Temples of Sri Lanka

අවිහිංසාත්මක මැදිහත්වීම

අන්‍යයන් වෙත උපකාර කිරීමේ ඔබගේ සේවයේ කොටසක් ලෙස සැබැවින්ම අවිහිංසාත්මකව එවන් උපකාර කිරීම ඔබගේ පාර්ශ්වයෙන් ඉතා වැදගත් වන බැවින් එය වෛද්‍ය වෘත්තියට හා ගුරු වෘත්තියට පිවිසීමට සූදානම්ව සිටින ඔබ වැනි සිසුන් හට මෙම මාතෘතා විශේෂයෙන්ම අදාළ වේ. ඔබ තුළමද යම්කිසි ආධ්‍යාත්මික වටිනාකම් තබාගැනීම ඔබගේ කාර්යය වඩාත් අර්ථාන්විත එකක් බවට පත් කිරීමට උපකාරී වනු ඇත. හුදෙක් මුදල් හරි හම්බ කිරීමටම නොව ඔබගේ සේවයට අදාළව ලැබී ඇති අවස්ථාව අගය කරමින් ආර්ථවත් ලෙස ජනතාවට උපකාර කිරීම පිණිස යොදා ගැනීමට එමගින් උපකාරයක් ලැබෙනු ඇත.

සියලු ආගම්වල මෙන් බුදු දහම තුළද අවිහිංසාව සම්බන්ධයෙන් බොහෝ කරුණු අන්තර්ගත වන අතර විවිධ පද්ධතීන් තුළ අවිහිංසාව යන්නෙන් කවරක් අර්ථවත් වන්නේද යන කරුණ විවිධ අයුරින් අර්ථ නිරූපණය කළ හැක. අපි නිරතුරුවම හිංසාව යන්න යම් ආකාරයේ ක්‍රියාවක් හා සම්බන්ධව සිතිවිලිගත කරන්නක් වන අතර, අවිහිංසාව යනු එයාකාරයේ චර්යාවන්ගෙන් වැළකීමයි. එනමුත් බුදු දහම විසින් එහිදී සම්බන්ධවන අපගේ චිත්ත ස්වභාවයට අනුව එම කරුණ වෙත ප්‍රවේශයක් ගනු ලබයි. මක් නිසාද, අප විසින් යම් ආකාර හිංසනකාරී චර්යාවක නියැළුණද, නොවුවද එ් සියල්ල හිංසනකාරී චිත්ත ස්වභාවයක් තුළින් පැන නගින බැවිනි. ඒ අනුව සෙසු අය වෙත හානි පැමිණවීමේ හිංසනකාරී සිතිවිලි සිත තුළ දරා සිටිමින් හුදෙක් ඔහුට රිදවීමෙන් වැළකීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ අනුව, හිංසනකාරී චිත්ත ස්වභාවය යනු කවරක්ද යන්න වටහා ගනිමින් එය මැඩ පැවැත්වීමේ ක්‍රම ඉගෙනීම වැදගත් වේ.

තෙයාකාර හිංසනයන් හා අවිහිංසාවන්
ආධ්‍යාත්මික වටිනාකම්
හි වැදගත්කම
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්
බෝධිචිත්තය තුළ අන්‍යයන් වෙත වඩාත් හොඳින් උපකාර කරනු පිණිස අප විසින් අපගේම, පෞද්ගලික අනාගත බුද්ධත්ව මට්ටම ඉලක්කගත කරන අතර, ආදරය, කරුණාව, සැලකිලිමත්බව ආදී අපගේම ධනාත්මක ගුණයන් භාවිතයෙන් අපි එම ගමන තුළ අප වෙතම හා සෙස්සන් වෙතද ප්‍රයෝජන හා වැඩි සතුටක්ද ගෙනෙමු.

බුදු දහමේ හා ඉස්ලාම් දහමේ ප්‍රේමය පිළිබඳ පිළිවෙත: සැසඳුමක
බුදු දහම හා ඉස්ලාම් දහම තුළ පවත්නා ආදරය, සමාව ලබාදීම හා ආචාර ධර්ම සාකච්ඡාව සසඳමින් එම ආගම් දෙකෙහි මූලික මූලධර්ම සාරාංශය
ආගමික සමගිය, කරුණාව හා ඉස්ලාම් දහම
14 වන දලයි ලාමා වහන්සේ
දුසිරිතෙන් බර කිහිප දෙනෙකුගේ ක්‍රියාවන් හේතුකොට සමස්ත ආගමක් අයහපත් ලෙසට හඳුනා ගැනීම වැරදි සහගත ක්‍රියාවක්ය යන්න දලයි ලාමා වහන්සේගේ විශ්වාසයයි.

මෙය ඉස්ලාම්, යුදෙව්, ක්‍රිස්තියානි, හින්දු හා බුදු දහමටද එකසේ සත්‍ය වේ.
අපේ ව්‍යාපෘතියට සහාය වන්න
මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යාමට සහ වැඩි දියුණු කිරීමට අපට ඇති හැකියාව මුළුමනින්ම රඳා පවතින්නේ ඔබේ සහාය මතය. අප ඉදිරිපත් කරන දේ ප්‍රයෝජනවත් බව ඔබට හැඟේ නම් එක් වරක් හෝ මාසිකව හෝ යම් පුණ්‍යාධාරයක් කිරීම ගැන හිතා බලන්න.

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X