Temples of Sri Lanka

දහස්ගණන් බැතිමතුන් ගේ හරසර මැද ශුද්ධෝත්තමයන් යළිත් දහම්සලට

ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ සිය ඇමරිකානු සංචාරයෙන් පසුව නැවතත් ඉන්දියාවේ ධර්ම්ශාලා නුවරට අද උදෑසන වැඩම කළ සේක.

ධර්ම්ශාලාහි කන්ග්‍රා ගුවන් තොටුපලේ දී එහි රැස්ව සිටි දහස් ගණනක් වූ ටිබෙට් බෞද්ධ ජනතාව උන්වහන්සේව මහත් හරසරින් පිළිගන්නා ලදී.
ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ ජුනි 21 දින ඇමරිකා එක්සත් ජනපදයට වැඩම කළේ දණහිසේ ශල්‍යකර්මයක් සඳහාය. සාර්ථක ශල්‍යකර්මයකින් පසු නිව්යෝර්ක් හිදී එහි සිටින ලක්ෂ්‍ය සංක්‍යාත බෞද්ධ බැතිමතුන් විසින් උන්වහන්සේගේ දීර්ඝායු පතා සංවිධානය කරන ලද වැඩසටහන් කිහිපයකටම සහභාගි වූ සේක.

ඉන් අනතුරුව උන්වහන්සේ ස්විට්සර්ලන්තය බලා වැඩම කල අතර එහිදී ද ටිබෙට් සහ යුරෝපීය බෞද්ධ බැතිමතුන් එක්ව සංවිධානය කල දීර්ඝායු පැතීමේ උත්සවවලට සහභාගි වූ සේක.

උන්වහන්සේගේ ශල්‍යකර්මය ඉතාමත්ම සාර්ථක බවත්, උන්වහන්සේ ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් පවසති.

You might also like
en English
X
X