Temples of Sri Lanka

සිත නො රැකීම අකුසලයට මුල් වේ

සිත යනු ඉන්ද්රියක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

ඇස කියන ඉන්ද්රිය කෙනෙකුට පාලනය කරන්න හසුරවන්න සංවර කරගන්න පුලුවන් ඒ වගේමයි හිතත් පාලනය කරන්න හසුරවා ගන්න සහ දමනය කරන්න තැන්පත් කරන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම මේ හිත ජයගන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී පෙන්වා පහදා දී තිබෙනවා

 

අප අතර අදටත් ඉන්නවා මේ සිත ජයගත් උතුමන් වහන්සේලා.මේ හිතට පුළුවන් අරමුණක් අරමුණක් පාසා ම සැලෙන්න එයයි හිතේ ස්වභාවය තමාගේ වසඟයේ පවත්වා ගන්නට බැරි චපල දෙයක් ලෙසයි මේ හිත හඳුන්වන්නට වෙලා තියෙන්නේ බොහෝ විට වරදින් වළක්වා නිවැරදි දේ සිතට පිහිටුවා ගැනීම ඉතාමත් දුෂ්කර කාර්යයක්
නමුත් බුද්ධිමත් තැනැත්තා ධර්මයේ හිත පිහිටුවා ගනිමින් ඒ සඳහා උත්සාහයත් වීර්යයත් ගන්නවා සිත මනාසේ පාලනය කළ හැකි බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා

 

බුද්ධ දේශනාවට අනුව මෙසේ එය විග්රහ කර දක්වන්නට පුළුවන් …..දුක් විඳින්නේ හිත හෝ සිතිවිලි නිසා නොවෙයි දුක් විඳින්නේ නොදැනුවත්කම මත මේ හිත පවත්වාගෙන යාම හේතුකොට ගෙනයි හිත සහ සිතුවිලි නිසා දුක් විඳිනවා නම් හිතත් සිතිවිලිත් තිබෙන රහතන් වහන්සේ දුකින් නිදහස් උනේ කොහොමද..?
උන්වහන්සේට හිතක් තිබෙනවා ඒ සිතින් සිතිවිලිත් හිතනවා නමුත් දුකක් නැහැ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දුක ඇතිවෙන්නේ මේ චිත්ත අභ්යන්තරයේ තිබෙන අනුසය නම් කෙලෙස් ස්වභාවය නිසා බව අනුසය කියන්නේ අප ළඟ තියෙන අරමුණක් ඔස්සේ අවිද්යා සහගතව නිර්මාණ වෙලා තියෙන චිත්ත අභ්යන්තරයේ අපට නොපෙනී ක්රියාත්මක වන හිත කිළිටි කරන කරුණු

 

එසේ නොමැතිනම් කෙලෙස් මේ අනුසය ඒ ඒ අවස්ථාවට අනුව මතු වෙලා හිතින් ක්රියාත්මක වෙනවා අප තරහ සිතිවිල්ල ගත්තොත් එවැනි සිතිවිල්ලක් හට ගත්තාම ද්වේශ සිතක් හා සිතිවිල්ලක් ඇති වෙනවා මේ තරහ හට ගත්තාම එය දුකක් බවට පත්වෙනවා අප කළ යුත්තේ තරහ ඇති වී තිබෙන හේතුව විමසීමයි ද්වේශය ඇති කරවන අරමුණට කියන්නේ පටිඝ නිමිත්ත කියලා එය වර්ධනය වන ආකාරයට කෝප කරවන අරමුණු ලියලා යන ආකාරයට ඒ තැනැත්තා කල්පනා කරන්න පටන් ගන්නවා එයට කියන්නේ අයෝනිසෝ මනසිකාරය කියල අයෝනිසෝ මනසිකාරය හා පටිඝ නිමිත්ත හේතු කරගෙනයි සිතක ද්වේෂය පවතින්නේ එසේනම් පැහැදිලියි හිත සහ සිතිවිලි නිසා නොවෙයි දුක හටගන්නේ කියලා අයෝනිසෝ මනසිකාරය හා පටිඝ නිමිත්ත නිසයි ඒ දුක හටගන්නේ
ඒවා බැහැර කළොත් සිතේ ද්වේශය හටගන්න තිබෙන පරිසරය නැති වෙලා යනවා පාලනය කරගත නොහැකි සිතක් අවබෝධ නොකරපු සිතක් තිබෙද්දී සම්පූර්ණ අනතුරක් ඒ සිතේ ක්රියාත්මක වෙනවා හැම වෙලාවෙම ඒ සිත කෙලෙස් වලින් බැඳිලයි පවතින්නේ ඒ නිසා ඒ පුද්ගලයා මානසිකව දුක් විඳිනවා යම්කිසි කෙනෙකුගේ පපුවට උලක් ඇනිලා තිබෙද්දී ඒ සමීපයට තවත් උලක් එන්නේ යම්සේද අන්න ඒ ආකාරයට තමයි මිනිසුන් විදින චෛතසික දුකත් මානසික දුකත්…දුක නැත්තෙ රහතන් වහන්සේට පමණයි
අපේ හිත අපිව බැඳගෙන සිටින්නේ ඉතාමත් මායාකාරී ලෙස ට ලෙසට අප බැඳගෙන සිටින්නේ මේ සිත නොවෙයි මේ සිතට වසඟ වීමක් තමයි තිබෙන්නේ

 

දිනක් පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ විමසනව, ස්වාමීනි ලෝක සත්වයා වසඟ වෙච්ච කාරණය කුමක් ද? කියලා
උන්වහන්සේ වදාළා මේ ලෝක සත්ත්වයා වසඟ වුණේ සිතට බව ඊළඟට අහනව මේ ලෝක සත්වයා එහාට මෙහාට මේ සංසාර අරගෙන යන්නෙ කවුද කියල
එවිට උන් වහන්සේ පිළිතුරු දෙනවා එයත් සිදුවන්නේ සිතට අනුරූපීව බව ලෝක සත්වයාට නිදහස් වීමට නොහැකි වෙලා තියෙන්නේ සිතින් මේ තත්ත්වයට පත්වුණේ මේ සිත මුල් කරගෙන ගොඩ නැගුණු හිත සම්බන්ධයෙන් මනුස්සයා වසන වීම හේතුවෙන් ඇතිවුණු බැඳීම නිසයි බුද්ධිමත් කෙනා තමයි සිත නොමඟට වැටීමට ඉඩ දෙන්නේ නැතුව හිත රැකගන්නේ
සිත කියන දේ අයිති අවබෝධ කරගත යුතු දුක නම් වූ ආර්ය න්යායට යම් කිසි කෙනෙක් හිත අවබෝධ කරගත්තොත් ඒ අවබෝධය නිසාම සිත හා සම්බන්ධ සියලු බැඳීම්වලින් ඒ තැනැත්තා නිදහස් වෙනවා බුද්ධ දේශනාවල දක්නට ලැබෙන්නේ ප්රඥාවන්තයින් තම සිත නිදහස් කර ගත් ආකාරයයි අනන්ත ලක්ඛන සූත්රය තියෙනවා එම දේශනය අවසන් වනවිට අසාගෙන සිටි පස්වග භික්ෂූන් වහන්සේලාගේ සිත් ආශ්රවයන්ගෙන් මිදුනා කියලාආශ්රවයන් කියන්නේ කෙලෙස්

 

සිත කෙලෙසන කරුණු වලින් මිදුණු විට හිත බොහොම නිදහස කට පත්වෙනවා මේ සිත සීමා බන්ධන නොමැතිව බොහෝ දුරට ගමන් කරනවා සිතෙහි මායාකාරි ස්වභාවයක් තිබුනට ප්රකුර්ති ප්රභාශ්වර බවකුත් තිබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා
අපේ හිතට කේන්තියක් ඇති වන විට අකුසලයක් රාගයක් බයක් මෝහයත් ද්වේෂයක් ඇති වන විට හිත හඳුනා නොගත් තැනැත්තා රැවටෙන්න පුළුවන් මේ හිතේ ස්වභාවික තත්ත්වයප්රකෘති තත්ත්වය මේ ආකාරයටයි සිදුවන්නේ
ඉන් නිදහස් වීමට නොහැකි යැයි සිතිය හැකි නමුත් බුද්ධ දේශනා කියවන විට අපට පේනවා සිතේ ප්රකුර්තිය එය නොවන බව යෙදෙන කරුණු අනුව සිතට රෝපණය වන දෙයක් මතයි එය සිදු වෙන්නේ සිත කෙලෙස්වලින් නිදහස් උනහම අපට පුළුවන් සැනසිලිදායක ලෙස ජීවත් වන්නට….

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X