දෙවියන්ට වටින්නේ පඬුරු නොවේ
හින්දු ධර්මයේ මූලාරම්භය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තෙක් ඉතා අෑත අතීතයකට දිව යන්නකි.
දේවවාදයෙන් බැහැරව බහුදේවවාදී සංකල්පයකින් හෙබි හින්දු ධර්මයේ ප්රධාන දෙවිවරු තිදෙනෙක් සිටිනවා. ශිව, විෂ්ණු, බ්රහ්ම යනු එම දෙවිවරු තිදෙනාය. ලෝකයට ආගම යන සංකල්පය බිහිවූයේ මිනිසා තුළ ශිෂ්ටත්වයක් ඇති කිරීම අරමුණු කරගෙනයි.
මිනිසා තුළ යහපත් ගති පැවතුම් ඇති කිරීමත්, ආකල්ප සංවර්ධනය කිරීමත් ආගමික ඉගැන්වීම්වලින් සිදු කරනවා. ඇතැම් විට ඔවුන්ගේ බාහිර ස්වරූපය යම් ආකාරයට දරුණු ස්වභාවයක් ගත්තද සංකල්පීය වශයෙන් එහි කිසිදු දරුණු බවක් හෝ ප්රචණ්ඩත්වයක් නොමැත.
හින්දු ධර්මයේ ප්රභවය වෛදික ශිෂ්ටාචාරය දක්වා දිව යයි. ඉතා සංකීර්ණ විශ්වාස සහ සම්ප්රදායන්ගෙන් සමන්විත හින්දු ආගමට එක් ප්රධාන ශාස්තෘවරයකු නැත. ඉහත සඳහන් කළ පරිදිම හින්දු ධර්මය බහු දේවවාදී වේ. හින්දු ආගම සම්බන්ධයෙන් අධ්යයනය කිරීමට විවිධ ග්රන්ථ කිහිපයක් ඇත. ශ්රැති සහ ස්මෘති වශයෙන් දීර්ඝ කාලයක සිට පැවැත එන මෙම ග්රන්ථවල දේව ධර්මය, ධාර්මික දිවිපෙවෙතක් ගත කරන ආකාරය සම්බන්ධවද කරුණු සඳහන් වේ. එමෙන්ම වේද, උපනිෂද්, තන්ත්ර, පුරාණ, මහාභාරත, රාඇතුළත්මායණය, භගවත් ගීතාව ආදී ග්රන්ථ වෙනවා. මෙම සෑම ග්රන්ථයකින්ම අපට උගන්වන්නේ ධාර්මික දිවි පෙවෙතක් පවත්වා ගන්නා අයුරුය.
එහෙත් එම ඉගැන්වීම් ප්රායෝගික ජීවිතයට අදාළ කරගන්නේ කීයෙන් කී දෙනාදැයි ඇත්තේ සැකයකි.
ප්රායෝගික හින්දු දහම යනු යහපැවැත්ම සාක්ෂාත් කර ගැනීමේ ගවේෂණයක් වන අතර දුක්ඛිත මූලාශ්ර සොයා ගැනීම සහ ඒවා ඉවත් කිරීම හෝ සංසිඳවීම උපාය මාර්ග සමූහයක් බව හින්දු ධර්ම ග්රන්ථවල සඳහන් වේ.
තවත් සමහරු යෝග භාවනා ක්රම පුහුණු වෙනවා. මෙවැනි ප්රායෝගික ක්රම මඟින් ප්රශ්නවලට මුහුණ දීමට අවශ්ය මානසික ශක්තිය සහ මානසික ඒකාග්රතාව සංවර්ධනය වෙනවා. එලෙස මානසික සන්සුන්භාවය තිබීමෙන් හොඳ හා නරක මනා ලෙස වටහා ගැනීමටද හැකියි.
කරන්නාවූ යම් දෙයක් වේද අවබෝදයෙන් හා කල්පනාවෙන් හා යහපත් හැගීමෙන් ඉටු කිරීමට අප සමත් වන්නේ නම් එහි මහා බලයක්ද ඇත. එවිට දෙවිය්ල්ල්න් උදෙසා තුති පඬුරු අවශ්ය නොවෙයි…මනසින් ක්රියාත්මක වන බැදීම් වල තිබන අධ්යාත්මික හරය වටහා ගනිමු.
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood