Temples of Sri Lanka

ආවේගශීලී ම තරුණ සිත් ද?

ආවේගශීලී ස්වභාවය ප්‍රශ්න වලට සංවේදී ලෙස මැදිහත්වීම වගේම ඉක්මනින් තීරණ ගන්නා ස්වභාවය තරුණ සිතේ ස්වභාවයයි. ආවේගශීලී පැවැත්මේ ආදීනවත් එසේ සිත් ඇත්තන් ධර්මයෙන් සංසුන් මනසක් ඇත්තන් බවට පත්වීමට සිත මෙහෙයවිය යුතු ආකාරය සම්බන්ධයෙන් අපේ මූලික අවධානය යොමු කළ යුතුයි.

සාමාන්‍යයෙන් තරුණ සිතේ ස්වභාවය තමයි ඉක්මනින් කේන්ති යන සුලු බවත් ඉක්මනින් තීරණ ගන්නා බවත් .

තරුණ සිත් තුළ මේ ආකාර ස්වභාවයක් ඇතිවීමට බලපාන කරුණු බොහොමයක් තියෙනවා

ආවේගශීලී ස්වභාවය හටගන්නේ මේ හැම දෙයක්ම මට අවශ්‍ය විදිහට පවතීවා කියන හැඟීම නිසයි. ඒක බාල මහලු හැමෝටම පවතින ස්වභාවයක්. මේ සිතිවිල්ල නිසා තමයි බොහෝවිට ගැටීමක් ඇති වන්නේ. බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය සරණ කරගත්ත කෙනෙකුට පමණයි මෙයින් නිදහස් විය හැක්කේ. අපට බාහිර කෙනෙක් ගේ බොහෝ දෙයක් වසඟයේ පවත්වන්න බෑ .මේ ස්වභාවය තේරුම් ගත්තොත් කෙනෙකුට තරහ යන ස්වභාවය පාලනය කර ගන්නට පුළුවන්.

තවත් කාරණාවක් තමයි බොහෝ විට තරුණ තරුණියන් තමා ආවේගය පිට කිරීමට තෝරා ගන්නේ තමන්ගේ දෙමව්පියන් හා තමාගේ යහපත කැමැති ගුරුවරුන් වයි

වැඩියෙන්ම තරුණ දරුවන්ට තරහ ඇති වෙන්නේ තම දෙමාපියන් සමග . ඒකට හේතුව තමයි දෙමව්පියන් අපට උපකාර කරනවා අපව රැක ගන්නවා කියන කාරණය අපට අමතක වීම .දෙමාපියන් අපිව රැකගන්න අපට යහපත උදා කරලා දෙන්න බොහෝ සේ වෑයම් කරනවා. නමුත් අපට ඒක තේරෙන්නේ නෑ. අපට තේරෙන්නේ දෙමව්පියෝ අපිට බාධා කරන කෙනෙක් පමණයි කියා. එනිසා අපට බොහෝ උපකාර කළ දෙමාපියන් කෙරෙහි අපේ හිතේ අමනාපය හටගන්නවා.

සමහර විට තරුණ දරුවන්ට මේක කුසල වශයෙන් වෙන්නත් පුළුවන්. අපි හිතමු දරුවෙක් රෑ වෙලා ධර්ම දේශනයක් ඉල්ලගන්න යාලුවෙක්ගෙ ගෙදරට යනවා. නමුත් ඒ ගමන යන්න හදනකොට තාත්තා කියනවා එපා කියා.ඇයි මේ හොඳ දේට දේටත් එපා කියලා කියන්නේ කියා කේන්ති ගන්නවා. නමුත් මේ තාත්තා රෑ යන එක කරදරයක් වෙන්න පුළුවන් කියලා දකිනව. අපේ විශ්වාසය පලුදු වෙලා.

මගේ තාත්තා මට උපකාර කරන කෙනෙක් මගේ අම්මා අම්මව රැකගන්න උත්සාහ කරන කෙනෙක් කියලා මෙන්න මේ නිසා අම්මා කෙරෙහි අමනාප ඇති වෙන්නේ ඒ වගේම දරුවන්ට කේන්ති ඇති වෙනවා තමන්ගේ ජීවිතය හැඩ ගසා ගන්න හැඩගස්වා ගන්න හරි මඟ කියාදෙන කියා දෙන ගුරුවරුන් සමඟ.ගුරුවරු කැමති දරුන් හොඳින් ඉගෙන ගන්නවාට ඒ නිසා ඉගෙනීමට උනන්දුව නොමැති දරුවන් ඉගෙනීමට උනන්දු කරවීමට විවිධ විදියට මහන්සි වෙනවා නමුත් ඒ දරුවන්ගේ සතුට පවතින්නේ විවිධාකාරයේ බාහිර දේවල් ගැන නියැළීමෙන් .ඒ දරුවන්ට තේරෙන්නේ නෑ මේ සතුටු තාවකාලික දෙයක් මේ සතුට වැඩි සතුටක් මට ලබා ගන්න පුළුවන් මේ ආකාරයෙන් මම නිවැරදි විදිහට ජීවත් වෙලා වැරදි වලින් මිදිලා හිටියොත් කියලා. හොඳ අධ්‍යාපනයක් ලබා ගත්තොත් කියලා .ඒ නොදන්නාකම නිසාම දරුවන් ගුරුවරුන් සමගත් කේන්ති ඇති කරගන්නවා.

ආවේගශීලී හිත පාලනය නොකිරීමෙන් තරුණ දූපුතුන් අතින් නිතැතින් ම සිදු විය හැකි අකුසල ධර්මයන් ගැන පැහැදිලි කළ යුතුමයි.

ආවේගශීලී සිත පාලනය කිරීමට නොහැකි වීමෙන් ප්‍රධාන වශයෙන් අලාභය සිදුවන්නේ තරහ ඇතිවන දරුවන්ට .මුල්ම කාරණය තමන්ට අවුරුදු ගාණක් බොහෝ සේ උපකාර කළ දෙමව්පියන්ට නිගරු වචනයෙන් දොස් කිරීම සම්බන්ධයෙන්. මෙය එම දරුවන්ට බොහෝ දුක් විපාක ලැබෙන අකුසල කර්මයක්. ඒ වගේම දෙමාපියන්ගේ ආවේගයක් තෙක් විහිදුනොත් වෙන්න පුළුවන් භයානකම අකුසලය දරුවෙකුගේ අතින් තම මව හෝ පියා මිය යාම .ඒනිසා දරුවන්ට දෙමාපියන් හා අනෙක් පුද්ගලයන් ගෙන් වෙන් වෙන කරුණු සමග දෙමාපියන්ගේ විශේෂත්වය ගැන මනා ලෙස තේරුම් ගත යුතුයි. නොමැතිනම් නිරයගාමී අකුසල ධර්මයන් රැස් කර ගැනීම කියන්නේ නිතැතින්ම සිදුවන දෙයක් .

මේ ලෙස සිත පාලනය කර ගත හැකි විශේෂ උපක්‍රම ගැනත් අපි කතා කළ යුතුයි. මෙහිදී උත්සාහ කළ යුත්තේ සිත් ආවේගශීලි වීමට හේතු වන කාරණා සොයා බලා ඒ කාරණා සකස් වීමට උපකාර වන හේතු සකස් වෙන එක නවතා දැමීමට මහන්සි වෙන එක.

අපි ඒ නිසා නිරන්තරයෙන්ම දෙමාපිය ගුණ සිහි කළ යුතුයි.
ඒ දෙදෙනා මට බොහෝ සේ උපකාර කරනවා කියන සිත. නිරන්තරයෙන් පුරුදු කරගන්නා විට ආවේගශීලී ස්වභාවය එනකොට ඊට කලින් එනවා කලින් පුරුදු කරපු හිත.

ඒක භාවනාවක් වශයෙන් කෙනෙකුට වඩන්න පුළුවන්. ඔහු නිතර නිතර සිතිය යුතුයි මේ සිතේ හටගන්නා වූ ද්වේශය මට අහිතකරයි . මේක අන් අයටත් අහිත පිණිස හේතු කරගෙන මගේ හිතෙන් ප්‍රාණඝාතයක් සිදු වෙන්න පුළුවන් .මේ ආවේගශීලී ස්වභාවය නිසා මගෙන් පරුෂ වචන පිටවෙන්න පුළුවන්. මේ ස්වභාවය හේතු කරගෙන මා නිරයගාමී වෙන්න පුළුවන්. මෙය හේතු කරගෙන මා ප්‍රේත ලෝකය තිරිසන් ලෝකය යන්නත් පුළුවන් .මේ ආවේගශීලී සිත නිසා මට දුගතියට යන්න වෙන්නෙ. සුගතියේ නම් අහිමි වෙයි.

ධර්මය තුළින් වැඩුණු සිතක් ගොඩනඟා ගැනීමෙන් සහ පැවැත්වීමෙන් තමන්ටත් අනුන්ටත් යහපත සැලසෙනවා. අප නිරන්තරයෙන් සිතට මෛත්‍රිය පුරුදු කරන්න ඕන. මෛත්‍රිය වැඩීමට උපකාර වෙනවා උපේක්ෂාව පුරුදු කරන එක. සමහර වෙලාවට අප දෙමව්පියන්ට තේරුම් කරලා දෙන්න හදනවා අප තේරුම් කරලා දෙන දේ අම්මට තේරෙන්නේ නැත්නම් මොකද කරන්නේ? කරන්න දෙයක් නෑ.

සමහර අපේ යාලුවෙකුට කියලා දෙනවා. අපි කියලා දෙන්නෙ මෛත්‍රියෙන් නම් ඒ ස්වභාවයත් එක්ක අපේ හිත දියුණු කරගන්න පුලුවන් කමක් තියෙනවා .අප දකිනවා තරුණ දරුවන් ගේ හිත වැඩහිටි සිතට වඩා කරුණාවන්තයි.

ඇතැම් අවස්ථාවල තමන්ගේ කෑම එක පවා බඩගිනි කෙනෙකුට දෙන්න තරුණ හිතට හිතෙනව .නමුත් ඒ කරුණා හිත දියුණු කරන්න බැරි කමක් තියෙනවා. මුදිතාව හුරු නැති නිසා. අපි උපකාර කරන්න ආසයි. නමුත් දියුණු වෙලා ඉන්නවා දකින්න කැමති නෑ. අනුන්ගේ සතුට කැමති නම් මේ ඉරිසියාව නැතිකොට හිතෙනවා මේ උපකාරය නිසා කෙනෙක් දියුණු වේවා!!!! කියලා.

ඉගෙන ගන්න තරුණ දරුවෙක් කැමතියි කෙනෙක්ට උපකාර කරන්න. නමුත් ඒ ගැන තමාට වඩා හොඳින් ඉගෙන ගන්නකොට පොඩි අකමැත්තක් තියෙනවා .සමහර ළමයින් තමන්ට අඳින්න තියෙන ඇදුම කෙනෙකුට දෙනවා. ඒ ඇඳුම ඇඳගෙන ලස්සනට යනකොට සතුටු වෙන්න හැකියාවක් නෑ. ඒක මම දුන්න එකක් කියලා හිතනවා .ඒ නිසා තරුණ දුවෙකුට පුතෙකුට ඉතාමත් කරුණාවෙන් මතක් කරන්න තියෙන්නේ සත්පුරුෂ ඇසුර ලබාගෙන ම, සිතයි උපේක්ෂා සිතයි සමසමව දියුණු කර ගැනීමට පුරුදු වන්න කියලා.

එහෙම කරුණා හිත මුදිතා හිත සමග දියුණු කිරීමට පුළුවන් වුනොත්, වැඩූ හිතක් තියෙන කෙනා තමාට යහපතක් කරනවා සේම අනුන්ටත් යහපතක් කරනවා .

ආවේගශීලී තරුණ සිතින් මිදී සෞභාග්‍යමත් හෙට දවසක් උදා කරගන්නට ඔබට වාසනාව ධෛර්යය ලැබේවා!!!

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X