Temples of Sri Lanka

දැහැමි සිතින් යුතු අඹු සැමි සබඳතා සුන්දර වේ

අද වන විට විවාහ සංස්‌ථාවන් විවිධ ආකාරයේ කම්කටොලු වලට ලක්‌වෙමින් තිබේ. සතුටින් ගත කළ යුතු විවාහ ජීවිතය සමහරු ගත කරන්නේ අසතුටිනි.
මෙම තත්ත්වයෙන් මිදී සාර්ථක ජීවිතයකට මග පාදා ගන්නේ කෙසේද? ඒ සඳහා බුදු දහමින් ලැබිය හැකි ආදර්ශය කෙබඳුද? යන්න මදක් විමර්ශනය කරමු.

 

යම්කිසි යුවතිපති දෙපළකගෙන් එම බිරිඳට ආරංචියක් එනවා තමන්ගේ සැමියා යම්කිසි නොමගකට යනවා කියලා. මෙම නොමගට යෑවීම ගැන දැන ගත්තත් එදා බිරිඳ සෘජු ලෙස ප්රශ්න කරන්න නොගිහින් සණ්‌ඩු සරුවල් කගැනීමෙන් තොරව වෙනදා වගේම යුතුකම් කරනවා. නමුත් ඇය පසු වන්නේ කල්පනා කරමින්.කනස්‌සල්ලෙන්.
සැමියාට මේ බව තේරෙනවා. හදවතින් හදවතට දැනෙනවා. සැමියාත් කල්පනා කරනවා. අනේ මගේ බිරිඳගේ කලින් තිබූ සුහදත්වය හෘදයාංගම බව දැන් නැහැනේ කියා. දැන් සැමියා කල්පනා කරනවා. බිරිඳ මෙහෙම ඉන්නේ අර ප්රශ්නය නිසා වෙන්න ඇති. අවසානයේදී සැමියා කියනවා බොහෝම ආදරණීය ලෙස ආයේ කවදාවත් ඔබට වරදක්‌ වෙන දෙයක්‌ කරන්නේ නැහැ කියලා.
සමාජයේ කුඩාම ඒකක ලෙස පවුල හඳුන්වන කල්හි එහි සමාජ මෙහෙවරක් විශාල වශයෙන් පවුලට හිමි වී තියනව. ඒ වගේමයි එවැනි පවුල් කීපයක්‌ එක්‌ වූ විට ගමක්‌ නිර්මානය වෙනව.එවැනි ගම් කීපයක්‌ එකතුවෙන් නගරයක්‌ හැදෙනව. එවැනි නගර කීපයක්‌ එක්‌වීමෙන් රටක්‌ හා මේ සියලු රටවල් එකතුවෙන් අපගේ ලෝකය නිර්මාණය වෙනව.
ඒ අනුව ලොවක්‌ නිර්මාණය කරන කුඩාම පවුල් ඒකකය කෙතරම් ශක්‌තිමත් එකක්‌ද යන්න අපට පැහැදිලී. ඉතින් ඒ කුඩාම ඒකකයේ පෝශිත කොටස් අපි.අපේ දායකත්වය ඉතා වැදගත්.පවුල් ඒකකයට මෙවැනි ප්රවේණියක්‌ නැතහොත් පරම්පරාවක්‌ තිබීම එහි සුවිශේෂී ලක්ෂණයක්‌ ලෙස හඳුන්වා දීමට පුළුවන.

 

මෙම සමාජයේ ශක්‌තිමත්ම අරටුව වනුයේ අඹු සැමියන්ය. නැතහොත් ඔවුන්ගේ විවාහ සංස්‌ථාවයි. ආදරයෙන් කරුණාවෙන්, මිත්රත්වයෙන්, කෙළිදෙලෙන් ජීවත්වන යුවතිපතීන් නිසා පවුල් සංස්‌ථාව පමණක්‌ නොව රටක්‌ම ලස්‌සන වනවා.
ලස්‌සනට, සෙනෙහසින් ජීවත් වන පවුල් ඒකකයක්‌ ලස්සන කුරුලු කැදැල්ලක්‌ වගේ සුන්දරයි….. කුරුලු කැදැල්ල යන සෞන්දර්යාත්මක වචනය සතුටින් ජීවත්වන පවුලකට උපමා කිරීමට, සමාජගත වීමට නැතහොත් සමාජ ව්යවහාරයට පැමිණීමේ ඉතිහාසයක්‌ ද තියෙනවා…

 

වාල්මිකී සෘෂිවරයා දිනක්‌ වනාන්තරයේ ඇවිදිමින් ඉන්න අතරේදී සෘෂිවරයාගේ නෙත ගැටුනේ සතුටින් ගී ගයමින්, කෙළිදෙලෙන් සිටින කොස්‌වා ලිහිනි ජෝඩුවකි. (ඉපැරණි ඉන්දියාවේ ආදරයේ සංකේතය වූයේ ද කොස්‌වා ලිහිනියායි) කෙළිදෙලෙන් සිටි මෙම ලිහිනි ජෝඩුව හදිසියේම නොසිතූ අයුරින් විපතට පත් උනා.. වැද්දකුගේ හී පහරක්‌ කොස්‌වා ලිහිනියාගේ හදවත පසාරු කරගෙන ගොස්‌ ඌ හදිසියේම මරණයට පත් උනා.
හදිසියේ වූ විපතින් ලිහිනි කිරිල්ලිය බිම වැටී ළතෝනි දෙමින් වැළපෙන අයුරු දුටු මෙම සෘෂිවරයාගේ හදවතත් නිරායාසයෙන් ශෝකයට පත් උනා. . මෙම ශෝකජනක අත්දැකීම රාමායනයට වස්‌තු බීජය වූ බවයි එහි සඳහන් වන්නේ.
ඒ අනුව ශෝකය තමයි ශ්ලෝකය බවට පත්වුණේ. පද හතරකින් යුක්‌ත රසාලිප්ත වචන ගනනාව ශ්ලෝකය ලෙසයි හැඳින්වෙන්නේ. ශ්ලෝකය ශෝකය මතයි ගොඩනැඟිලා තියෙන්නේ. මෙය සිංහලෙන් කවිය ලෙසත්, පාලියේදී ගාථාව ලෙසත් හඳුනා ගැනීමට පුළුවනි. කෙසේ හෝ වේවා “කැදැල්ල” යන්න රාමායනයේදීත් සඳහන් වූ බවයි අපි මෙහිදී අදහස් දෙන්නේ.
මාතරං කුටිකං බ්රෑසි
භරියං බ්රෑසි කුලාවකං
පුත්තෙ සන්තානකෙ බ්රෑසි
තණ්‌හං මෙ බ්රෑසි බන්ධන්ති
ඉහත ශ්ලෝකය දෙස බලත්ම … එහිදී දෙවියන්ගේ ප්රශ්නයක් වෙනුවෙන් උත්තර දෙමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුටිය යනු මවයි. බිරිය යනු කැදැල්ලයි. දරුවන් යනු කුල ප්රවේනියයි. නැතහොත් පරම්පරාවයි. තෘෂ්ණාව යනු බන්ධනයයි.
මෙතැනදී තියෙන්නේ එකම අදහසක්‌. බිරිඳ සහ සැමියා තමයි මව සහ පියා වෙන්නේ.
දරුවන්ට ඔවුන් මව පියා වෙනවා. ඒ වගේම ඔවුන් දෙදෙනා අන්යයන්ට යහළු හිත මිත්රයන් වෙනවා. වයසට පත්වූණාම මේ දෙදෙනාම ආච්චි සහ සීයා බවට පත්වෙනවා. ඊට පසු ආච්චිලා සීයලා මුණුබුරු මිණිබිරියෝ දකිනවා. එව මුණුපුරු මිණිබිරියෝ සහෝදර සහෝදරියන් බවට පත්වෙනවා. අයියලා, අක්‌කලා, නංගිලා, මල්ලිලා වෙනවා. මේ ආදී වශයෙන් පරම්පරාව එක දිගට ඇදී යනවා. පවුල් ඒකකයක්‌ යනු ප්රබල සංස්‌ථාවක්‌ ලෙස හඳුන්වාදීම වරදක්‌ නැහැ. එනිසයි බුදුරජාණන් වහන්සේ කුලප්රවේනිය මේ ලෙස දේශනා කළේ.

 

විවාහය ජීවිතය කැදැල්ලක්‌ නම් එහි සතුට, සෙනෙහස, විනෝදය තිබිය යුතුයි. කෙළිදෙළෙන් කාලය ගත කළ යුතුයි. එනිසා සාර්ථක ප්රීතිමත් විවාහක ජීවිතයක්‌ ගත කිරීම ගිහි ජීවිතයේදී මිනිසා ලබන භාග්යයක්‌. කාලයක්‌ යද්දී දූ දරුවෝ ලැබීම නිසා එම කැදැල්ලේ සතුට තවත් වැඩිවෙනවා. පවුල් ඒකකය ශක්‌තිමත් වෙනවා.
සැමියෙක්‌, පියෙක්‌ වශයෙන් මෙන්ම බිරිඳක්‌ මවක්‌ වශයෙන් සමාජ සංස්‌ථාවේදී අනුගමනය කළ යුතු ධර්මෝපදේශ මොනවාද?…..
බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ මේ සඳ්හා මනා පිළිතුරු අන්තර්ගතයි. එසේම නොඅඩුව දකින්ට ලැබෙනවා. යහපත් යුග ජීවිතයක්‌ ගත කිරීමට ඇවැසි ක්රම වේදයන්ද එහි සඳහන් වෙනවා. යහපත් යුග දිවියක මහිමය කියාදෙන සූත්රයක්‌ ලෙස අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයේ පඨම නකුල සමජීවී සූත්රය හඳුන්වා දීමට පුළුවන්.
එහි සඳහන් වන අන්දමට නකුල සැමියා බුදුරජාණන් වහන්සේ ළඟට ගොස්‌ කියනවා…. මම නකුල මාතාව විවාහ කරගත්තේ යොවුන් වියේදී. එදා සිට ඇය හැර වෙන කිසිවකු ගැන හිතකින්වත් හිතුවේ නැහැ කියලා. එසේ නම් කයෙන් ඇසුරු කිරීම පිළිබඳ කවර කතාද? ඒ වගේම නකුල මාතාවන් කියනවා… නකුල සැමියා හැර වෙනත් කිසිවකුත් ගැන හිතකින්වත් හිතුවේ නැහැ කියලා. එසේ නම් වෙනත් අයකු පිළිබඳ කයින් ඇසුරු කිරීම පිළිබඳ කවර කතාද කියලා.

 

නකුල සැමියාත්, නකුල බිරියත් ඔවුනොවුන් කෙරේ දැඩි සෙනෙසින් තෘප්තිමත්ව යුග දිවිය ගත කළ යුවළක්‌. එනිසා ඊළඟ භවයේදීත් එකට එක්‌වී සාර්ථක යුග ජීවිතයක්‌ ගත කිරීමයි මේ දෙදෙනා ප්රාර්ථනා කරන්නේ.
ඔවුන්ගේ ප්රාර්ථනාව දෙස බැලීමේදී අපට පෙනී යනවා අඹු සැමියන් වශයෙන් ඔවුනොවුන් අතරේ තිබුණු බැඳීයාව කෙතරම් දැඩිද කියලා. මෙලොව පමණක්‌ නොව ඊළඟ භවයේදීත් අඹු සැමියන් ලෙස එක්‌වීමට ඔවුන් ප්රාර්ථනා කරන්නේ එනිසයි. මෙලෙස ඉතාමත් අවබෝධයෙන් යුග දිවිය ගත කරන උදවිය අප අතරේ නැතුවාම නොවේ.
එදා භාරතීය සමාජයේත් එවැනි අඹු සැමියන් සිටියා. එදා භාරතීය සමාජයේ සෑම යුග ජීවිතයක්‌ම මේ අයුරින් නොතිබුණත් මෙසේසාර්තක පවුල් සංස්ථාද තිබි බවට සාක්ශි තියනවා.

 

කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අයුරින් සමාන අදහස්‌ ඇතිව, ත්යාගශීලීව, ප්රඥවෙන්, ශීලයෙන් යුක්‌තව මෙලොව යහපත් ජීවිතයක්‌ ගත කරන අඹු සැමියන්ට ඊළඟ භවයකදීත් සුගතිගාමී භවයන් ලබා ගැනීමට පුළුවන්.
බුදුදහමේ තියෙන දර්ශනය තමයි මේ භවය බිලි දී ඊළඟ භවය සුගතිගාමී භවයක්‌ විය නොහැකි බව. මේ භවයේදී සුගතිගාමී වී ජීවත් වන තරමට ඊළඟ භවය සුගතිගාමී වෙනවා.
බුදුදහමේ සඳහන් වන ප්රායෝගික සත්යය මෙයයි. අඹු සැමියන්ගේ ධාර්මික පැවැත්ම සහ සම්බන්ධතාව ඔවුන්ගේ ආධ්යාත්මික ජීවිතයටත් දැඩිසේ බලපෑම් කරන බව මින් පැහැදිලියි.

 

භෞතික ජීවිතයේදී සාර්ථක යුග ජීවිතයක්‌ ගත කිරීම අද වන විට තරමක්‌ දුරට බිඳ වැටිලා තියෙනවා. ඒ පිළිබඳව විවිධාකාරයෙන් නොයෙක්‌ දෙනා කතා කරන ස්‌වභාවයක්‌ද දක්‌නට ලැබෙනවා.
ඒ කෙසේ වෙතත් තමන්ගේ ආගම දහමින් කිසි සේත්ම නොමග යන ජීවිතයක් උරුම නොකරන නිසාම හොඳ දේ හොඳ ලෙස දැකීමේ කලාවෙන් ආගමික නැඹුරුවකින් යුතු පවුල් සංස්ථාවක් හා අවබෝධයෙන් ගමන් ගන්නා ජීවන රටාවක් තුල සාර්ථක යුග දිවියක නිමිති දක්නට හැකි බව හා සතුට රජයන ජීවිතකක මහිමය අත් දුටුව හැකි බවකිව හැකිය..

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X