දැන සිටියාද ඔබ? ආධාර විද්‍යාව ගැන
විශ්වයට පහළ වූ ආධාර විද්‍යාව ඉගැන්වූ ශ්‍රේෂ්ඨයන් අතර බුදුන් වහන්සේ අග්‍රගන්‍යයි….
බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය සිදුවූ ක්‍රිස්තු පූර්වය 6 වන සියවස මිනිස් ඉතිහාසයට අපූරු යුගයක්.
ත්‍රිපිටක සාහිත්‍යයෙහි බුද්ධ යන වචනයේ යෙදුණු තැන් පරීක්ෂා කර බැලීමෙන් බුද්ධත්වය හා බුදුන් වහන්සේ යනු කවරෙක්ද යන්න විමසා දැනගත හැකිය.
බුද්ධ යන වචනයෙන් අවබෝධය, පිබිදීම, අධ්‍යාපනය, ගවේශණය, හා දැනීම යන අර්ථ ගෙන දේ. ඒ අනුව බුද්ධත්වයට පත්වීම යනු ලෝකය පිළිබඳව මනා අවබෝධයක් ඇති කර ගැනීමයි. බුදුන් වහන්සේ යනු ලෝකය පිළිබඳ මනා අවබෝධයක් ඇති උත්තමයායි.
ඒ අවබෝධය ලබා ගත්තේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පාරමී දම් පුරා ලබාගත් අත්දැකීමෙන්.
එය පර්යේෂනයක් මෙන්ම මහා අධ්‍යයනයක් ද වන්නේය. මේ නිසා දීර්ඝ කාලීන අත්දැකීම් ඇති ලෝකයේ ප්‍රථම පර්යේෂකයා වශයෙන්ද බුදුන් වහන්සේ හඳුන්වා දිය හැකිය.
බුදුන් වහන්සේ ලොව ඇති ආගම් කතුවරුන් අතර ශ්‍රේෂ්ඨ දාර්ශනිකයා වන්නේද මේ අත්දැකීම් බහුල ගවේෂණශීලීත්වය නිසයි. ඊට කදිම නිදසුන වන්නේ මජ්ඣිම නිකායේ අරිය පර්යේෂණ සූත්‍රයයි.
උන්වහන්සේ දස බලධාරී වූහ .එයින් උන්වහන්සේටම ආවේනික කාය බල දහයක් හා ඥාන බල දහයක් ගැන කියැවෙයි.
එපමණක් නොව බුදුන් වහන්සේ ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා ආදී ඥානවලින්ද පරිපූර්ණය පසළොස් වර්ණ ධර්මයන්ගෙන් ද චතුර් වෛශාරදයන්ගෙන් ද ෂඩ් ගුණයෙන්ද සපරිපූර්ණ මෙකී ගුණාංග පිහිටන්නේ සිව් කෙලෙස් නැසූ බුදුවරුන් තුළ පමණි. මෙහි සඳහන් කළ දස ඥාන කවරේද …
එම ඥාන දහය අතුරෙන් පළමුවැන්න ඨානාට හාන ඥානයයි. එනම් යම් ධර්මයන්ගේ ඉපදීමට හේතු ප්‍රත්‍ය ඇති බව දැන ගන්නා නුවණයි.
අතීත වර්තමාන අනාගත යන කර්මයන්ගේ විපාක ප්‍රත්‍යක්ෂයෙන් මනා සේ දැනගන්නා නුවණ කම්ප විපාක ඥානයයි. එය දස බල ඤාණයන්හි දෙවැන්නයි.
තෙවැනි ඥානය වූ සබ්බත්ත ගාමිණී පටිපදා ඥානය නම් අපාය ස්වර්ගයා දී සියලු ගතීන්ට යන්නාවූ කුසලාකුසල චේතනා සංඛ්‍යාත මාර්ගය සත්‍ය ආකාරයෙන් දැනගන්නා නුවණයි
සතර වැන්න නා නා ධාතු පටවේද ඥානයයි. එනම් පංචස්කන්ධය ධාතු ආයතන ආදීන්ගේ යම් ස්වරූපයන් එහි හට ගැනීම හා විනාශය පිළිබඳව දැනගන්නා නුවණයි
සත්වයන්ගේ හීනාබි මුත්තිකාදී හෙවත් අදහස් දැන ගන්නා නුවණ පස් වැනි වූ තානාදිමුත්තික ඥානයයි
එවැනි වූ ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානයෙන් සියලු සත්වයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන්ගේ අඩු වැඩි බව දැනගනී.
සත්වැනි ධ්‍යාන විමෝක්ඛ සංකී ලෙස ඤාණය වනාහි ප්‍රථමාදී ධ්‍යානයන්ගේත් අෂ්ඨ විමෝක්ෂාදීන්ගෙත් සචිතක්කාදී ත්‍රිවිධ සමාධීන්ගේත් ප්‍රථම ධ්‍යාන ආදී සමාපත්තීන්ගේත් කිලුටු බව පිරිසුදු බව නැගී සිටීම පිළිබඳව තතු පරිද්දෙන් දැනගන්නා නුවණයි.
සත්වයින්ගේ පෙර විසූ ආත්මභාවයන් දැනගන්නා නුවණ පුබ්බේනිවාසානුස්සති ඤාණය නමින් හැඳින්වෙන අතර එය දස ඥාන අතර අටවැන්නයි.
නව වැනි වූ දික්ක චක්ඛු ඤාණයකර්මානුරූපීව මිය යන්නා වූත් උපදින්නා වූ සත්වයන් පිළිබඳව දිවසින් දැකීම සිදුවෙයි .
ආශ්‍රවණයන් ක්ෂය කිරීම පිළිබඳවදැනගන්නා නුවණ ආසවක්ඛය ඤාණයයි එය දස ඥානවල දස වැන්නයි
“චරිත භික්ඛවේ චාරිකං බහුජනහිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සදේව මනුස්සානං”
යන බුද්ධ වචනයෙහි ඒ බව මනාව පැහැදිලි වෙයි. සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ එන ප්‍රකාශයක් අනුව බුදුන් වහන්සේ ධර්ම දේශනා කළේ කරුණු දෙකක් පදනම් කරගෙන බව පෙනේ.
එනම් මෙලොව දියුණුව හා පරලොවදින දියුණුව පදනම් කරගෙනයි. සත්වයාගේ සසර පැවැත්ම සසර ගමන ලෝකයේ ක්‍රියාකාරීත්වය ආදී කරුණු කෙරෙහි අවධානය යොමු කරමින්
🙏චතුරාර්ය සත්‍ය 🙏පටිච්චසමුප්පාදය 🙏කර්මය පුනර්භවය ත්‍රිලක්ෂණය
ආදී ගැඹුරු දාර්ශනික ධර්ම කරුණු බුදුන් වහන්සේ දේශනා කළා. එම ධර්ම කරුණු අවබෝධයෙන් නිවනට මග හෙළි වෙනවා.
මෙලොව දියුණුව සලසා ගත හැකි සූත්‍ර ධර්මයන් ලෙස ව්‍යග්ගපච්ච ,වසල, පරාභව සිඟාලෝවාද, වැනි සූත්‍ර පිළිබඳව සඳහන් කරන්නට පුළුවන්.
එපමණක් නොවෙයි එකල බමුණු දහමේ ඉගැන්වීම් වලින් හෙම්බත් වී ගිය භාරත ජනතාවගේ සිත් සතන් සැබෑ විප්ලවීය වෙනසකට යොමු කිරීමට මේ බුදුන් වහන්සේ විසින් දේශනා කළ කාලාම විමංසක ආරිය පර්යේෂණ වැනි සූත්‍ර දේශනාවන් පිටුවහලක් උනා.
“අත්තාභි අත්තනෝ නාථෝ කෝහිනාථෝ පරෝසියා”
වැනි ඉගැන්වීම්වලින් එකී කරුණු තවදුරටත් පැහැදිලි වෙනවා
ලෝකය තුළ පහළ වූ බොහෝ ආගම් දේව නිර්මාණවාදී ආගම් වේ. එහෙත් බුදු දහම ඊට ඉඳුරාම වෙනස්ය .
දෙවියන්ට වඩා මනුෂ්‍යත්වය අගය කළ දර්ශනයකි. මිනිසෙක් ලෙස ඉපිද උත්තරීතර තත්ත්වයට පත්වූ බුදුන් වහන්සේ දෙවියකු හෝ බ්‍රහ්මයකු නොව උත්තරීතර මනුෂ්‍යයකි.
ලොවට පහළ වූ මේ දර්ශනයෙන් එකල තිබූ දෙසැටක් මිත්‍යා දෘෂ්ටින් බුදුන් වහන්සේ විසින් බැහැර කරන ලද ආකාරය බ්‍රහ්මපාල සූත්‍රයෙන් පෙනේ .
විශේෂයෙන් බමුණු ආකල්ප අතර ප්‍රබල තැනක් හිමිවූ කුලවාදයට බුදුන් වහන්සේගේ දර්ශනය තුළ ඉඩක් නොවීය. එකල සමාජයේ කුල හීනයන් සේ සැලකුණු පහත් කුලවල අයට ශාසනයේ දොරටු විවෘත විය. සුනීත, සෝපාක, වැනි චණ්ඩාලයෝ බුදුදහමෙහි සැනසුම ලබාගත්හ .
පියමග රජතුමා දැක බලා ගැනීමට කිඹුල්වත් පුරයට වැඩි බුදුරජාණෝ ගෙපිළි වලින් පිඬුසිඟා වැඩියහ. එකල්හි පිය රජතුමා පිඬු සිඟා වඩින බුදුරජාණන් වහන්සේගේ පිටුපසින් ගමන් කොට තම රාජ වංශයට නිගා නොකරන්නැයි ඉල්ලා සිටියේය. එවිට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ තමන් වහන්සේගේ වංශය ශාක්‍ය වංශය නොවන බවයි.
මෙයින් පෙනී යන්නේ කුලය වංශය යන පටු ආකල්ප බුදුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කළ බවයි.
බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබිඹු කරන සාධක අතර අධිෂ්ඨාන වීර්යය හා පැමිණෙන බාධක හමුවේ නොසැලී තම උතුම් පරමාර්ථ ජය ගැනීම ආදී කරුණු වැදගත් වෙයි.
විශේෂයෙන්ම බුදුවීමෙන් පසු තමන් වහන්සේට නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවිය..
අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය එහිදී වඩාත් ඉස්මතු වී පේනවා.
මාගන්ධිය බැමිණියගේ අඩක් තේට්ටම් වලින් ද සුන්දරී පරිබ්‍රාජිකාවගේ සිද්ධියෙන් වූ අවමානයෙන්ද දෙව්දත් තෙරුන්ගේ හතුරුකම් වලින්ද උන්වහන්සේ කම්පා නොවූහ. සියලු දුක් කරදර මැදිහත් සිතින් ඉවසා වදාළ සේක. උන්වහන්සේ සියල්ලන්ටම මෙත් වැඩූහ. අසරණයින්ට පිහිටවූහ.
සිත දූෂණය වූ විට ඇතිවන්නේ කුමන සාමයක්ද.. පුද්ගල සාමය සමාජගත සාමයට මග පාදන බව අප තේරුම් ගත යුතුයි. එයින් බුදුන් වහන්සේ
“”සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මචුනෝ අත්තානං උපමංකත්වා නහනෙයිය න ඝාතයේ”” යනුවෙන් වදාළ සේක
සියලු සත්වයෝ දඬුවමටත් මරණයටත් බිය වෙති. තමා උපමා කොටගෙන අනුන්ට හිංසා නොකළ යුතුයි. අනුන් ඝාතනය නොකළ යුතුයි. යන්න ඒ ගාථාවෙන් කියවෙනවා. මේ බුදු දහමේ උගන්වන සාම මාවතයි. වෛරයෙන් වෛරය යහපත් නොවේ. මේ අනුව යහපත් ලෝකයට අවශ්‍ය දැනුම කරුණාවන්තකම දෛවය හා සාමය බුදු දහමින් සපයා තිබෙනවා.
එපමණක් නොවෙයි,,, නූතන ලෝකයට අවශ්‍ය අධීන චින්තනය ද එහි අන්තර්ගතයි. එම නිසා මේ උතුම් දහම ලෝකයටම උරුම කර දීමෙන් සැමට යහපත උදාවෙනවා. සාමය ගැන කතා කරන විට බුදු දහමේ ඉගැන්වෙන දේශපාලන දර්ශනය ගැන ද සඳහන් කළ යුතුයි.
විශේෂයෙන් මෙහි ලා දස රාජ ධර්ම අතිශයින් වැදගත්ය. රටේ ප්‍රධානියා ප්‍රතිපත්තිගරුක සත් චාරිත්‍ර අගය කරන විෂමාචාර ගති පැවතුම්වලින් වැළකුණ පුද්ගලයකු විය යුතුයි. මෙය පාලකයාගේ පෞරුෂ සංවර්ධනය කෙරෙහි බෙහෙවින් බලපායි. රටේ සිටින ජනතාවට පරිත්‍යාගශීලීව සැලකිය යුතු බවත් සඳහන් වෙනවා.
බුදු දහමේ උගන්වන සතර බඹ විහරණය ද සහනශීලී සමාජයකට මං පෙත් විවර කරනවා. එහි පළමුවැන්න මෙත්තාව උස්මිටිකම් භේද කිසිත් නොසලකා සැමට මෙත් වැඩීම එයින් ඉගැන්වෙනවා. කරණීය මෙත්ත සූත්‍රයෙන්ද ඉගැන්වෙන්නේ එයමයි. බෝසත් කාලයේ සිට බුද්ධත්වය දක්වා වූ බුද්ධ චරිතයෙන් ඒ කාරණයට අදාළව කොතෙකුත් උදාහරණ දක්වන්නට පුළුවන්ද?
මුදිතාවෙන් අන්‍යයන්ගේ දියුණුව සැපත ජයග්‍රහණය දැක සතුටු වන ආකාරය ගැන කියැවෙනවා. එමගින් සුඛිත මුදිත සමාජයක් ළඟා කර ගත හැකියි
උපේක්ෂාව තුලින් එක පිළකට නොවැටී අන්තගාමී නොවී මැදිහත් සිතින් කල් ගත කිරීම පුහුණු වෙනවා. අන්තවාදී වීම සමාජ ප්‍රගතියට හිතකර නොවෙයි.
කවර සමාජයක වුවත් දියුණුවට ඉවහල් වන අනෙක් කරුණ වන්නේ සතර සංග්‍රහයයි. එකී සතර සංග්‍රහ වස්තූන්ය…
දානය නම් දීම හෙවත් පරිත්‍යාගයයි.
ප්‍රිය වචන නම් ප්‍රිය උපදවන වචන කතා කිරීමයි. එමගින් පුද්ගල අන්තර සුහදතාවය ගොඩනැගෙනවා. සමාජ ප්‍රගතිය සඳහා මේ ඉගැන්වීම් දායක කරගන්නට පුළුවන්.
අර්ථ චර්යා නම් අනුන්ගේ දියුණුව පිණිස ක්‍රියා කිරීමයි.එයද පුද්ගල දියුණුව පිණිස ඉවහල් වෙනවා.
සමානාත්මතාව නම් කුල ගෝත්‍ර ජාතිය ආගම් භේදයකින් තොරව උස් පහත් කම් නොසලකා සැමට සමානව සැලකීමයි.
පුද්ගල පාරිශුද්ධියත් සමාජ ප්‍රගතියත් ඇති කරන සහනශීලි සමාජ වාතාවරණයක් ගොඩනැගීමට ඉවහල් වන අංගයක් ලෙස සදාචාර හර පද්ධතිය හඳුන්වා දෙන්නට පුළුවන්.. එහිලා බුදුදහම විශේෂ කාර්යභාරයක් ඉටු කරයි…
විශේෂයෙන්ම පංචශීල ප්‍රතිපදාව මෙහිලා වැදගත් වේ. සිගාලෝවාද සූත්‍රයේ ඉගැන්වෙන යුතුකම් හා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය ද සදාචාර සංවර්ධනයෙහිලා දායක වෙයි.
මේ කරුණු අනුව පෙනීයන්නේ බුදු දහම සමාජ ප්‍රගතිකාරක දර්ශනයක් බවයි. එම නිසා ලොවට සැනසිල්ල උදාකරන බුදුවරුන්ගේ පහළ වීම ලොවටම සැපයක් බව පැහැදිලියි..එයට වූ ආධාරකය බුදුදහමයි. එහි ආධාරක විද්‍යාව ඇත්තේ බුදු දහමෙහියි.
ආදරය ..කරුණාව.. සදාචාරය.. සමානාත්මතාවය.. සහ සහජීවනය.. පිරි හෙටක් ඔබ අප සැමට උදාවීමට බුද්ධ ශක්තියේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා…
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood