සුඛිත වූ මුදිත වූ ජීවිතයේ පැවැත්මට බුදු දහම පිහිටවෙයි
“සමාජයක සදාචාරාත්මක චරිත සංවර්ධනය හා එයට සමගාමී වූ අධ්‍යාත්මික ශික්‍ෂණය නිසැකවම රඳා පවතින්නේ ආර්ථික වශයෙන් මිනිසුන් සුරක්ෂිත වූ විටය” යන්න බුදු සමය ඉඳුරාම පිළිගනී.
එබැවින් වඩාත් විධිමත්ව ඉදිරිය බලා සම්පත් ඉපැයීම පිණිසත් සැලසුම් සහගතව දැහැමිව ඒවා පරිභෝජනය කරනු පිනිසත් බෙහෙවින්ම ප්‍රායෝගික හා ඵලදායක මගපෙන්වීමක් බුදු දහමෙන් ඉදිරිපත් කරයි කරයි.
මිනිසුන් සුවපත් වන්නේ සුඛිත වන්නේ මුදිත වන්නේ තම දිවි පැවැත්මට ප්‍රමාණවත් වූ භෞතික සම්පත් ඇති කල්හිය.
එසේම සම්පත් විධිමත් ව හා දැහැමිව පරිභෝජනය කරන කල්හි ය.අනුනට ණය නොවී ස්ව ශක්තියෙන් ජීවත් වීම සාමකාමීව යහපත් සමාජයක් ආශ්‍රය කිරීම , සරිලන වැය පිළිබඳව අවධියෙන් ක්‍රියා කිරීමට එබඳු ආර්ථික දියුණුවක් තුලින් දැකිය හැකිය.
ආර්ථික සුරක්ෂිතතාවය තහවුරු වන්නේ හුදෙක් එසේ ඉපයීම මත පමණක්ම නොවේ .
උපයන සම්පත් විධිමත්ව සැලසුම් ගතව පරිභෝජනයද කළ යුතුයි.
මේ ආකාරයෙන් මානව අවශ්‍යතා සම්පූර්ණ කරගන්නට උපකාරී වන තෘප්තිමත් සුඛිත දිවි පැවැත්මකට පිහිට වන සුරක්ෂිත ආර්ථිකයක් නොමැති සමාජයක මිනිස්කම පිරිහී යන සැටිද බුදුදහම පෙන්වාදී ඇත.
දීඝ නිකායේ චක්‍රවත්ති සීහනාද සූත්‍ර සූත්‍රයෙහි මෙසේ සඳහන් වෙයි. මහණෙනි ජනයාට ධන උපායන මාර්ග මතු නොවන කල්හි දිළිඳු බව තව තවත් වර්ධනය වෙයි. දුප්පත්කම එසේ වර්ධනය වූ කල්හි දිවිරක්නා මගක් නැති දිළින්දෝ සොරකමට යොමු වෙති. එසේ සොරකම් වැඩි දියුණුවන විට අවි ආයුද බහුල වෙත්.. ඒ හේතුවෙන් පර පණ නැසීම බහුල බවට පත්වෙයි.. එයින් කේලාම් කීම වර්ධනය වෙයි. කේලාම් කීම වර්ධනය වන විට කාම මිථ්‍යාචාරයද එයින් පරුෂ වචනයද හිස් වදන් කීමද වැඩි දියුණු දියුණු වෙයි.
ඒ හේතුවෙන් අධික ලෝභකමකින් ව්‍යාපාද නම් වූ පරවි භේදනයක් වැඩිදියුණු වෙයි. එයින් වැරදි වැටහීම් වැඩිදියුණු වී අධර්මයෙහි ඇල්මද විෂම ලෝභයද මිථ්‍යා ධර්මයද වර්ධනය වෙයි
මෙකී දැවැන්ත සාරධර්ම පරිහානියක් සමග මව පියා නොතකන මහණ බමුණන් ගරු නොකරන වැඩිහිටියන්ට යටහත් පැවතුම් නොදක්වන සමාජයක් ඇතිවෙයි.
ආයුෂ ද පිරිහී යයි වර්ණයද පිරිහී යයි මේ ආර්ථික පරිහානිය දුප්පත් සමාජ පරිහානිය මානව සාරධර්මයන්ගේ බිඳ වැටීම පිළිබඳ යථාර්ථයයි .
මෙහිලා කාල දේශ ජාති වෙනසක් නැත සර්වකාලීන සර්ව දේශීය යථාර්ථය එයයි. මෙම තත්ත්වය වත්මන් සමාජය තුළ ඉතා පැහැදිලිව දක්නා ලැබේ.. ආර්ථික වශයෙන් සංවර්ධනය නොවූ දුප්පත්කම රජයන සමාජයක් තුළ සාරධර්මයන් ස්ථාපිත කිරීමට දරන උත්සාහය නිෂ්ඵල වන හැටිද පෙන්වා දෙනු ලැබේ.
දිළිඳු බව බෞද්ධයෙකුට ආශිර්වාදයක් නොවේ. සැබවින්ම ඒ වූ කලී නිවන් මඟට ආවරණයකි. සමාජයක නීතියද සාමය ද යුක්තිය ද සැකෙවින් කිවහොත් සියලු මනුෂ්‍ය ධර්මයන්ද බිඳ වැටෙන්නට මුල් කාරණයක් වන්නේ දිළිඳුකමයි.
නැතිබරිකම යැයි පෙන්වා දෙන මෙම හේතූන් තව තවත් සාහසිකව ඔවුහු සොරකමට පරපණ නැසීමටද යොමු කරවයි..
සිය රාජ්‍ය තුළ උද්ගතව පැවති මහා ජන අසහනය දිළිඳුකමෙන් උපන් පොදු ජන ගැහැට නොදැන සිටි සැප සම්පත් ආඪ්‍යව වැජඹුණු රජෙකුට ඔහුට උපදෙස් දෙන පුරෝහිත බමුණුත් තෙමේ දිනක් මෙසේ කීයේය.
ඔබේ රට සොර උවදුරු සහිත වෙයි. සොර උවදුරින් මිරිකුණේ වෙයි. ගම් පැහැරගම් දක්නා ලැබෙයි. නියම්ගම්ද පැහැර ගැනීම්ය.. එබඳු උවදුරු ඇති රටේ ජනතාවන්ගෙන් බදු අය කිරීම නොකටයුත්තකි. වද දීමෙන් හෝ බැඳ දැමීමෙන් හෝ දැඩි දඩ ගැසීමෙන් හෝ හිස මුඩු කර ගැනීමෙන් හෝ මෙම උවදුර නැති කළ නොහැකිය…
මෙසේ ආර්ථික පීඩනය දිළිඳුකම පාදක කොටගත් මානව ක්‍රියාකාරීත්වය ඒ ආත්මාර්ථකාමී වූ බලයෙන් යුතුව සිටි රජුට එරෙහිව කැරැල්ලක් ඉපිදවූ බව පෙනේ. එය අවි බලයෙන් මර්ධනය කළ නොහැකි බව පුරෝහිත තෙමේ අවධාරණය කළේය..
ඒ සඳහා විවිධ වූ ක්‍රියාමාර්ගයන් මහජනතාව වෙනුවෙන් ගත යුතු බව අනතුරුව හෙතෙම කියයි.
එහි පළමුවැන්න වන්නේ ගොවිතැනය. ගව මෙහෙයේ යෙදෙන නිෂ්පාදන කාර්යයන්හ නිරත මහජනතාවට ධාන්‍ය බිජුවටද බත් දිය යුතුය .
මෙයින් නිපදවීම් වැඩිදියුණු වනු ඇත මෙහි දෙවැන්න හැටියට රාජ්‍ය සේවාවන් හි නිරතවන්නන්ට ඔහු නිසි තනතුරුවල පිහිටුවා නිසි පරිදි බත් වැටුප් ලබා දීම යනාදී මෙයින් පරිපාලනය විධිමත් වෙයි
ඒ ත්‍රිවිධ සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැගීමෙන්ජනතාව සුඛිත මුදිත වන සේ ආර්ථික පීඩනය දිළිඳු බව නසාලන තුරු සොර උවදුරු මැඩිය නොහැකිය.
රජුට එරෙහි වූ ජනතා නැගිටීම වැළැක්විය නොහැකි යැයිද සඳහන් වෙයි
සාමාජයීය සොර මැරකම් පැතිරෙන්නේ මහජනයා අතරේ බදු බර පැතිර ගොස් සාරධර්ම වැනසීයාම හේතුවෙනි.
ආර්ථිකමය දුෂ්කරතා හේතුවෙන් දුෂ්කරතා නැති කරලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වගකීම බවද පෙනී යයි..
මේ ආර්ථික සංවර්ධන ක්‍රියා මාර්ගයන් හේතුව තිබියදී ඵලයට පිළියම් කිරීමෙන් රෝග නිවාරණය කළ නොහැකියි. මෙහි එන රෝග හේතුව නම් දිළිඳුකමයි.
සාරධර්ම තහවුරු වන්නේ දිළිඳුකම වැඩලීමෙනි. එනම් හේතුවට පිළියම යෙදීමෙනි…
බුදු දහමේ පිහිටෙන් සුඛිත ජීවිතයක් ලබා ගැනීමට අප ඔබ සැමට හැකි වේවා…
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood