Temples of Sri Lanka

මනස සමග කතාබහක්

විද්‍යාවේ නිම් වළලු පුළුල් කරමින් සීමා මායිම් ඉක්මවා ගිය ඇති තාක්ෂණික දියුණුව ක හිඳිමින් විසිඑක් වන සියවසේ විශ්ව ගම්මානයක් නිර්මාණය කරන්නට ලෝකය සමත් වෙලා තියෙනවා. ලෝකය එක තැනක සිදු වුණ දෙයක් සැනකින් එහා කෙළවරට ම දැනගන්නට සලස්වන්නට තරම් මේ ලෝකේ සන්නිවේදන තාක්ෂණය ප්‍රභලයි .එනිසාම මනුෂ්‍ය වර්ගයා හිතන්නේ මේ ලෝකය ජයගත හැකි සියලු මායිම් ජය ගන්නට තම පරපුර සමත් වී සිටින බවක්.

යන්ත්‍ර සූත්‍ර මෙවලම් වලට සන්නිවේදනයේ වැඩි කාර්යභාරයක් පැවරීම හරහා ක්‍රමවත් සහ කාර්යක්ෂම බවට පත් කරගත් මේ තොරතුරු හුවමාරු කර ගැනීමේ ක්‍රමවේදය අද වන විට වාණිජ වශයෙන් වටිනා වෙළඳ පලක් නිර්මාණය කොට අවසන්. මුළු මහත් ලෝකය ම සිදු කරන වියදම් වලින් අති බහුතරයක් සන්නිවේදන ක්‍රියාවලියට වැයවෙන බව සත්‍යයක්. අතිවිශාල ධනස්කන්ධයක් වැය කරමින් අභ්‍යවකාශයේ රඳවන ලද චන්ද්‍රිකා ආධාරයෙන් ලෝකයම එක මොහොතකින් එක තැනකට ගොනු කරගැනීමේ තාක්ෂණය ගොඩනංවන්නට මනුෂ්‍ය වර්ගයාට විශාල කාලයක් ගත වුණා.

නමුත් මේ පර්යේෂණයට සහබාගි වූ පිරිස් පවසා සිටී සිටි මතු කලෙක කිසිදු සන්නිවේදන උපකරණයකින් තොරව යුධ බිමක් වැනි කටුක ඝෝර පරිසරයක පවා තම සගයන් සමඟ සිතිවිලිවලින් සන්නිවේදනය යෙදීමක් දක්වා මේ ක්‍රමය දියුණු වනු ඇති බවයි.

චන්ද්‍රිකා තාක්ෂණය හෝ ගුවන්විදුලි පණිවුඩ සම්ප්‍රේෂණය වැටීමක් වූ විටෙක පවා සන්නිවේදනය සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගැනීමට මෙය ඉතාමත් ඉවහල් වනු ඇති බවට ඔවුන් විශ්වාස කළා .මේ හරහා මොළයකින් මොළයකට සෘජුව පණිවිඩ හුවමාරු කර ගැනීමක් සිදු වන නිසා අනාගතයේ එයින් ඇති විය හැකි සමාජ බලපෑම සලකා පුද්ගල ආරක්ෂාව පිළිබඳව නව නීති පවා සම්පාදනය කරන්නට සිදු විය හැකි බවට ඔවුන් අදහස් පලකොට තිබුනා.

චිත්ත තරංග භාවිතාවෙන් පමණක් මෙසේ පුද්ගලයින් අතර අදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදුකරමින් මේ තාක්ෂණය දියුණු කරගන්නට වෑයම් කරන බවයි පර්යේෂකයන් පවසා සිටියේ .මේ ආකාරයෙන් සිතිවිලි උපකාරයෙන් ම එකිනෙකා අතර පණිවිඩ හුවමාරු කර ගැනීම කළ හැකි නම් සන්නිවේදන උපකරණයට හෝ සන්නිවේදන ජාලයන්ට කිසිදු මුදලක් ගෙවීමකින් තොරව වගේම භෞතිකමය වශයෙන් එල්ලවන බාධාවන්ගෙන් නිදහස්ව සන්නිවේදනය යෙදීමේ අද්විතීය අවස්ථාව මිනිස්සුන්ට උදාවෙනවා. නමුත් මෙය කළ හැක්කේ කෙසේද යන්න ගැන හෝ එය සිදු වන්නේ කෙසේද යන්න ගැන හෝ නිශ්චිත අදහසක් තවමත් ඉදිරිපත් වී නැහැ.

සිතිවිලි මගින් අන්තර් පුද්ගල සන්නිවේදනයේ යෙදිය හැකි බව බටහිර ලෝකය දැනගන්නෙ විසිවන සියවස ආරම්භයේ දී .ඒ වගේම නිශ්චිතවම එය කළ හැකි බව ඔවුන් තහවුරු කරගන්නෙ විසි එක්වන සියවසේ ආරම්භයේ දී .මේ විස්මිත සන්නිවේදන ක්‍රමය ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගැනීමට සම්බන්ධ වැඩපිළිවෙළක් සකස් කර ගන්නට ඔවුන්ට තව සියවසක් පමණ අවශ්‍ය වේවි ද යන්නත් අතිශය අවිනිශ්චිතයි. නමුත් මෙසේ මනෝමය සන්නිවේදන යෙදීම මේ දෙව් මිනිස් ලෝකයට ආගන්තුක දෙයක් නොවෙයි .

මේ සංකල්පය පිළිබඳව කතාබහ ඉන්දියානු යෝගීන් අතර පවතින්නේ සියවස් ගණනක සිට. මේ මුළු මහත් ලෝකයම පිරිසුදුව අවබෝධ කළ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සන්නිවේදනය ක්‍රමය භාවිත කරමින් මිනිසුන්ටත් දෙවියන්ටත් මහත් වූ යහපත උදාකර දුන්නේ මීට වසර 2500 ටත් එහා ගිය අතීතයක සිට. දූතයන් මගින් සිදුකරන සන්නිවේදනයක් හැර සන්නිවේදන උපකරණ හෝ සන්නිවේදන ජාල පිළිබඳ හෝඩුවාවක් නොතිබුණ ඒ
අතීතයෙත් සම්බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝකයා සමග චිත්ත තරංග වලින් සිදු කළ සන්නිවේදනය සැබැවින්ම ආශ්චර්යයකි.

තථාගතයන් වහන්සේට අනුන්ගේ සිත දැකිය හැකි ඒ වගේම කුසල් දහම් දියුණු කිරීමට එකිනෙකා සතු වාසනාව කුසලතාවය කොතරම්ද යන්නත් දැන ගත හැකි ඒ ඒ සිතට ධර්මය වැටහෙන ආකාරය බලා ධර්මය දේශනා කිරීමට තථාගතයන් වහන්සේ තුළ බලයක් තිබුණු නිසා උන්වහන්සේගෙන් දහම් ඇසූ දෙව්මිනිසුන් දහම තුළ දමනය වුණා.

සම්බුදුරජාණන් වහන්සේ වාදයෙන් පරදවා ගන්නට අන්‍ය තීර්ථකයන් අවසානය සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමින් උතුම් තිසරණය පිහිටුවා හිටියා. මේ නිසා තීර්ථක පිරිස් පවසා සිටියේ ගෞතමයන් වහන්සේ ආවට්ට නීය මායාවෙන් හා අන්‍යයන් වසඟයට ගන්නා බවයි. ඒ වනාහි තථාගත බලයක් බවත් දමනය වූ තථාගතයන් වහන්සේ අන්‍යයන්ට දමනය වීම පිණිස මඟ පෙන්වන බවත් දැන සිත පහදවා ගන්නට ඔවුන් සමත් වූයේ නැහැ.

තථාගතයන් වහන්සේ අනුන්ගේ සිත් දක්නා නුවණින් යුතු වූවා සේම ඒ බුද්ධ කාලය සත්‍ය ගවේෂණයේ යෙදුණු ඇතැම් පිරිස් සිතින් සංවාදයේ නියැළෙන්නට සමත්කම් දැක්වූවා. සුත්තනිපාතයේ පරායන වර්ගයේ අජිත සූත්‍රය එවන් අසිරිමත් සිදුවීමක් විස්තර කෙරෙනවා බාවරී බමුණාගේ ශිෂ්‍යයකු වූ අජිත තවුසා සම්බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණ ප්‍රශ්න කරන්නේ සිතිවිල්ලකින්…..

මුදුනත් මුදුනේ පැලුමත්
බාවරී බමුණා විමසයි
භගවත් මුනිඳාණෙනි එය
පවසා ලනු මැනවි අපට
මහ ඉසිවර මුනිඳාණෙනි
දුරලනු මැන අපේ සැකය

මෙලෙස මනෝමය වශයෙන් ප්‍රශ්නයක් නැගෙන විට පිරිස් මැද දහම් දෙසමින් සිටි සම්බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලෙස වදාලා

මුදුන අවිඳු අඳුර වේය
“මුදුනේ පැළුම” කියන්නේ විද්‍යාව ඇති කරගෙන අවිදු අඳුර වැනසීම ය .
සැදැහැ සිතින් හොඳ සිහියෙන් සමාධියෙන් වීරියෙන් ද කුසල් දහම් ගැන කැමැත්ත මෙයින් යුතුය ඒ “විද්‍යාව”

මෙසේ ඉතා නැණවත් වූ ප්‍රශ්න මනසින් විමසමින් ඒ සියලු ප්‍රශ්න නැණවත්ව විසඳු තථාගත සම්බුදු නුවණ ගැන මහත් ශ්‍රද්ධාවට පත්වෙමින් අජිත තවුසා ඇතුළු දහසක් පිරිවර අනතුරුව රැස්ව හිටපු පිරිසට ඇසෙන ලෙස ගම්භීර පැන කිහිපයක් විමසනු ලැබුවා.

ඒ පැනයන්ට පිළිතුරු ලබා අවසන ඔවුන් තිසරණ සරණයේ පිහිටියා .පින්වත් අජිත තාපස තෙම එහිදී ම අරහත්වය සාක්ෂාත් කළා. නූතන සන්නිවේදනය එදා මෙදා තුර සිදුවූ සියලු විප්ලවයන් එක ගොඩකට ගෙන වටිනාකමක් දුන්නත් මෙවන් අසිරිමත් සන්නිවේදනයක් සමඟ සසඳන්නට තරම් වටිනාකමක් ඒ සියල්ලේම නෑ .

දීඝනිකායේ පටික වර්ගයේ සම්පසාදනීය සූත්‍රය දී සම්බුදු බල මහිමය ගැන සිංහ නාද කරමින් ගෞතම සම්බුදු සසුනේ සේනාධිපති සාරිපුත්තයන් වහන්සේ අනුන්ගේ හිත ගැන කරුණු පැවසීමේ ක්‍රම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ යම් අයුරකින් ධර්මය දේශනා කරනවා නම් එයද අනුත්තරිය ධර්මයක් බව ප්‍රකාශ කොට වදාළා.

සම්බුදු නුවණින් පිරිසිදු ලෙස අනුන්ගේ සිත් දක්නා ක්‍රම හතරක් ලෝකය පවතිනවා.

ඇතැම් අයෙක් සිතෙහි ස්වභාවය ප්‍රකටවන ශාරීරික නිමිති බලා සිතේ ස්වභාවය මෙසේ යැයි පවසනවා

තවත් අයෙක් මිනිසුන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ කතා ශබ්දය අසා අනුන්ගේ සිත් වල ස්වභාවය මෙසේ යැයි පවසනවා

තවත් කෙනෙක් මේ ආකාර දෙකෙන්ම තොරව අන්‍යයන් මනසින් විතර්ක විචාර කරනවිට ඒ විතර්ක විචාර ශබ්දය සහ ඔවුන්ගේ හිතේ ස්වභාවය මෙසේ යැයි පවසනවා

තවත් අයෙකු විතර්ක විචාරයෙන් යුතු සමාධියකට සම වැදී සිටින්නා වූ අයෙකුගේ සිත තම සිතින් පිරිසිඳ දැක සමවතෙහි සිටින්නා ගේ දැන් පවතින මනෝ සංස්කාරයත්,අනතුරුව පහළ කරන විතර්කය කවරක්ද යන්නත් දකිනවා.

නූතන විද්‍යාඥයන් උත්සාහ කර බලන්නේ මේ තුන්වන ක්‍රමය සාර්ථක කරගත හැකි ආකාරයක් හඳුනා ගැනීමටයි. මේ ගැන ඔවුන් ඉතා සුළු පරාසයකින් පමණයි හඳුනාගෙන තිබෙන්නේ. එසේ තිබියදී ඉතා සියුම් චිත්ත කුසලතාවයක් වන තම සිතින් අනුන්ගේ සිත පිරිසිඳ දැකීමේ හැකියාවක් උපදවා ගැනීම ගැන ඔවුන් කවරක් නම් සිතන්න ද?

ලොව ඇති තතු එලෙසින් ම අවබෝධ කරගත් සම්බුදු නුවණින් ම හැර අන් කවරකින් මේ විස්මිත චිත්ත ස්වභාවයන් ලෝකයට හෙළිදරව් කරන්න ද ?

සිතුවිලි ධාරාවන් ගේ සීමාවක් නැහැ. අප සිතන සිතිවිලි සමගින් මිනිසුන්ට පමණක් නොව, තිරිසන් සතුන්ට අමනුෂ්‍යයන්ට පවා බලපෑම් එල්ල කළ හැකි බව බුද්ධ දේශනා වල සඳහන් වෙනවා .

සියලූ ලෝක සත්වයන් වෙත මෙත් පැතිරවීම තුළ සිදු කෙරෙන්නේ ඉතා යහපත් චේතනාවක්. සියලු සක්වළ පතුරුවා හැරීම මේ මෙත් සිතේ බලය නිසා වනයේ වනසතුන් ගෙන් අමනුෂ්‍යයන්ගෙන් පවා උවදුරක් සිදුවීමේ ඉඩකඩ මගහැරෙනවා .

ඈත වන සෙනසුන් වල හුදෙකලා බවුන් වැඩූ පින්වත් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගේ ජීවිත උපද්‍රවයකින් තොරව ආරක්ෂා වුණේ මෙම මෛත්‍රී චේතෝ විමුක්තියේ ආනුභාවයෙන් මයි.

සිතක උපන් සිතිවිල්ලක් මගින් අන් සිත් සතන් වල ද යහපත උපද්දවා ලිය හැකි බව ලොවට හෙළි කොට වදාළ ඒ උතුම් තථාගත ධර්මය කෙතරම් නම් ආශ්චර්යවත් ද ?

අපටත් ඒ උත්තම පණිවිඩය පණිවිඩයකින් සිතට යොමු කරන්නට පුළුවනි නම්, මේ ලෝකෙ වඩාත් යහපත් තැනක් බවට පත් කළ හැකි බව නම් විශ්වාසයි…

පුද්ගලාන්තර අවබෝධය මතින් මනසින් මනසට කතා කරන හෙට දවසක්… වෙත සිහින දකින්නට ඔබට ආරාධනා …

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

Home

You might also like
en English
X
X