Temples of Sri Lanka

බුද්ධියට මුල්තැන දෙමින් අත හරිමු…

හැම තිස්සේම කියනවා වගේ “සිතට එකඟව නැතිව ධර්මයට එකඟව සිතන්නට කියන්නට කරන්නට පෙළෙඹෙනවා නම් උත්සාහ කරනවා නම්” ඒ පුද්ගලයාට වරදක් වෙන්නේ නෑ. ලංවෙන්නේ නිවීමටමයි. ලංවෙන්නේ සැබෑ සතුටටමයි.

ඉතින් කිව යුතු තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි යම් පුද්ගලයන් මේ ආකාරයෙන් සත්ධර්මය කිවූ විට හෝ කියවූ විට ඒවා වහ වහා තමන්ගේ ජීවිතයට ලංකරගන්නට උත්සාහ කරනවා. සමහර පිරිසක් ඉතාමත් නිවැරදිව ඒ දේ කරගන්න අතරේ සමහර පිරිස් අනුවණ ආකාරයෙන් තමයි කරගන්නේ.

උදාහරණයකින් කියනවා නම් මේ දේවල් කියවලා ඔබ ගත යුතු තීරණය ගෙදර තියෙන්නාවූ තරමක් බඩු භාණ්ඩ දන්දීම හෝ එළියට විසිකිරීම නෙවේ. නිසි ලෙසින් තෝරාගෙන දීමට හැකිදේ දී අල්පේච්ඡ වීම වැදගත්. එහෙත් නිවසේ සිටින්නේ ඔබ පමණක් නෙවේ නම් ගැටලු මතුවෙන්නට හැකියි. හැමෝම එකවගේ හිතන්නේ නෑනේ නේද? ගෙදර දරුවෙක් විදියට ඔබ මේ දේවල් කියවලා අම්මලා තාත්තලා මේ කුණු අල්ලාගෙන ඉන්නවා කියලා බැන්නට විරුද්ධව කටයුතු කලාට පාපයක් අයහපතක් සිද්ධ වෙන්නේ ඔබටම තමයි.

ඉතින් ප්‍රඥාවන්තව හැකි අයුරින් තෝරාදෙන්නට හැකි නම් කරුණාවෙන් උපක්‍රමශීලිව එය කරදීම ඔබට කල හැකියි. එසේත් නැතිනම් ඔබ කල යුතු වන්නේ මනසින් අතහැරදැමීම ප්‍රගුණ කිරීමයි. එවිට ඔබට රජ මාළිගයක හිටියත් අසහනයක් දුකක් නැතිව ඉන්න පුළුවන්, එහෙමත් නැතිනම් පාරේ විදුලි පහන් කණුවක් යට නිදාගන්නට සිද්ධ වුණත් එයත් අසහනයකින් තොරව කරන්නට පුළුවන්. ඉතින් හැමදේම මනස තුල සිද්ධ වෙන දෙයක් මිස එය බාහිරයට මවා පෑ යුතු දෙයක් නොවේ කියලා මම නිතරම පැහැදිලිකරන්නට උත්සාහ කරනවානේ. ඉතින් අතහැරීමේ ගුණය වැඩිය යුතු වෙන්නේ ඔබේ සිත තුලයි.

ඔබට කියලා යමෙක් ගෙනත් දී තිබෙන ඔබේ කියලා වෙන් කරගෙන තියෙන දෙයක් තවත් කෙනෙකුට දීලා ඇතිවන මානසික තත්වය හදුනාගෙන කටයුතු කිරීම හොදයි

ඒත් එයිනුත් තවත් කෙනෙකුට වැඩි අයහපතක් නොවන ආකාරයට කරගන්නට බුද්ධිමත් විය යුතුයි.

දානය නිසි ලෙසින් දෙමු!
දන් දෙමු නේද?
දානය ගැන නම් කථා කරන්නට ඇති දෑ මෙතෙකැයි කියන්නට නොහැකියි. මන්ද “දානය” තමයි ඕනෑම පුද්ගලයෙකුට ලෝකෝත්තර මාර්ගයේ…

අත සෝදාගත් සේ
ඉතින් අපි හැමතිස්සේම ගරු කරන්නේ පිළිපදින්නට උත්සාහ කරන්නේ බුදු හිමියන් පෙන්වූ ඒ සියලු දුක් කෙලවර…

කුණු සේදීම
ඔන්න දැන් මගේ අතේ තියෙන කුණු ටික මම සංසන්දනය කරන්නට උත්සාහ කලේ දානය පිණිස දීම පිණිස මම බලාපොරොත්තු වෙන දේයි. දීම…

කුණු හා බැදී…
දැන් ඉතින් අනේ මේ පණුවෝ කෘමින් කරන වැඩ පිළිවෙලෙයි ඔබගෙයි වෙනසක් එහෙම පේනවද? කඩෙන් ද්‍රව්‍යයක් අරගෙන ආවා. ඒකෙන්…

මුල් පටන්ගැන්මක්
ඔන්න දැන් ඉතින් දානය මේ වැඩපිලිවෙලට සම්බන්ධ කරගන්නට වෙලාව හරි. මතකනේ මුලින්මත් කිව්වා කුණු සෝදා හරිනවා වගේ දානය…

ප්‍රණීත අයුරින් දීම
මේ විදියට උපක්‍රමයක් වශයෙන් “දීම පිණිස / දානය පිණිස” මේ ලෝකයේ ඔබ යම්කිසි කැමැත්තක් තියෙන්නාවූ ඔබට ආශ්වාදයක්…

අල්පේච්ඡතාවය වැඩීම
මේ ආකාරයට සිතන්නට පුරුදු වන ඔබ තුල තවත් ගුණයක් වැඩෙනවා. ඒ තමයි කුණු පුරවාගෙන ඉන්න ස්ථානයක සිටින කෙනෙක් වෙන්නේ…

පුද්ගලික සතුට
“දානයෙන් / දීමෙන්” පුරුදු පුහුණු කරන තවත් දෙයක් තියෙනවා. ඒ වෙනුවෙන් බාහිර පුද්ගලයෙක් මත හෝ බාහිර තත්වයක් මත…

සංවරත්වයට පත්වීම
අන්න ඒ වගේ මනසක් තුල තමයි සංවරත්වය වැඩෙන්නේ. කොහොමද? දැන් ඔබ පුහුණු කරන්නේ දුක අසහනය පීඩාවන් රැසක් ගෙන දුන්න මේ…

ගැලපෙන විදියට දෙන්න
ඒ වගේ අල්ලාගෙන දන් දෙනකොට දෙන්නට කලිනුත් සිත මහා කුකුසක, අසහනයක ඒ වගේම දෙන වේලාවෙත් එසේමයි දුන්නට පස්සෙත් එහෙමයි……

ප්‍රඥාවන්තව මේ සියල්ලන්ගේම යෙදීම තුළින් තමන්ගේ ජීවිතයට යහපතක් ළඟා කර ගැනීමට බුද්ධිමත්ම අතහැරීමේ ක්‍රියාවෙහි යෙදෙන්නට ඔබ ධර්මානුකූලව කටයුතු කළ යුතුයි.

එය ඔබේ දෙලොවටම යහපතක් වෙයි.

තෙරුවන් සරණයි 🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X