Temples of Sri Lanka

අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහානාහිමි ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධූරයට

ලොව විශාලත ම බෞද්ධ සංවිධානය වන ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයෙ හි විධායක කමිටු, පාලක සභා හා මහ සභා රැස්වීම පසුගිය නොවැම්බර් මස 27 සහ 28 යන දෙදින තුළ ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණි. ඒ සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව, ජපානය, තායිලන්තය, වියට්නාමය, සිංගප්පූරුව, තායිවානය, කාම්බෝජය, ඇමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය, දකුණු කොරියාව, ඇතුළු තවත් රටවල් 39කින් පමණ සාමාජික සංඝ රත්නය, බෞද්ධ නායකයන්, සහ විද්වතුන් විශාල පිරිසක් සහභාගී වූහ.

මෙවර මහා සභා රැස්වීමේ දී ඉදිරි වසර තුන සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත් කරගත් අතර එහි දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි වැඩම කළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහානායක හිමි ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධූරයට පළමු වරට තෝරා පත් කරගන්නා ලදී. ඒ අනුව උන්වහන්සේ ඉදිරි වසර තුනක කාලය සඳහා එහි සභාපති ධූරයේ කටයුතු කරනු ඇත. එය අප රටට ද ශාසනයට ද විශාල කීර්තියක් සහ අභිමානයක් වනු නොඅනුමාන ය.

එමෙන් ම එහි දී ශ්‍රී ලංකා – ටිබෙට් බෞද්ධ සහෝදරත්ව සංගමයෙ හි හා බෞද්ධ සහෝදරත්ව පදනමෙ හි සභාපති ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා දෙවන වරටත් ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය මහලේකම් ධුරයටත් විධායක කමිටු නිලධාරියෙක් ලෙසත් තේරී පත් විය.

එමෙන් ම එහි දී බෞද්ධ සහෝදරත්ව පදනමෙ හි පරිපාලන අංශ ප්‍රධානී ආචාර්ය ශර්මිලා මිල්රෝයි මහත්මිය ධර්ම ලේකම්, සාමාජික සංවිධාන බඳවා ගැනීමේ කමිටු සාමාජික ධූරය සහ අධ්‍යාපන හා පර්යේෂණ සඳහා බුදු දහමේ ඇති උපයෝගීතාවය පිළිබඳ කමිටු සාමාජික ධූරය යන තනතුරුවලින් තේරී පත් විය.

තව ද අතිපූජ්‍ය මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර අනුනායක හිමියන් ලෝක සාමය සඳහා ගැටුම් නිරාකරණය කිරීම පිළිබඳ කමිටුවේ සභාපතීත්වයට තේරී පත් වූ අතර අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජි අනඅනායක හිමියන් ආගමික සංහිඳියාව පිළිබඳ කමිටු සාමාජිකයෙක් ලෙසට ද තේරී පත් විය.

එමෙන් ම මෙම අවස්ථාව සඳහා අතිපූජ්‍ය ආචාර්ය කිතලගම හේමසාර නායක හිමි සහ අතිපූජ්‍ය ආචාර්ය වෑතර මහින්ද හිමි ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූහ.

සහෝදරත්වයෙන් එක්වෙමු!

©Buddhist Brotherhood 

You might also like
en English
X
X