”චන්ද්‍රයාන් 3″ මෙහෙයුම ඉන්දියාවෙන් සඳ මතට
සතුටට කරුණක්….ඉන්දීය මාතාව ආසියාවේ ඉතා සීග්‍රයෙන් දියුණු වෙන රටක් ලෙස අනාදිමත් කලක් සිට ලංකා ද්වීපය හා බැඳි ඉන්දියානුවන් හට ලාංකීය හදවතේ හෘදයාංගම සුභ පැතුම්..
පෘථිවියේ වැඩි ම ජනගහණය හිමි රට ලෙස ඉන්දියාව චීනය අභිබවා යාමට සමත් වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
2001 වසරේ ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගලාභියා වූ “මයිකල් ස්පෙන්ස්” පවසා සිටින්නේ, භාරත මාතාවන්ගේ සුවහසක් නිපුණතා සඳහා වූ කාලය දැන් පැමිණ ඇති බවයි.
ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදනය මේ වන විට ත් චීනයට වඩා වේගවත්ව වර්ධනය වෙමින් පවතින අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රක්ෂේපණවලින් පෙනී යන්නේද එම තත්ත්වය තවදුරට ත් පවතිනු ඇති බවයි.
මේ අතරතුර සිදු වූ තවත් වැදගත් සිදුවීමක් ලෙස “යළි සඳට යන්න ඉන්දියාව සූදානමක” යන තොරතුර සමාජ මාධ්‍ය තුළ සැරිසැරීම සැළැකිය හැකියි..
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, ‘චන්ද්‍රයාන් 3″ මෙහෙයුම යටතේ සඳට පතිත වූ රොබෝ ගවේෂණ යානය ‘වික්‍රම්’ ය.
‘වික්‍රම්’ යානය තුළ කුඩා රෝවර් යානයක්ද ඇත. සඳ මතුපිට ගමන් කළ හැකි මෙම රෝවරය නම් කර ඇත්තේ ‘ප්‍රාග්යාන්’ යන නමිනි.
‘වික්‍රම්’ ගවේෂණ යානයත්, ‘ප්‍රාග්යාන්’ රෝවරයත් ඉන්දීය විද්‍යාඥයන්ගේ ම නිර්මාණයකි.
විශේෂයෙන්ම සඳුගේ පස ගවේෂණය ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුමේ අරමුණ බව ඉන්දීයයන් පවසයි.
ගවේෂණ යානා රැගත් ‘ජී.එස්.එල්.වී. මාර්ක් 3’ අති ප්‍රබල රොකට්ටුව, ගුවන්ගත වූයේ ඉන්දියාවේ, දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ, ශ්‍රී හරිකොත පිහිටි ‘සතිෂ් ධවාන්’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් බව සැලය.
‘වික්‍රම්’ රොබෝ යානය සඳුගේ දකුණු අර්ධ ගෝලයේ තෝරාගත් ස්ථානයකට පතිත කිරීමට නියමිත වූ අතර ඉන්පසු ‘ප්‍රාග්යාන්’ රෝවරය, ‘වික්‍රම්’ යානයෙන් පිටතට පැමිණ, ඊට පැවරුණු මෙහෙයුම්වල නියැලීම අපේක්ශා කරයි.
ඉන්දියාව, සඳ මතුපිටට රොබෝ යානයක් පතිත කිරීමට උත්සාහ ගන්නා දෙවැනි අවස්ථාව මෙය වේ.
මේ වනවිට සඳ මතුපිටට රොබෝ යානා සාර්ථකව පතිත කර ඇත්තේ, ඇමෙරිකාව, රුසියාව සහ චීනය පමණි.
“චන්ද්‍රයාන් 3″මෙහෙයුම සාර්ථක වුවහොත් එය ඉන්දියාව ලබන විශාල ජයග්‍රහණයක් මෙන්ම අසල්වාසී මිත්‍ර සබඳකම් පවත්වන ලාංකීය සහෘද ජන සමාජයට ද මහත් ගෞරවනීය අභිමානයකි.
මින් පෙර භාරතීය ප්රයත්නයන්ගේ සාර්ථකත්වය පිළිබඳව මතක සටහන් ආවර්ජනය කිරීමේ දී..ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 1’ මෙහෙයුම සාර්ථක මෙහෙයුමක් බව සිහිපත් කළ හැක. ‘චන්ද්‍රයාන් 1’ කක්ෂීය යානයක් වූ අතර එය සඳුගේ කක්ෂයට සාර්ථකව යැවීම සිදුවිය. සඳ මතුපිට ජල අංශු ඇතැයි ලොවට කීවේ ‘චන්ද්‍රයාන් 1’ යානයයි.
පසුව නාසා ආයතනය ද ඒ බව තහවුරු කළේය. 2008 දී ‘චන්ද්‍රයාන් 1′ මෙහෙයුම අවසන් විය.’චන්ද්‍රයාන් 1’ සඳ මතුපිටට කඩා වැටීමට සැලැස්වීය.
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුම 2019 සිදුවුණු අතර, එය අසාර්ථක ප්රයත්නයක් විය.
එයින් උත්සාහය අත් නොහහළ හා නොනැවතුණු ඉන්දීය ප්රයත්නය චන්ද්‍රයාන් 3 මෙහෙයුම ලෙසින්, ‘වික්‍රම්’ නමැති රොබෝ ගවේෂණ යානය සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරා ගත් ස්ථානයකට පතිත කිරීම සඳහා සියලු කාර්යයන් අවසන් කිරීමේ සාර්තක කාර්යයක අවසන දැකීය.
යානය, කිසිදු ගැටලුවකින් තොරව, සඳට ගොඩ බෑමට සියලු කටයුතු සූදානම්ව තිබි බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ ප්‍රධානී එස්. සෝමනාත් පැවසීය.
මේ වනවිට සඳුගේ කක්ෂයේ ඇති වික්‍රම් යානය, සඳට ගොඩබැසීම ආරම්භ කර, ඇති බවද ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෝ පැහැදිලි කර ඇත.
පසුගිය දින කීපය පුරා, යානය සඳ මතුපිට ඡායාරූප සහ සජීවී වීඩියෝ දසුන් පෘථිවියට ලැබෙන්න සැලැස්වූ අතර යානය ගොඩබෑමට සුදුසු තැනක් විද්‍යාඥයන් තෝරා ගත්තේ ද එම ඡායාරූප සහ වීඩියෝ දසුන් වලට අනුගතවය.
චන්ද්‍රයාන් 3 වික්‍රම් යානය සඳට ගොඩබෑම සජීවීව නැරැඹීමට ඉන්දීය ගගන පර්යේෂණ ආයතනය කටයුතු සැලැස්වීය.
සඳුගේ දක්ෂිණ ධ්‍රැවය හෙවත් අඳුරු කලාපයේ වටිනා ඛනිජ ද්‍රව්‍ය සහ මිදුණු ජලය ඇතැයි විශ්වාස කෙරෙන අතර ඒවා ගවේෂණය, ‘වික්‍රම’ යානයේත් ‘ප්‍රාග්යාන්’ රොබෝ රෝවරයේත් අරමුණ වෙයි.
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ සඳට යැවූ ‘වික්‍රම්’ ලෑන්ඩර් යානය සහ ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය සඳ ගවේෂණ කටයුතු ආරම්භ කර තිබෙන බව නවතම තොරතුරු අතරට එක්ව ඇත.
‘වික්‍රම’ යානය තුළ රඳවනු ලැබූ ‘ප්‍රාග්යාන්’ නමැති කුඩා රෝවර් යානය, පිටතට පැමිණ සඳ මතුපිට එහෙමෙහෙ යමින් ගවේෂණ කටයුතු ආරම්භ කළේ ‘වික්‍රම’ යානය සඳට පතිත කර පැය කීපයක් යද්දීය. ‘ලෑන්ඩර්’ යානා යනු පතිත කරන ස්ථානයේ සිට ගවේෂණ කටයුතු සිදු කරන රොබෝ යානාය.
‘රෝවර්’ යානා යනු රෝද සහිත එහෙමෙහෙ යා හැකි රොබෝ යානාය. ‘වික්‍රම්’ යානය සාර්ථකව සඳට පතිත කළාක් මෙන්, ‘ප්‍රාග්යාන්’ යානය ද සාර්ථකව ‘වික්‍රම්’ යානයෙන් පිටතට පැමිණ මෙහෙයුම් ඇරැඹූ බව ඉන්දීය විද්‍යාඥයන් පැවැසුවේ මහත් ආඩම්බරයෙනි.
සඳට රොබෝ යානයක් යැවූ සිවුවැනි රට වන්නේ ඉන්දියාවය.
මීට පෙර සෝවියට් දේශය, ඇමෙරිකාව සහ චීනය සඳ මතට රොබෝ යානා යවා ඇත. එසේ වුවත්, සඳේ දක්ෂිණ ධ්‍රැවය එසේත් නැතිනම් සඳේ අඳුරු කලාපයට රොබෝ යානයක් යැවූ පළමු රට ඉන්දියාව වීම තවත් සුවිශේෂී කාර්යයකි.
‘වික්‍රම්’ සහ ‘ප්‍රාග්යාන්’ යානා ඇතුළු ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුමට ඉන්දියාව වැය කළ මුදල ඉන්දිය රුපියල් කෝටි 600 කි. පසුගිය ජූලි 14 වැනිදා ඉන්දියාවේ ‘බාහුබලී’ රොකට්ටුවේ ආධාරයෙන් ‘චන්ද්‍රයාන් 3’ මවු යානය අභ්‍යවකාශයට යැවීම සිදුවිය.
‘චන්ද්‍රයාන් 3’ මවු යානය පෘථිවි කක්ෂයට පිවිස, පෘථිවිය වටේ යමින්, අවශ්‍ය ප්‍රවේගය ලබා ගෙන සඳුගේ කක්ෂයට පිවිසීමට දින 41 ක් ගත විය. සඳට පතිත කළ ‘වික්‍රම’ යානය සහ ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය, මාසයක් සහ දින 9 ක් ක්‍රියාකාරීව, අදාල මෙහෙයුම්වල නියැලෙනු ඇත. මෙහෙයුම් කාලය නිමා වූ පසු ‘වික්‍රම්’ සහ ‘ප්‍රාග්යාන්’ යානා අතහැර දැමෙනු ඇත.
සුවිශේෂී මෙහෙයුමක සාර්ථක ආරම්භයක් සනිටුහන් කළ, භාරත මාතාව ගේ මේසා විශාල මෙහෙයුමක ප්‍රතිඵල දැක්වූ අති දක්ෂවූ … අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ සියලුම විද්‍යාඥයින්ට ,සියලු අපේක්ෂා සාර්ථක වන්නට ලාංකීය හදවතේ සුබපැතුම් එක් කරමු.