Temples of Sri Lanka

අප්‍රමාණ වූ මිනිස් ශක්තිය බුදුන් වහන්සේ දුටු සේක

ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙර ලෝකයේ නොයෙක් රටවල විවිධ චින්තකයින් පහළ ව සිටි බව අප දන්නා කාරණයක් ඔවුන් ශක්ති පමණින් මිනිස් සන්තතිය සුවපත් කිරීමට බොහෝ සෙයින් වෙහෙසුන පුද්ගලයෝ
බුදුන් වහන්සේ පහළ වන විට ඉන්දියාවේ ව්යාප්ත ව පැවැති දාර්ශනික සම්ප්රදාය උපනිෂද් නමින් හැඳින් වුණා ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඉන්දියානු මුනිවරයන් විසින් දියුණු කරන ලද අදහස් වල විස්තාර උපනිෂද් දර්ශනය නිරූපනය වෙතැයි විශ්වාස කරනු ලැබුවා දර්ශනයේ හරය බ්රාහ්මණ හා ආත්ම වශයෙන් පිළිගනු ලැබුවා බ්රාහ්මණ යනුවෙන් අදහස් කරන්නේ සර්වබලධාරී ලෝක නිර්මාපක දෙවියන් වහන්සේ යි ලෝකයේ හා සත්වයාගේ ප්රභවය ද පැවැත්ම ද විමුක්තියද බ්රහ්මන් ගේ අධිකාරියට යටත් කිරීමක් උපනිෂද් දර්ශනයෙන් නිර්දේශ වුණා

 

මේ තත්ත්වය යටතේ මනුෂ්යයා අතිශයින් බෙලහීන බවට පත්වුණා ඔහුගේ විමුක්තිය අයෙකුගේ පිලි සරණින් පමණක් උදාකර ගත හැක්කක් බවට පිළිගැනීමක් ඇති වීම නිසාම මනුෂ්ය ශක්යතාවය ගැන සැකයක් බියක් සියලු දෙනා තුළ ඇතිවීම කිසිසේත් වැලැක්විය නොහැකි කාරණයක් බවට පත්වුණා

 

සසර ගමන සිදුවන්නේ බ්රහ්මණ ගේ කැමැත්ත අනුවයි සසර ගමන නවතින්නේ ද බ්රහ්මන් ගේ කැමැත්ත අනුවයි බුද්ධ කාලීන භාරතීය සමාජය තුල පුද්ගල ස්වාමිත්වය පිළිබඳ රැව් පිළිරැව් දෙමින් පැවති මතවාදයන් මතින් පාඩම් රාශියක් කියා දීම තුළින් මනුෂ්ය වර්ගයා අවදි කළ ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේ යි

 

උන්වහන්සේගේ දර්ශනය තුළ පුද්ගල ශක්තිය පමණක් නොවෙයි චින්තන නිදහස ද උපරිම පරිද්දෙන් උද්දීපනය කෙරෙන බව අප දන්නා කාරණයක් කිසිවකුගේ අණසකට ගොදුරු නොවී සම්ප්රදායිකව ගැති නොවී ආගමකට දහමකට හසුනොවී නිදහස්ව නිවහල්ව සිතීමට අවසර දුන් එකම ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේයි.

 

තමන් දේශනා කරන දේ අන්යයන් පිළිගත යුත්තේ ඒ දේ විමසා බලා සත්ය වශයෙන් ඒත්තු යන්නේ නම් පමණකැයි අන්කිසි ශාස්තෘවරයෙක් ප්රකාශ කොට නැත
එසේ ප්රකාශ කොට ඇත්තේ බුදුරජාණන් වහන්සේ පමණයි බුදුන් වහන්සේ අනුගමනය කළ යුත්තේ උන් වහන්සේට ඇති ගෞරවය කින් නොව උන්වහන්සේ කළ කී දේ අත්දැකීමෙන් තේරුම් ගැනීමෙනි. බෞද්ධයකු වීමට බාහිර සාධකයක් උත්සව විදියක් රාජකාරී ප්රකාශයක් අවශ්ය නොවන්නේ මේ තත්ත්වය යටතේයි. බෞද්ධ බොදු අවබෝධය පිළිබඳ ප්රශ්නයක් එය පුද්ගලයාගේ හෘද සාක්ෂිය පිළිබඳ ප්රශ්නයක් ප්රථම වරට හෘද ශාක්ෂියට හඬ ගෑ ආගම් කතුවරයා වූයේ ගෞතම බුදුරජාණන් වහන්සේ යි

 

ලෝකයේ පවත්නා අනෙක් සියලු ආගම් වල තැන් කොන් සම්බන්ධයක් ඇත සර්ව සර්වබලධාරී දෙවියන් වහන්සේ උන්වහන්සේගේ නියෝජිත සහ අනුගාමිකයා යනුවෙන් මේ තිදෙනා අතර පවත්නේ අහසට පොළවට බදු පරතරයක් නියෝජිතයාට සර්ව බලධාරී දෙවියන් වහන්සේ විය නොහැකිය අනුගාමිකයන්ට සර්වබලධාරී දෙවියන් වහන්සේගේ නියෝජිතයා විය නොහැකිය අනුගාමිකයා නියෝජිතයාගෙන් අසා දැන ගන්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේ හෙළි කළ දේ පමණයි එනිසා අනුගාමිකයා ට ප්රශ්න කිරීමේ අයිතිය ද නැත නියෝජිතයාට තමන්ගේ දැන උගත්කම ප්රකාශ කිරීමට අවකාශය ද නැත භක්තියෙන් ප්රේමයෙන් හා විශ්වාසයෙන් ඔවුනොවුන් එකට බැඳී සිටීම මේ තිදෙනාගේ සම්බන්ධයේ ස්වභාවයයි මේ ස්වභාවය තුළ පුද්ගල ස්වාමිත්වය නිදහස් චින්තනයට තැනක් ලැබෙන්නේ ද නැත

 

බුදුරජාණන් වහන්සේත් බෞද්ධයන් අතර ත් ඇත්තේ මීට වඩා ඉඳුරාම වෙනස් වූ සම්බන්ධතාවයක්. බුදුරජාණන් වහන්සේ සත්ය සොයා ගත්තේ තමන් වහන්සේ ම කළ අත්හදා බැලීම් ආශ්රය කරගෙනයි
එම නිසා උන්වහන්සේගේ ගවේෂණයට අයෙකුගේ ආධාරයක් අවශ්ය වූයේ නෑ එය සැබැවින්ම අන් අයෙකුට ඇහුම්කන් දීගෙන ගත් එකක් වන්නේත් නැහැ.අන් අයගෙන් ඉගෙන ගත් දේ ඉවත දැමීමේන් ලත් අවබෝධයෙන් උන්වහන්සේ පෝෂණය වුණා
තමන් වහන්සේ කළ අත්හදා බැලීම් ඕනෑම අයකුට අත්හදා බැලිය හැකි බවත් එමඟින් තමන් වහන්සේ ලැබූ ප්රතිඵල ලබාගත හැකි බවත් උන්වහන්සේ පුනපුනා දේශනා කළා

 

එහි තේරුම නම් බෞද්ධ අනුගාමිකයා බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් අන්ධ විශ්වාසයක් ඇති නොකර ගන්නා බවයි අන්ධ විශ්වාසයක් ඇති තැන බුදුන් වහන්සේ අනුගමනය කළ නොහැකි වීමට අවශ්ය ශක්තිය සෑම මනුෂ්යයෙකු තුලම ඇති බව බුදුසමය විශ්වාසය පළ කරන්නේ ඒ නිසයි බුදුරජාණන් වහන්සේත් සාමාන්ය බෞද්ධයන් අතර පවත්නා දැඩි සම්බන්ධතාවයයි එයින් ගම්යමාන වෙන්නේ.

 

නියෝජිතයා අනුගාමිකයන් අතර පවත්නා සම්බන්ධ විෂයෙහි අනෙක් ආගම් වල පවත්නා දුරස්ථභාවය බුදු සමය තුළ ඇත්තේ නැහැ
අනෙක් ආගම් වල සර්ව බලධාරී දෙවියන් වහන්සේ නිසි බලධාරී නියෝජිතයා වශයෙන් පෙනී සිටිය හැක්කේ එක් තැනැත්තකුට පමණයි උදාහරණයක් වශයෙන් දක්වනවා නම් ජේසුස් ක්රිස්තුස් වහන්සේලා දෙදෙනෙකු නැහැ මොහොමද් නබිතුමන් ලා දෙනෙක් නැහැ එහෙත් තුන් කලට අයත් අප්රමාණ බුදුවරුන් ඇති බව බුදුසමය තුළ දක්වා තියෙනවා
පුද්ගල ශක්තිය එහි උපරිමය දක්වා විකාශනය වී මේ සීමාවක් නැති බව එමගින් සාධනය වෙනවා මේ අන්දමට මිනිසාගේ සැබෑ
තේරුම් ගැනීමට මිනිසාට අවකාශය ලැබුණේ සම්මා සම්බුදුවරයෙකු ලොව පහළ වීම නිසයි
මේ අයුරින් විවිධ දෘෂ්ඨි හා විවිධ දෘෂ්ටි ජාලයන් වල පැටලී සත්යය, දකින්නට නොහැකිව අසරණව දුක්ඛිතව සිටි ජනතාව අවිද්යා අන්ධකාරය තුලින් මුදවන ලද්දේ බුදුන් වහන්සේ යි.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X