රබල මනෝභාවයක් ඇති උනහම අපේ ප්රතිචාරය හරිම වෙනස්.
අපි හිතමු යම් අවස්ථාවක තමන් වැඩ කරන කාර්යාලයේ හෝ වෙනත් පිරිසක් අතර ඉන්නකොට කෙනෙක් අපට මොකක් හරි අනිසි වචනයක් කියනවා කියල.
අපට ඒ වෙලාවට ඒක අහලා හිනාවෙලා නිහඬ වෙලා ඉන්න පුළුවන් නම් ඒක ඒ තරම් දෙයක් නෙමෙයි කියලා හරිම වටිනවා.
අවස්ථාවේ හැටියට අපි ඒක පස්සෙන් එතරම් එළවන්නේ නෑ නමුත් අපට පස්සේ හිතෙනවා ඒ මොකද්ද කිව්වේ එයා කොහොමද එහෙම දෙයක් කිව්වේ මොකක් හරි මම ගැන කතා වෙලා තියෙනවා කියලා.මේ ඔස්සේ අපි මේ දෙය එක එක අවස්ථා සඳහා උපකල්පනය කරනවා එක් එක් ආකාරයෙන් හිතන්නට පටන් ගන්නවා. මේ මනුස්සයා අපේ අඩුපාඩු මොනවා හරි දැනගෙන ඇති අහවල් අහවල් අය සමඟ කේලම් කියන්න ඇති. ඒ නිසා තමයි මෙහෙම කිව්වේ ආදී වශයෙන් අපි නොයෙකුත් සිතුවිලි වල අතරමං වෙනවා.

 

මේ හරහා පුංචි චිත්රයක් ගොඩනඟා ගන්නවා අපි අපි ඒ චිත්රය තුළින් අර වචන ටික අප විවිධාකාරයෙන් අර්ථකථනය කරනවා
තවත් ආකාරයකට නොයෙකුත් නොයෙකුත් අර්ථයන් ඉදිරිපත් කරනවා. එහෙම එකතු කරලා හිතන්න හිතන්න අපේ මනසේ අර වචන කිහිපයක් අපිව ලොකු මනෝභාවයක් වෙත රැගෙන යනවා
ඒකට අකමැත්තෙන් අපි ඒ සමග තර්ක කරනවා මේ මනුස්සය ඔක්කොම ඉදිරිපිට ඒක කිව්වෙ ඇයි කියලා හිතනවා මම කොච්චර උදව් උදව් කරල තියෙනවද මේ මිනිස්සුන්ට කියලා කෙළෙහි ගුණයක් නැති මිනිස්සු කියලා මේ විදිහට නොයෙක් ආකාරයෙන් අපි ඒ ගැන හිතන්නට පටන් ගන්නවා මුලදී අර වචනේ කියනකොට හිනා වෙලා ගියාට ටිකක් වෙලා යනකොට හිනාවෙන්න බැරි තත්ත්වයක් මනසේ රූපයක් සේ ඇඳි පවතිනවා

 

මේ ආකාරයෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත උනහම මුලින් නො තිබුණු එක්තරා මනෝභාවයක් අපේ මනසේ වර්ධනය වෙලා පවතිනවා මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ ද්වේශය වර්ධනය වෙලා මේකට තමයි අකුසල භාවනාව කියන්නේ
භාවනාව කියන්නෙ වඩවනවා මොනවද වඩවන්නේ අපේ මනසේ තියෙන ගුණාංග චෛතසික ධර්ම වඩවනවා චෛතසික ධර්ම කොටස් දෙකක් තියෙනවා කුසල් සහ අකුසල් ලෙස අපිට ඕන නම් කුසල් වඩවන්නත් පුළුවන් ඕන නම් අකුසල් වඩවන්නත් පුළුවන් හැබැයි නිරායාසයෙන්ම කෙරෙන දේ තමයි ඔය විදිහට අකුසල් වැඩෙන එක
ඒක අකුසල භාවනාව විදිහට අපට හඳුන්වන්න පුළුවන්

 

ඊට පස්සේ අපි කාර්යාල වේලාව නිමා උනහම බස් එකට ගොඩ වෙනවා බස් එකේ එනකොටත් අපට අර වචන ටිකම මතක් වෙන්න පටන් ගන්නවා ටිකට් කඩන කෙනා ටිකට් දෙන්න කෑගහනවා ළඟ ඉන්න මිනිස්සු නොයෙක් ඕපාදුප කතා කරනවා ලොතරැයි විකුණන මිනිස්සුත් කෑගහනවා අනෙක් අය තව තව නොයෙක් දේ කතා කරන අස්සෙ මේ එකක්වත් තමන්ට බාධාවක් නොවෙන පරිදි තමන්ගේ භාවනාව කරගෙන යනවා

 

අනිත් අය සද්ද කරා කියලා ඇගේ හැප්පුනා කියලා ටිකට් ගන්න කිව්වා කියලා මේ කුමන දෙයකින් වත් අපට දැන් බාධාවක් නෑ අපි හිතන්නේ මර මනුස්සයා අපට මොකක්ද කිව්වේ කියලා ඇයි එහෙම කිව්වේ කියලා කවුද මේ තොරතුරු දුන්නෙ කියලා මොනවද කියන්න ඇත්තෙ කියලා ඔය ටිකත් එක්ක අපි වැඩෙනවා වෙනදා අපට පැය එකහමාරක් බස් එකේ යන්න ඕන නම් අද විනාඩි දහයක් ගත උනාද කියලා වත් අපට තේරෙන්නැති තරමට අපි මේ කෙලෙස් සමග භාවනාවක යෙදී ල
අදාල තැනට ගිහිල්ලා ඉක්මනින් අපි බැහැ ගන්නවා ඊට පස්සේ ගෙදර ගිහිල්ලත් මූණ සෝදලා කෑම කාලා රූපවාහිනිය බලලත් මේ කරන සියල්ලම අතරේ අපි කරන්නේ අර කරගෙන ගිය භාවනාව. අර එකකින්වත් බාධාවක් නොවී දිගින් දිගටම පවත්වාගෙන යනවා මේ මොකක්ද …මොකක්ද මේ අකුසල භාවනාව අපි නොදැනීම අපි විසින් කෙරෙන භාවනාව… ඒක අකුසල භාවනාවක් බවට පත්වෙලා….
ධර්මයෙහි හැසිරෙන්න සිහියෙන් සිත දියුණු කරන්න….

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X